ත‍්‍රිපෝෂ වෙළදපලේ දමා විකුණන බව රාජිත කියයි..

December 6, 2016 at 8:02 am | lanka C news
ත‍්‍රිපෝෂ වෙළදපලේ දමා විකුණන බව රාජිත කියයි..

රුපියල් මිලියන 750 ක මුදලක් වැය කරමින් නවීකරණය කරන ලද කදානේ පිහිටි ත‍්‍රීපෝෂ කර්මාන්ත ශාලාව ඊයේ දින (05) පෙරවරුෙවි මෛත‍්‍රීපාල සිරිසේන සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිනි.

නව කර්මාන්ත ශාලාවෙන් මවිවරුන්ට සහ දරුවන්ට අවශ්‍ය ත‍්‍රීපෝෂ සියයට 100 ක් නිෂ්පාදනය කරන අතර ඉතිරිය වෙළෙදපොලට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘ත‍්‍රීපෝෂ කර්මාන්ත ශාලාව නවීකරණය කිරීමට අපි කටයුතු කළා. ඊට අවශ්‍ය උපකරණ ඇමරිකාවෙන් මෙරටට ගෙන්වූවා. මීට ප‍්‍රථම අවශ්‍යතාවයෙන් සියයට 80 ක් පමණයි නිෂ්පාදනය කළේ. නව කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය 100‍% ක් සිදු කිරීෙමි හැකියාව පවතිනවා. ඉතිරිය වෙළෙදපොලට නිකුත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. නවීකරණය කිරීෙමි කටයුතු සදහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 750 ක්. ත‍්‍රීපෝෂ නොමිලේ ලබාදීම සදහා රජය තවත් මිලියන 750 ක් පමණ වාර්ෂිකව වැය කරනවා.

මෛත‍්‍රී පාලන ප‍්‍රතිපත්තියට අනුව සෞඛ්‍යට මෙවර වෙන්කර ඇති මුදල සියයට 3.11 ක්. ජාතික ආරක්ෂාවට පසු වැඩිම මුදලක් රජය වැය කරනු ලබන්නේ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට යි. එය රුපියල් සත වලින් මනින්න එපා. 1972 වසරේ දී බණ්ඩාරනායක මැතිණිය ව්‍යවස්ථාව සංශෝධනය කළේ තමන්ට බලයේ සිටිීමටයි. 1978 වසරේ දී ඡේ.ආර් ජයවර්ධන මහතා ව්‍යවස්ථාව සංශෝධනය කළේ තමන්ට බලයේ සිටිීමටයි. එක්සත් ජාතික පක්ෂයට දිගටම බලයේ සිටිීමටයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා 18 වන සංශෝධනය තුලින් ජිවිතාන්තය දක්වා බලයේ සිටිීමට උත්සාහ කළා. නමුත් හිටපු ජනාධිපතිවරයා අපි පැරද්දුවා. වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 19 වන සංශෝධනය ක‍්‍රියාත්මක කරමින් තමන්ගේ බලය දන් දුන්නා. එහෙම කරන නායකයෝ බොහොම අඩුයි. වර්තමානය වනවිට ජනාධිපතිවරයා පාර්ලිෙමින්තුවට වග කියනවා. අධිකරණය හමුවට කැදවිය හැකියි. පැවැති ක‍්‍රමය වෙනස් කිරීම සදහා අපි මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කළේ ජනතා අවශ්‍යතාවයන් මතයි. ඒ වනවිට ජනාධිපතිවරයාටත් මටත් පක්ෂයක් තිබුනේ නැහැ. 1947 වසරින් පසු ජනතාව ඉල්ලන මැතිවරණ ප‍්‍රකාශණය සකස් කළේ යහපාලන රජයයි. එය කරගෙනයාෙමි දී ගැටළු මතු වුනත් අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට අපි පියවර ගන්නවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අවශ්‍ය තරම් මුදල් ලැබෙනවා. සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමටත්, රාජ්‍ය ආයතන කඩාකප්පල් කිරීමටත් අපට අවශ්‍යතාවයක් නැහැ. ඒවා ආරක්ෂා කරමින් රට දියුණු කිරීමටයි අපි බලාපොරොත්තු වන්නේ.” යැයි වැඩිදුරටත් පැවැසීය.

– නිපුන් ඒකනායක

4 views

3 Comments to “ත‍්‍රිපෝෂ වෙළදපලේ දමා විකුණන බව රාජිත කියයි..”

  1. daham says:

    thoyi sirisenayi dennama kata paththa adinawa vitharayi. ranil oota one de thamayi kranne. nodakin thopi. rata kanawa. balapiyawuko thopita vindawanna wenawa,

  2. anu says:

    මෙක සත්බාවයෙන් කරනවානම් හොදම දෙයක්.
    සියලුම ගැබිණි මවුවරුන්ට හා කුඩා ළමුන්ට නොමිලේ ලබා දීමෙන්පසු වැඩිපුර නිෂ්පාදනය කර වෙළදපොලට දෙමිය යුතුයි.
    මේකෙන් සමපෝෂ හා ඒ වගේ නිෂ්පාදන වලට මිනිස්සු ගෙවන සල්ලි රජයේ නිෂ්පාදනයකට ගෙවීම තුලින් පෞද්ගලික වියාපාර වලට අපි ගෙවන සල්ලි රජයේ වියාපාරයකට ගෙවිය හැකිය.

  3. kumara says:

    අනු ඔයා හරි
    ත්‍රිපෝෂ කන්න අපිත් කැමතියි ,ඇත්තෙන්ම ත්‍රිපෝෂ කියන්නේ වයස බේදයකින් තොරව හැමෝම කන්න කැමති කෑමක්.ඉතින් එක වෙළදපොලෙන් හරි ගන්න තියෙනවා නම් හරි වටිනවා

Main News