ත‍්‍රි’මලේ තෙල් ටැංකි ඉන්දියාවට දීම.. වරද මහින්දගේ..

April 25, 2017 at 7:08 am | lanka C news
ත‍්‍රි’මලේ තෙල් ටැංකි ඉන්දියාවට දීම.. වරද මහින්දගේ..

ජනතාවගේ සැපයුම් නතර කිරිමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ත්‍රීවිධ හමුදාව යොදවා ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කළ යුතු බවත්, තමන් ජනාධිපතිවරයාට යෝජනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මිලියන 21 ක් පමණ වන ශ්‍රී ලාංකිකයින් අසීරුතාවයට පත් නොකළ යුතු බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙිදීන් පිරිසක් සමග ඊයේ (24) පස්වරුවෙි පැවැත් වූ සුහද සාකචිඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදිමට පළමුව එකඟතාව පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. එම කාලයේ දී වෘත්තීය සමිති මුනිවත රැකි බව කිව යුතුයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලින් ප්‍රයෝජන ගත යුතුයි. ඛණිජ තෙල් සංස්ථාවට ආදරයක් තිබෙි නම් තෙල් ටැංකි වලින් ආදායම් ලබා පෙන්විය යුතුයි. ඇතැම් වෘත්තීය සමිති රජය පෙරලා දැමීමට තෙල් ටැංකිවල එල්ලී සිටිනවා. රජය විවෙිචනය කරනවා. ඉන්දීය රජය තෙල් ටැංකි සංවර්ධනය කර ආදායමක් ලබාදෙනවා නම් එය ඉතා වැදගත් දෙයක්. හම්බන්තොට වරාය චීන රජය විසින් සංවර්ධනය කර ආදායමක් ලබාදෙනවා නම් එයත් වැදගත්. ඒවා ආයෝජන. ළිං මැඩියෝ වගේ කටයුතු කර වැඩක් නැහැ. දේශපාලන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට රජය දැඩි ලෙස ක්‍රියාමාර්ග ගත යුතුයි. ජනතාවගේ සැපයුම් නතර නොකර ත්‍රිවිධ හමුදාව යොදවා ඉන්ධන සැපයුම සිදු කළ යුතු බව ජනාධිපතිවරයාගෙන් අද (24) ඉල්ලා සිටියා. යහපාලනය තිබිය යුත්තේ පීඩාවට පත්වන ජනතාවටයි. ඡන්දයක් ජයගැනීමට නොහැකි පක්ෂ වලට නතු වී සිටින වෘත්තීය සමිතිවලට රට පාලනය කිරීමට ඉඩ ලබාදෙන්න බැහැ.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

156 views
Main News