ත්‍රිපෝෂ දෙන්නේ නොමිලේ.. විකුණන්නේ අතිරික්තයයි..- ත්‍රිපෝෂ සභාපති
October 20, 2016 at 12:40 pm | lanka C news
‘නොමිලේ ත්‍රිපෝෂ නිමයි කඩෙන් මිලට ගන්න සැරසෙන්න’ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය උපුටා දක්වමින් අප විසින් පල කරන ලද පුවත දොස් සහිත බව ලංකා ත්‍රිපෝෂ ආයතනය පවසයි.
කෙසේ වෙතත් ත්‍රිපෝෂ විකිණීමට යන බව බැහැර නොකරමින් එහි සභාපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ නොමිලේ ත්‍රිපෝෂ ලබා දීම එලෙසම සිදු කරන අතර අතිරික්ත නිෂ්පාදනය පමණක් වෙළදපලට නිකුත් කරන බවයි.
කෙසේ වෙතත් මෙතෙක් නොමිලේ ලබා දුන් ත්‍රිපෝෂ අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා අතිරික්තයක් දක්වා නිෂ්පාදනය කරන්නේ මන්දැයි සභාපතිවරයාගේ ලිපියෙන් පැහැදිලි නොවෙයි.
අදාල සම්පුර්න නිවේදනය මෙසේය.