ත‍්‍රිරෝද රථ 2000ක් ආනයන කරයි.. පොලිසියට දෙයි…

July 2, 2021 at 2:02 am | lanka C news
ත‍්‍රිරෝද රථ 2000ක් ආනයන කරයි.. පොලිසියට දෙයි…

ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත් ද්‍රව්‍ය වැළැක්වීම සහ බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යයට අවශ්‍යව පැවති ත්‍රී රෝද රථ  2000ක් ශ්‍රී ලංකා පොලිසියට සංකේතාත්මකව ප්‍රදානය කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 01 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සෑම පොලිස් ස්ථානයකටම ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනිමින් මෙම ත්‍රී රෝද රථ දිවයිනේ පොලිස් ස්ථාන වෙත බෙදා දීම සිදුකෙරේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සංකේතාත්මකව මීගොඩ, ගොතටුව, යක්කල, බෙම්මුල්ල, පල්ලෙවෙල, මිහිජය සෙවණ, කුරුඳුවත්ත, එගොඩඋයන සහ මත්තෙගොඩ පොලිස් ස්ථාන සඳහා ලබාදෙන ත්‍රී රෝද රථ එම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ප්‍රදානය කළේය.

මෙම ත්‍රී රෝද රථ අදාළ පොලිස් ස්ථානයන්හි අපරාධ වැළැක්වීම හා විමර්ශනය, විවිධ පැමිණිලි විභාග කිරීම, 119 හදිසි ඇමතුම් සඳහා අවශ්‍යතාව අනුව යෙදවීම, ළමා හා කාන්තා කාර්යංශය හා දූෂණ මර්ධන අංශයේ රාජකාරි සඳහා යොදා ගැනීම, බුද්ධි කොට්ඨාශයන්හි ආවේශන රාජකාරි සහ සිවිල් රාජකාරි සඳහා  යෙදවීමට අපේක්ෂිතය.

ග්‍රාමීය ප්‍රදේශ වලට කඩිනමින් ළඟාවීමේ පහසුව මත පොලිසිය සහ මහජනතාව අතර සබඳතා ශක්තිමත් කරමින් ප්‍රජා පොලිස් සංකල්පය ප්‍රවර්ධනය කිරීම ද මෙම වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක වේ.

තීරු බදු රහිතව ගෙන්වා ඇති මෙම ත්‍රී රෝද රථ සඳහා රුපියල් මිලියන 829කට වඩා අධික මුදලක් රජය වැය කර තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ පැවති මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන්වන කාංචන විජේසේකර,අජිත් නිවාඩ් කබ්රාල්, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් රැසක් සහභාගි වූහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

27,270 views

21 Comments to “ත‍්‍රිරෝද රථ 2000ක් ආනයන කරයි.. පොලිසියට දෙයි…”

  1. කැලණියේ නයා says:

    මිට්සුබිෂි බෙන්ස් ජීප් වලින් ගිහින් හොරු අල්ලපු පොලීසියක් උන්නු රටේ ත්‍රීවීල් වලින් ඩියුටි කරන තත්වෙට වැටුන.අනික් පැත්තෙන් පාරෙ බස් එකේ කෝච්චියෙ පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීල වී එයිට් එකෙන් බල්ල නාවන්නත් ගෙනියන ලෙවල් එකට ගියා.කොහොම තිබ්බ රටක්ද මෙහෙම උනේ.

  2. බින්න බහින සුදු අයියා (B.B.S.A) says:

    ලංකාව තවදුරටත් දුප්පත් වෙමින් පවතී.. බැසිල් නෙවෙයි ෆොසිල් ආවත් එය එසේමය.. කල යුත්තෙ ඩොලර් බිලියන 5 -10ක් වැනි මුදලකට රටේ සම්පතක් විකුණා හෝ රට තුලට ඩොලර් ආදායමක් එන කර්මාන්ත ටිකක් සෑදීම පමණි… තවත් වෙලද කලාප ඇති කොට ඇනයේ සිට ගුවන් යානය දක්වා මෙරට නිශ්පාධනය ආරම්භ කල යුතුව ඇත.. මෙම ත්‍රීවිල් ලබාදීමෙන් පෙනී යන්නෙ ඉන්දියාවෙ හදන ත්‍රීවිල් එහේවත් පොලීසියට දෙන්නෙ නැතිකොට අපේ රටේ පොලීසියට ලබාදීමට තරම් තුට්ටු දෙකට අපගේ රට පත් වී තිබීමයි..

    තව නයි මතුවේවා
    අපේ රට ගොඩ ඒවා !!!

  3. HUKARIS says:

    Ane Mai Appu, Polish Karayanta me thuttu deke three roda rath deela, unvath mahamaga merenna salaswana molayyak da thamuseta thiyenne?. Ese neth nam un malath kata ho komis kuttiyak, me deal eken lebunada?

  4. Costhaapal says:

    In many countries, vehicles equipped with all modern technologcal apparatus are provided for Police but Sri Lanka?

  5. Sam says:

    කීයක් ගහ ගත්තා ද දන්නෑ? ලංකාවේ 3wheel හදනවා නේද. ලංකාවේ මිනිස්සුන්ට හොඳ නම් අපිට මොකෝ නේද

  6. Xman says:

    Police use three wheelers to catch thieves who drives v8 cars.

  7. තරුණ රාළහාමි says:

    අයියෝ බැයියෝ! මේ වෙනකම් මොටෝ බයික් එකේ උජාරුවට ගිහින්, හන්දියේ නවත්වලා, වැඩට යන කෙල්ලන්ට ලයින් දාපු එකත් ඉවරයි. ත්‍රී වීලර් එකේ ගියහම ගනන් ගන්නෙත් නැහැ.

  8. කුමාරි says:

    අයියෝ සල්ලි!

  9. Chamara says:

    Three wheelers walin gihin horu allanna puluwanda? Salasmak nathi boru wada.mei wada wala ekama aramuna ekko thamanta chandedi udaw kala hitawathunta yam wasiyak labadeema hoo tamanta commis mudalak laba ganeemai.

  10. කළුතර says:

    මේ යක්කුන්ට දැන්නම් හොඳටම පිස්සු

    • අයියෝ සිරිසේන. says:

      පිස්සු තදම වෙච්ච අඤ්ඤා කොරොස්.

Main News