ත්රිපිටකාභිවන්දනාවේදී අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ට උස් අසුන් පැනවීම ගැන අමරපුර මහ නිකායත් විරෝධය පායි.. මෙය රදලවාදයදැයි අසයි..
April 1, 2019 at 3:00 pm | lanka C news
ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේදී පැවැති ත්‍රිපිටකාභිවන්දනා උත්සවයේදීය මහ නායක හිමිවරුන්ට අසුන් පනවා තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ද විරෝධය පළකරයි.
එම සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය මාදම්පාගම අස්සජි නාහිමියන් පවසන්නේ එදින තුන් නිකායේ මහ නායක හිමිවරුන්ට සම අසුන් පැනවූ වූයේ නම් ඉතා අගනා වන බවයි.
එදින රටට ප්‍රදර්ශනය වූයේ බෞද්ධ දර්ශනය තුළ නැතැයි කියා ප්‍රකාශ කරන නිකාය භේදය හා කුල භේදය නැතිනම් රඳලවාදයදැයි නොදන්නා බව උන්වහන්සේ කියා සිටිති.
එම උත්සවයේ වටිනාකම මෙම වෙනස මගින් වූ හෑල්ලු වූ බව ද පවසන උන්වහන්සේ මෙය බුදු දහමේ උගන්වන සමානාත්මතාවය නොවන බවද පෙන්වා දෙයි.
මෙරට නිකායන් ඇත්තේ තුනක් පමණක් බවත් එම නිකායන් තුළ පාර්ශව තිස් දෙකක් ඇති බවත් සියළු නිකායන්ගෙන් වයෝවෘද්ධම මහනාහිමියන් වන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නාපාන ප්‍රේමසිරි හිමියන් බවත් නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියන් ඊළඟට කොටුගොඩ ධම්මාවාස අමරපුර මහ නාහිමියන් වයසින් වැඩි බවද පෙන්වා දෙයි.
මෙම නාහිමිවරුන් දෙනමට එදින අසුන් පනවා තිබුණේ පහත ආසන බවත් එය අද මේ රටේ සංඝ සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇති බවත් කියා සිටී.
ඉදිරියේදී මේ පිලිබදව ශ්‍රී ලංකා රාමඤ්ඤ කිතාව සමගින් සාකච්චා කර ක්‍රියාමාර්ග ගන්නා බවත් උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කරති.
ඔය ආසන පනවපු වෙලාවේ මල්වතු – අස්ගිරි හාමුදුරුවරු ඒ ආසන ප්‍රතික්ෂේප කරලා හැමෝටම සම ආසන දෙන්න කිව්වනම් ප්‍රශ්නේ ඉවරයිනේ
ත්රිපිටකාභිවන්දනාවත් අස්ගිරි-මල්වතු වන්දනවක් වූ වගයි…
රදල කුලය ගැන දැන ගැනීමට රතු සහෝදරයින් හොයා ගැනීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.
Who did that, who was the orgnise. whose order wer that? Can somebody come out without pussi footing
..fat chance! You won’t hear a word against the caste-ism of these senior monks. Sri Lanka is still a feudal society.
ඔක්කොටම ඉස්සෙල්ලා මේ අය මහන වෙන්න ඉස්සෙල්ලයි දැනුයි තියෙන වත්කම හෙලිකලොත් පෙනෙයි මහන වෙන්න කලින් ගෙවල් වල කුප්පි ලාම්පු වලින් ඉඳලා දැන් බිලියන් ගණන් බැංකු ගිණුම් වල තියෙන බව. ලංකාවේ දේශපාලකයයොයි චීවරදහාරිනුයි විතරයි බිලියනපතිලා හැටියට සන්වර්දනය වෙලා තියෙන්නේ. නොදකින් විතරක් !
ඔච්චර කැ ගහන්නේ ඉතින් උස ආසන තිබ්බේ නැත්නම් ඕක වර්ජනය කරලා යන්නනේ තිබුනේ? ඉස දුටු තැන කල ඉහවහගන්නවා කියනේ ඕක තමයි
බුදු දහමේ උස් පහත් බේද නොම ඇත්නම්
ඇයිද සඝ රුවන උස් පහත් ගැනම සිත්නම්
සැම සඝ රුවන දෙපා පොළොවෙ ඇත්නම්
ත්‍රිපිටක අර්ථ හුවාදකී ගිහි නිවනට මඟනම්
මොන අසුනේ සඝ රුවන හිඳ සිටියාද
නමදිමු පොලවෙ එකට තිබූ පය නේද
සිවුර කුමන පාටින් ඇඳ දැහැමි සිටියාද
ත්‍රිපිටක දම් සැම සඝ රුවනට සම නේද
සිදුහත් කුමාරය ඉපදෙන්නත් කාලය, දීපය, දේශය, කුලය, මවි කියල පස්මහ බැලුමි බැලුව කියල ඔය හැම නිකායෙම හාමුදුරැවරැ ඉගෙන ගෙන ඇතිනේ.
ඉතින් රාමඤ්ඤ සහ අමරපුර නිකායවල හාමුදුරැවරැ ඔය වැනි දේවල් ඉවසා වදාරත්වා
Nodanna dewal kathakaranna epa ganeyo. Bosathanan wahansege pasmaha belum belimey mekey thiyena samanakama mokakda. Bosathun thoragaththe usasma kulaya kiyapu bamunu kulaya newi deweni kulaya ksasthriya kulaya. Anungen kana me ganayo dane denamotath dayakayage kulaya hoyanawada
Dikirata balalluth sakki kiwwawage me wrchcha siddiya hariya kiyanna kawruth idiripath unene. Eth me wajirabuddhi kiya a manda buddhika ganaya thamay eka harikiyanne. Bosathanan wahanse pasmaha belum belimey mekey thiyena samanakama mokakda. Anunge bath kelin amana nugath ganayo buduhamuduruwo kulawadayata paharadeepu heti suthra pitakayen kiyawala denuma diyunukaragannawa. Aneka bosathun usas kulaya kiyagaththa bamunu kulaya thoragaththene. Deweni kulaya kiyana kshasthriya kulayay thoravaththe. Oya ganaya kulawade anumathakaranne dane dena dayakayagenuth kulaya ahalada dane ganne. Nugath ganeyo sasane kanawa.
ශ්රීලංකාවෙි නිකාය භේදය හදාගත්තේ කවුද?
මෙිවාට වග කිව යුත්තේ සංඝයාවහන්සේලාමයි.
තමුන්ට අර පුටුව උවමනයි, මෙි ආසනය උවමනයි කියල දෙයක් නෑ. සිවුරැ දාගෙන ඉන්නෙත් මිනිස්සු. මෙි ප්‍රශ්නයට ඔයහැටි දඟලන්න උවමනා නෑ. බිම වාඩිවෙලා හරි විනයානුකූලව කටයුතු කරමින් සාසනේ රකින එකයි ඇත්තෙ.
Awasaray wahansa oka malwathyhatay asgiriyatay denumdunnanam neda hoda?
වජිරබුද්ධි හිමියනි මේ සිදුවීමට අදාලව ඔබ වහන්සේ කරන බෝධිසත්වයන්ගේ පස්මහ බැලීම් බැලීම හා රාමඤ්ඤ සහ අමරපුර නිකායවල හාමුදුරුවරුන් ඉවසිය යුතු බවට කරන ගැලපීම තවත් ටිකක් විස්තරාත්මකව කියන්නකෝ. ඇයි එහෙම විය යුත්තේ ?
I have heard Asgiri Malawathu monks are caste conscious extremists? May be they demanded that they be seated on higher seats.
මේ සිද්ධිය හෙළා දැකිය යුතුයි. මේ වැඩේ නිසැකවම අස්ගිරි මල්වතු නායක උන්නාන්සේලා දැනුවත්ව වුණ දෙයක්. මේ ගැන ජනාධිපතිතුමාට කියලා වැඩක් නෑ. පැවිදි පක්ෂයේ අකටයුතුකම්වලට දේශපාලනඥයොත් යටයි. අමරපුර හා රාමඤ්ඤ මහානායක හිමිවරුන්ට කළ මේ මදි පුංචිකම එම නිකායයන්හි අනෙක් හාමුදුරුවරුන්ටත් එම පන්සල්වල දායක කාරකාදීන්ටත් කළ නින්දාවක්. අස්ගිරි මල්වතු දෙපාර්ශවය තවමත් කුල භේදය, උඩරට පාතරට භේදය වගේ යල් පැන ගිය වැඩවසම් සම්ප්රදායයන් කර තියාගෙන ඉන්නේ. මෙය නිල රාජ්‍ය උත්සවයක් නිසා තමන්ට නිල වශයෙන් ලැබිය යුතු ගරුත්වය නොලැබෙන බව පෙනී ගියානම් අමරපුර හා රාමඤ්ඤ මහානායක හිමිවරුන්ට තිබුණේ සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීමයි. මේ කාලයේ අස්ගිරි මල්වතු පන්සල්වලට බුදුහාමුදුරුවො ආවත් වැද්ද ගන්නේ නෑ. ඒ මොකද බුදුහාමුදුරුවො සුනීත, සෝපාක වගේ අඩු කුලේ එව්වන්ට මහණකම දුන්න හින්දා. බලයට පත්වුණාම මැති ඇමතිවරුත් ගිහින් මේ අයට වැඳලා ඒ අයගේ අවවාද අනුශාශනා ඉල්ලනවා ලැජ්ජා නැතිව.
Lejja nethikama mahamudali kamatath lokui kiyanne enisai
This is disgusting and disgraceful. Are we in a modern-day colony of India ? On one hand they are not allowing to spread the word of immaculate Buddhism re-discovered by Ven Waharaka Abayarathanalankara. On the other hand dragging back the country to stone age. Could be another plot by the government to create further split among Buddhists leaders.