ත‍්‍රි’මලේ ඉන්දීය භූමියක්.. ලංකාවේ නීති වලංගු නෑ.. ඉන්දීය අවසර නැතිව ඇතුළුවීම තහනම්..

December 22, 2016 at 9:20 am | lanka C news
ත‍්‍රි’මලේ ඉන්දීය භූමියක්.. ලංකාවේ නීති වලංගු නෑ.. ඉන්දීය අවසර නැතිව ඇතුළුවීම තහනම්..

ත‍්‍රිකුණාමල චීන වරායේ ඇති තෙල් ටැංකි 84ක් බදු ගෙන ඇති ඉන්දීය තෙල් සමාගම විසින් එම භූමියට ශ‍්‍රී ලංකා රජයේ කිසිවෙකුට ඇතුළු වීම තහනම් කරමින් තහනම් කලාපයක් බවට පත්කර ඇති බවට ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය චෝදනා කරයි.

සංගමයේ සභාපති අශෝක රන්වල පෙන්වා දෙන්නේ ඉන්දීය සමාගම සමග 2003 වසරේ එළැඹි ගිවිසුම අනුව මාස 06කදී ක‍්‍රියාත්මක කිරීමට තිබූ බදු ගිවිසුම ක‍්‍රියාත්මක නොවූයෙන් ඉන්දීය සමාගමට කිසිදු තෙල් ටැංකියක් බාවිත කල නොහැකි බවයි.

එසේ වුවද ඔවුන් නීති විරෝධීව තෙල් ටැංකි භාවිතර කරමින් තවත් තෙල් ටැංකි 16ක් භාවිත කිරීමට කැබිනට් පත‍්‍රිකාවක්ද අනුමත කරගෙන ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

මෑතකදී එම පරිශ‍්‍රයට ඇතුළු වීමට ගිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරි පිරිසකට ඉන්දීය සමාගමේ නිලධාරීන් විසින් ඉන්දීය රජයේ නියෝගයක් නැතිව ඇතුවීමට ඉඩ ලබා දිය නොහැකි බව දන්වා ඇතැයිද සභාපතිවරයා වැඩි දුරටත් පවසයි.

40 views

15 Comments to “ත‍්‍රි’මලේ ඉන්දීය භූමියක්.. ලංකාවේ නීති වලංගු නෑ.. ඉන්දීය අවසර නැතිව ඇතුළුවීම තහනම්..”

  1. love nature says:

    අඩුම ගුරුත්වය අත්තේ ලංකාව හා ඊට අසන්න පහල මුහුදේය.

    පෘථිවියේ පමණක් නොව මුලු විශ්වයේම ඇති ප්‍රධානතම බලයක් ලෙස ගුරුත්වාකර්ෂණ ශක්තිය සැළකෙ. විශ්වයේ ඇති සියලු වස්තූන් ගේ පැවත්ම අත්තේ ගුරුත්වය මතය. පෘථිවිය සුර්‍යයා වටා කක්ෂගතව ගමන් ගන්නේත්, චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් ගන්නෙත්, තරකා, චක්‍රාවාට වැනි අති විශාල වස්තූන් පිහිටන්නෙත් ගුරුත්වය නිසයි. පෘථිවියෙහි ගුරුත්වය නිසා මිනිසාට ජීවත් වීමට පරිසරය සැකසුණි. ගුරුත්වය නෙසා අපව, ගොඩනැගිලි, ගස් කොලන්, සතුන්, ජලය, වයුගෝලය වැනි දෙය අභ්‍යවකාශයට විසි නොවී ඇද තබා ගනී. චන්ද්‍රයාගේ ගුරුත්වයේ බලපෑමෙන් අපට වඩදිය, බාදිය ඇතිවේ. අපි යමක් උඩට (අහසට ) විසි කලොත් එය නැවත බිමට වැටෙන්නෙත් , උල්කාපත, වැසිදිය, ගංඟා ඇල දොළ ගලන්නෙත් මෙම අභිරහස් ගුරුත්වය නිසයි.ලංකාව ඉන්දියන් මහාද්වීපික තැටිය මධ්‍යයේ පිහිටයි, එනිසා අපට භූචලන හෝ ගිනිකඳු අවදානම ඉතා අඩුය. අපි අපේ රට ජිවිත පුදා රැකගමු

  2. saradieal says:

    “ඉන්දියාවේ විරැකියාවත් එක්ක අද කම්කරුවෙක් රුපියල් 1000ට කරන දේ මේ අය ලැස්තියි රුපියල් 300ට කරන්න.

Main News