ත‍්‍රි’මලේ තෙල් ටැංකි ගැන වචනයක්වත් නෑ.. ඇගමැති-වෘත්තීය සමිති ලිඛිත පොරොන්දුව මෙන්න..

April 25, 2017 at 2:10 pm | lanka C news
ත‍්‍රි’මලේ තෙල් ටැංකි ගැන වචනයක්වත් නෑ.. ඇගමැති-වෘත්තීය සමිති ලිඛිත පොරොන්දුව මෙන්න..

ඛණිජ තෙල් සේවකයින් විසින් ඊයේ දිනයේ පැවැත්වූ වැඩ වර්ජනය අවසන් කරනු ලැබුවේ අගමැති ලේකම්වරයා විසින් දෙනු ලැබූ ලිඛිත පොරොන්දුවක් මතයි.

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීයාවට ලබා දීමට එරෙහි වීම එම විරෝධතාවයේ ප‍්‍රධානතම සටන් පාඨය වුවත් අගමැති ලේකම් විසින් ලබා දුන් ලිඛිත පොරොන්දුවේ ඒ සම්බන්දයෙන් එකදු වචනයක් හෝ සදහන්ව නැති බව පෙනේ.

හම්බන්තොට වරාය හා තෙල් පිරිපහදුව ගැනද වෘත්තීය සමිති විරෝධතාවයේ ප‍්‍රධාන සටන් පාට වුවත් අදාල එකගතා ලිපියේ දැක්වෙන්නේ ඒවා සම්බන්දයෙන් සාකච්චා ලබා දීම හා අමාත්‍යවරයාගේ යෝජනා ඉදිරිපත් කිරීමකි.

වෘත්තීය සමිති ප‍්‍රධාන වශයෙන් ඉල්ලා සිටියේ ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ මෙහෙයුම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට ගැනීම, හම්බන්තොට වරායේ තෙල් ගබඩා සංකීර්ණයේ ක්‍රියාකාරිත්වය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගැනීම, සපුගස්කන්ද තෙල් පිරි පහදුව රජයේ මැදිහත්වීමෙන් නවීකරණය කිරීමයි

158 views