ත‍්‍රි’මලය තෙල් ටැංකි, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න කැබිනට් අනුමැතිය.. දෑහිතකාමී ශ‍්‍රිලනිප ඇමතිලාත් දෑතම උස්සයි..

April 27, 2017 at 2:10 pm | lanka C news
ත‍්‍රි’මලය තෙල් ටැංකි, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න කැබිනට් අනුමැතිය.. දෑහිතකාමී ශ‍්‍රිලනිප ඇමතිලාත් දෑතම උස්සයි..

ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය IOC වෙත ලබා දීම හා කොළම වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග ඒකාබද්ද කිරීම ඇතුළු යෝජනාවලියකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් බවත් ආණ්ඩු හිතවාදී පුවත්පතක් වාර්තා කර ඇත.

ඊයේ දිනයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලද අතර තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන් කරන ලද්දේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන්නේ යයි අගමැතිවරයා විසින් දුන් පොරොන්දුවක් මත බව වෘත්තීය සමිති පැවසූහ.

6 views

3 Comments to “ත‍්‍රි’මලය තෙල් ටැංකි, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න කැබිනට් අනුමැතිය.. දෑහිතකාමී ශ‍්‍රිලනිප ඇමතිලාත් දෑතම උස්සයි..”

  1. Vimarshana says:

    පසුගිය ජනාධිපතිවරනය්දී හෝ පාර්ලිමේන්තු මැත්වරණයේදී මහජනතාව සතු රටේ සම්පත් විදේශිකයන්හට විකුණන බවක් හෝ දීර්ග කාලීනව බදු දෙන බවක් මැතිවරණ පොරොන්දු වල සඳහන් වන්නේ නැත. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ල ප ය ට හෝ ඒ ජා පයට, රජයක් පිහිටවීම සඳහා පැහැදිලි ජනවර්මක්ද ලැබී නොමැත. එම නිසා මහජනතාව සතු සම්පත් විකුනා දැමීමට හෝ දීර්ග කාලීනව ( නැවත දිගු කළහැකි පරිදි 99 අවරුද්දකට) බදු දීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් යහපාලන රජයට නොමැත්තේය.
    පසුගිය පාර්ලිමේන්තු මැත්වරණයේදී චන්දදායකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද අපේක්ෂකයන් මෙන්ම, හිටපු ජනාධිපතිවරයාගේ පින්තුරය පෙන්නමින් ඔහුගේ කරමතින් තේරී පත්වූ පුද්ගලයන්ද වර්තමාන කැබිනෙට්ටුවේ සිටිති. මොවුන්ටද මහජනතාව සතු සම්පත් සින්නක්කරව හෝ දිගුකාලීනව විදේශිකයහට පවරා දීමට අනුමැතිය දීමට කිසිසිසේත් නොහැක. ඉහත සඳහන් කරුණු සලකා බලන කල කුණු කොල්ලයට මහජනතාව සතු සම්පත් විකුනාදමිමට හෝ දිර්ගකාලිනවා බදු දිමට යහපාලන රජයට ජනවරමක් නොමැත. එමනිසා මහජන දේපල ව්කිනිමට හෝ දිර්ගකාලිනව බදු දීමට අනුමැතිය දුන් සියලුම කැබිනට් අමතිවරුන්ග්ගේ දේපල ජනසතු කර ඔවුන් ප්‍රජා අයිතියය් අහෝසි කරන බවට ප්‍රතිඥා දෙන පුද්ගලයන් හට පමණක් ඉදිරි මැතිවරණයකදී චන්දය ලබා දිය යුතුය.

  2. නාමල්ඔය සදානන්ද ආනන්ද පුණ්‍යභූමි says:

    අදාල නැති ගොං කතා.

Main News