ත්‍රිපිටකාභිවන්දනා මහෝත්සවයේදී උස්අසුන් මල්වතු-අස්ගිරි මහනාහිමිවරුනට පමණයි.. රාමඤ්ඤ-අමරපුර මහනාහිමිවරුනට මිටි අසුන්.. සමාජ ජාලා දැඩි විරෝධය..
March 25, 2019 at 10:00 am | lanka C news
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ත්‍රිපිටකාභිවන්දනා හඓා්ත්සවයේදී මහනාහිමිවරුනට ආසන පනවා තිබූ ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ට හා සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියන්ට සියළු හිමිවරුන්ට වඩා උස් අසුන් දෙකක් සංවිධායකයන් විසින් පනවා තිබින.
නමුත් මෙරට ප්‍රධානතම සෙසු පාර්ශවයන් දෙක වන රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක මහනාහිමියන්ට හා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ට පනවා තිබුනේ මිටි අසුන් දෙකකි.
බෞද්ධ ධර්මයේ මූලික හරයන්හි නැති නිකාය භේදය මෙමගින් මතු කොට පෙනෙන බව සමාජ ජාලාවන්හි මත පල කරන බොහෝ දෙනාගේ අදහසයි.