ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 100ම ඉන්දියාව සතුවී අවසන්..- ගම්මන්පිල

October 4, 2021 at 2:10 pm | lanka C news
ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 100ම ඉන්දියාව සතුවී අවසන්..- ගම්මන්පිල

ත‍්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 100 ම ඉන්දියාව සතු වී අවසන් බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්දියාව සමග අත්සන් කරන ලද ඉන්දු ශ්‍රී ලංකාව ගිවිසුම යටතේ ඒවා ඉන්දියාවට අයත් වී ඇතැයිද ඇමතිවරයා පැවසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ සදහන් කර සිටියේය.

ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එකතු වී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දියානු විදේශ ලේකම්වරයාත් මමත් ත්‍රිකුණාමලයට ගොස් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට භාර දීමට කටයුතු කරමින් ඉන්නවා කියලා එම මාධ්‍ය හමුවේ දී චෝදනා නගනවා. තමන් සේවය කරන ස්ථානය පිලිබඳ නිවැරදි තොරතුරු වෘත්තීය සමිති විසින් නොදැන සිටියත් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන ටැංකි සීයම 1987 සහ 2003 අත්සන් කල ඉන්දු – ලංකා ගිවිසුම් අනුව ඉන්දියාවට බාර දීලා හමාරයි. මා ඉන්දියාව හා ගැටෙමින් වසරක් පුරාවට උත්සහ දරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි නැවත ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් පමණමයි.

අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රිකෙනෙක් මෙන්න උදය ගම්මන්පිල ඇමතිතුමයි ඉන්දියාවේ විදේශ ලේකම්තුමයි ත්‍රිකුණාමලයට ගමන්කරණ හෙලිකොප්ටරයේ දර්ශණයක් කියලා, මාධ්‍ය වලින් හෙලි කොප්ටරයක්ද පෙන්වනවා. ඒ ලේකම් වරයා මා සමග හෙලිකොප්ටර් සවාරි යනවා තබා මා හමු වීමට අවස්ථාවක් වත් ඉල්ලා නෑ. එමෙන්ම ඉන්දියාවේ දී ප්‍රසිද්ධ කර තිබුණු ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරණු ලබන කාරනා අතර මා සමග සාකච්ඡා කිරීමට අදාල හෝ මගේ විශයට අදාල කිසිදු කරුණක් සදහන් වෙලත් නෑ.

දේශපාලනික ස්වාමීන්වහන්සේ නමක් වන පූජනීය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ තෙල් ටැංකි 85ක් ඉන්දියාවට දෙන්න තමයි මේ උත්සහා දරන්නේ කියලා මාධ්‍ය ඉදිරියේ කියනවා. ඉන්දියාවට දෙන්න තෙල් ටැංකි 85ක් අපිට නෑ. තිබෙන තෙල් ටැංකි 100 ම උන්වහන්සේ ගේ ආශිර්වාදය ලබන සමගිජන බලවේග නායකයන් කලින් හිටපු එක්සත් ජාතික පක්ෂය විසින් ඉන්දියාවට ලබා දී හමාරයි. උදය ගම්මන්පිලට ඉතිරිව ඇත්තේ යලි එය ඉන්දියාවෙන් ලබාගැනීම පමනයි කියන එක අපේ පූජනීය ඕමල්පේ නායක ස්වාමීන්වහන්සේට ඉතාම නමස්කාර පූර්වකව සිහිපත් කරනවා. අපේ නායක හාමුදුරුවනේ ඔහොම බොරු කියන්න එපා දේශපාලනික අරමුණු වෙනුවෙන්. මොකද මුසාවාදා සිල්පදය ගිහියන්ට වගේම ඔබ වහන්සේලාටද අදාලයි කියන එක නමස්කාර පූර්වකව උන්වහන්සේට සිහිපත් කරණවා.

මේ සතියේ පාර්ලිමේන්තුවට එන පනත කුමක් ද?

ඒ වගේම තෙල් සංස්ථාවේ ඒකාධිකාරය බිඳින්න පනතක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාය ඒකට අපි විරුද්ධ වෙනවාය කියන එක විපක්ෂයේ මන්ත්‍රිවරුනුත් තෙල් සංස්ථා වෘතීය සමිතිත් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශකර තිබෙනවා. ඔක්තෝම්බර් මස 6 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන ඛනිජතෙල් සංවර්ධන පනතින් සිද්ධවෙන්නේ වසර දහස් ගණනක් මහපොලව යට සැගවී තිබෙන මේ රටේ තෙල් සහ ගෑස් සම්පත ගොඩට ගෙන රටක් ගොඩදාන සැලැස්මට අදාල නීති විධිවිධාන තියෙන පනතක්. තෙල් සංස්ථාව ගැන එක වචනයක් මෙම පනතේ කොතනකවත් සදහන් වෙන්නේ නෑ. මහ පොලව යට සැගවී තිබෙන තෙල් හා ගෑස් සම්පත ගොඩ දාලා රට ගොඩදාන්න අපි දරණ වෑයමට කවුරුන් හෝ විරුද්ධ වෙනවනම් ඒ විරුද්ධ වෙන්නේ මව්බිමේ සතුරන් පමණයි කියන එක අපි ඉතාම කනගාටුවෙන් වුනත් සිහිපත්කරණ්න ඕනෑ.

මීට මාස දෙකකට පමණ පෙර ඔය වෘතීය සමිතිවලම අය ඇවිත් ලංකාවේ තෙල් හිඟයක් ඇති වෙනවා යැයි මාධ්‍ය හරහා කිව්වා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න යනවයි කිව්වා. ඛනිජතෙල් හිගයක් ඇතිවෙනවයි කිව්වා. තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අහෝසිවෙන පනතක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කිව්වා. මේ අයගෙන් බොරු තුනයි. ඒ නිසා මේ අය කියන දේවල් තව දුරටත් විශ්වාස කල හැකිද කියන එක මේ රටේ ජනතාව විසින් තීරණය කල යුතුයි.

විශේෂයෙන්ම තෙල් ටැංකි එජාප ආණ්ඩු විසින් ගිවිසුම් දෙකකින් ඉන්දියාවට බාරදෙන විට නිහඬව සිටි එජාප වෘත්තීය සමිති මම ඒවා ඉන්දියාවෙන් ආපසු ගන්න හදන විට “ඉන්දියාවට දෙනෝ” කියලා කෑ ගැසීම දෛවයේ සරදමක් විදිහටයි අපිටනම් හදුනාගන්න පුළුවන් වෙන්නේ.

ඉන්දියානු විදේශ ලේකම් වරයා ත්‍රිකුණාමලයට ගියා තමයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකිද බැලුව තමයි. පසුගිය රජය එය ඉන්දියාවේ භුක්තියට බාරදීලා තියෙන නිසා ඒ අයට සම්පුර්න අයිතියක් තියෙනවා ඒ අයට ඒක බලන්න යන්න. ඒක කාගෙන්වත් අහන්න, අවසර ගැනීමේ අවශ්‍යතාවක් නෑ, අපි හදන්නේ මේ තෙල් ටැංකි ටික නැවත අපේ භාවිතයට ලබාගන්න. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන යකඩ ගොඩක් බවට පත්ව ඇති මේ තෙල් ටැංකි රටේ ප්‍රයෝජනයට ගැනීමට හදද්දී ඊට විරුද්ධ වෙන්නේ රටේ සතුරන් පමණයි කියන එක අප නැවත වතාවක් කියනවා.

ඉන්දියානු විදේශ ලේකම් ත්‍රිකුණාමලයේ යන්නේ අපේ තෙල් ටැංකි ගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නායකයා කිව්වාම අනිත් වෘත්තීය සමිති නායකයින් කිසිම සොයා බැලීමකින් තොරව අපේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න යනවෝ කියා මුර ගාන්න පටන් ගත්තා. වෘත්තීය සමිති තමන්ගේ ආයතනය වෙනුවෙන් සොයා බැලීම කතාකිරීම ඇත්තෙන්ම හොද දෙයක්. නමුත් ඔවුන් තම අදහස් පල කල යුත්තේ කරුණු සොයා බලා සත්‍ය තොරතුරු මත පදනම්ව තාර්කිකව මිස ඕප දූප මත පදනම්ව ආවේගශීලීව නොවේ.

මේ අය රටේ ඇති කල බොරු කලබැගෑනිය දැක්කම මට සිහිපත් වෙන්නේ තල් ගසක් යට නිදා සිටි හාවෙක් තල් ගෙඩියක් තල් අත්තට වැටෙන විශාල ශබ්දයක් ඇහුනම වහාම නින්දෙන් බයවී ඇහැරලා ලෝකය පෙරලනවෝ කියලා කැලය හරහා දුවන කොට අනික් සත්තුත් කිසිදු වග විභාගයකින් තොරව හාවා පිටුපස ලෝකය පෙරලෙනවෝ කියමින් දිව්ව කතාවයි. තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න යනවෝ කියන කතාව කියද්දී අඩුම තරමින් දැන් තෙල් ටැංකි තියෙන්නේ කා ගාවද කියන එක සොයා බලන්නේ නැතුව අපේ තෙල් ටැංකි දෙනවෝ කියල හඩ නගන වෘතීය සමිතිත් අර හාවා පිටුපස ලෝකය පෙරලෙනවෝ කියමින් දුවපු සත්තු රැලත් අතර කිසිම වෙනසක් මටනම් පෙනෙන්නේ නෑ.

ප්‍රශ්නය

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන අය කියන්නේ 2023 වසරේ අපට මේ තෙල් ටැංකි යළි ලැබෙන්න තියෙනවා කියලා නේද ?

පිළිතුර

කොහෙද මේ තෙල් ටැංකි 2023 දෙනවා කියලා තියෙන්නේ. අවාසනාවකට ඔවුන් ගෙන් එක මාධ්‍ය ආයතනයක් වත් මේ ගැන ප්‍රශ්න කළේ නැහැ. පොතක් පතක් ගිවිසුමක් බලන්නේ නැතුව මේ අය සඳහන් කරන්නේ. 1987 සහ 2003 වසරවලදී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් අනුව මේ තෙල් ටැංකි සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබාදී ඉවරයි. මම උත්සාහ කරන්නේ ඒ තෙල් ටැංකි නැවත ලබා ගන්නයි. මේ තෙල් ටැංකි තිබෙන්නේ ඉන්දියාව ගාව. ඒක දීල තිබෙන්නේ සදාකාලිකව. මම ආරාධනා කරනවා ඉන්දු ලංකා ගිවිසුමේ කොටසක් වන ඉන්දු ලංකා ගිවිසුම සමඟ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමන් සහ රජිව් ගාන්ධි අගමැතිතුමා හුව මාරු කරගත් ලිපි වල දෙවන ඡේදයේ තුන්වන අනු ඡේදය කියවන්න. ඒ හරහා මේ තෙල් ටැංකි අපිට සංවර්ධනය කල හැක්කේ ඉන්දියාව සමග පමණය කියලා වගන්තියක් තියෙනවා. එහෙම තිබිය දී ඒක වෙනස් කරගන්න මම සටනක් කරන විට මේ කට්ටිය කියනවා 2023 දී දෙනවා කියලා. ඒක පට්ට පල් බොරුවක්. තෙල් ටැංකි 2023 දෙනවා කියල කියන ගිවිසුමේ වගන්තිය මොකක් ද කියලා අපි ඒ උදවියගෙන් ප්‍රශ්න කරනවා.

මම ඇමතිධූරයට පත්වුණත් හරි අද දක්වා ඉන්දියානු විදේශලේකම් සමග නොව වෙනත් කිසිම කෙනෙක් එක්කවත් හෙලිකොප්ටර් සවාරියකට එක් වී නෑ කියලා ඉතාම වගකීමෙන් කියනවා.

තෙල් ටැංකි අපි ගාව තියෙනවා ඒක ඉන්දියාවට දෙන්න යනවා කියලා මොහොතකට හිතමු. තෙල් ටැංකි ත්‍රිකුණාමලයේ තිබුණා කියලා ත්‍රිකුණාමලයේ යන්න ඕන නෑ තෙල් ටැංකි දෙන්න. 1964 තෙල් ටැංකි සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුම, 1987 ඉන්දු ලංකා ගිවිසුම, 2003 තෙල් ටැංකි සම්බන්ද ගිවිසුම කියන ගිවිසුම් තුනම අත්සන් කලේ කොළඹ. 2017 ගිවිසුම අත්සන් කලේ නව දිල්ලියේ. ඒ නිසා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධ කිසිම ගිවිසුමක් තෙල් ටැංකි අසල සිට අත්සන් තබා නෑ. ලෝකයේ මොන මුල්ලක සිට අත්සන් කලද ගිවිසුම අදාලයි. ඒ නිසා හෙලිකොප්ටරයේ නැගලා තෙල් ටැංකි අභියස සිට ගිවිසුම් අත්සන් කිරීමේ අවශ්‍යතාවයක් නෑ.

– media unit

94,636 views

26 Comments to “ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 100ම ඉන්දියාව සතුවී අවසන්..- ගම්මන්පිල”

  1. """"දූශිත''රාඡපූස්ස වඩිගයන්" බලයෙන් පන්නා දැමීමට සියල්ල සූදානම්,.! says:

    රටට අවාසිදායක සියළු ගිවිසුම්වලින් ඉවත්වීම, සහ සවෙෙරීතවයට අනිසි බලපෑම් සිදුකරන ලෝක සංවිධාන වලින් ඉවත්වීම යන නානාවිධ විදේශ බලපැම් වලින් මිදීම සඳහා ශ්‍රෘඡු තීන්දු ගැනිම සඳහා බහුතර 69 ලකෂයක ඡන්ද බලයෙන් ප්‍රඡාතන්ත්‍රයට අනුව ස්‍රෘඡු නායකයකු පත්කරගනු ලැබුවේ,.!

    69ලකෂයක ඡනවරමක්, සහ 2/3 ක පාර්ලිමෙන්තු බළයක් සහිත යුධහමුධා නිලධාරියකු ඡනාධිපති ලෙස පත්කරනු ලැබීමේ ඒකායන බලාපොෙරාත්තුව දශමයකදු හකුළා ගැනීමට මාත්‍රෘභුමිය රකින කිසිම හෙළයකු විසින් අනුමත නොකරනු බව අවධාරණය කර සිටින්නෙමු,.!

    , විදේශයන්හිවූ ද සම්පත් රටතුලට ඵකතු කිරිමට මෙන් වහසිබස් දොඩමින් වංචාවෙන් ප්‍රෝඩාවෙන් බලයට පැමිනි ”රාඡපූස්ස වඩිගයන්” රොඩියන්”
    වහල් මනසින් උත්පත්ය ලද වංචනීක අවශේෂ පාහරයන්, ඡාතික සම්පත් විඡාතීයන් සතුකීරීම වහාම නවතා දැමිය යුතුයි ,.!

    ”ඡාතික සම්පත් වංචනිකව සමාගම් බවට පත්කර ”රිසිසේ කෙටස්වලට කඩා”පවුලතුල බෙදාගනිමින් ඉතිරිය විදේශිකයන් අතට පත්කරනා ”නන්දසේන වහල් වංචනිකයා, ඇතුළු වංචනික දූශිත ”රාඡපූස්ස වඩිගයන්” බලයෙන් පන්නා දැමීමට සියල්ල සූදානම්,.!
    අවදියෙන් සිටින්න,.!

    • සඳරුවන් says:

      ගම්මන්පිල බොරු කියනවා………… ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වල අයිතිය ඉන්දියාව සතු නෑ…….. ගම්මන්පිල ඉන්දියාවට කඩේ යනවා…..

  2. tharaka says:

    Metha kiyawana ekektawath terenne na me mokuth.. nikn gobilayo tiakak witharai me rate inne… JR gahala tiyana agreement eka rate nithiyak , 13 wana wiwashtha sanshodanya kiynne ekata… mona magula karath oya oil tanks tika develop karanna one india eka. wena karanna deyak na.. ekata wisaduma tiynne aluth wiwasthwak genaka eka,,, eka lesi na ekai modi kalinma gota ta indiwata enna kiyala kiuwe,, eka hinda moda gobbayo wage buranne nathuwa dannethi dewal kiyawala igena ganilla… okkoma ekathu une nathm me JR lokka gahala tiyana nul bolen galawenna ba….moda minsssu wage kagahala anith rata walata udau denna epa

  3. ගන්මන්පිල වංචනිකයෙක්,. says:

    අධෝ මාර්ගය ඡීවකාව කර ගන්නා ගන්මන්පිල නපුංසකයෙක්,..!
    මංපහරන්නන් වු අවශේෂ වංචනිකයන් සිංහ වෙස් ගන්නාලද කොටළුවන්ට ”සරළව ”අභියොග කරන අතර , වසුරැ බුදිනා සුණඛයන් සේ රට ඡාතියට උරැම ඡාතික සම්පත් පාවාදෙන දූශිත මිත්‍යාධුශඨික”රාඡපූස්ස වඩිගයන් විසින් සිදුකරනා” මහඡන බුද්ධියට නිගරැකීරීම ,අපහාස කිරීම වහාම නවතා දැමිය යුතුයි!

  4. අමිල says:

    එතකොට ඇමතිතුමෝ ඔය කියන තෙල් ටැංකි ඉන්දියාවට දෙන හිලව්වට ඉන්දියාවෙන් අපිට මොනවාද දුන්නේ ? ඇයි ඒ ගැන කියන් නැත්තෙ?

  5. Ukkuna says:

    Indiyawen dunne
    Palath baba Nomile.
    Indiyawata Tanks….

  6. saman says:

    Gammanpila-
    Sorry !
    Your political carrier is over/All your dramas are now surfacing