ත‍්‍රීවීලය ප‍්‍රපාතයේ.. බිම නොවැටී උඩ රැදේ…

August 15, 2019 at 5:30 pm | lanka C news
ත‍්‍රීවීලය ප‍්‍රපාතයේ.. බිම නොවැටී උඩ රැදේ…

මස්කෙලිය සාමිමලේ සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් පියා සහ  පුතා සුළු තුවාල ලබා ඇති බව  නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ සාමිමලේ හැටන් ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම  ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ලොරි රථයකට ඉඩ ලබා දිමට යාමේදි ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂන පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.

අනතුරෙන් ත්‍රිරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

34,747 Viewers

One Comment to “ත‍්‍රීවීලය ප‍්‍රපාතයේ.. බිම නොවැටී උඩ රැදේ…”

  1. sunimal says:

    ත‍්‍රීවීල තහනම් කර ඒ වෙනුවට රජය රෝද හතරේ කුඩා වාහන අඩුමිලට ලබා දිය යුතුය

Main News