ත්‍රීවීල් පදවන බලපත් වයස 35ට වැඩිනම් පමණයි.. ආනයනත් සීමා කරයි..
December 26, 2016 at 2:15 am | lanka C news
මෙරට මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සදහා වූ නව නීති සහ රෙගුලාසි සහිත ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ලක්ෂ 12ක පමණ ත්‍රිරෝද රථ ප්‍රමාණයක් මේ වන විට මෙරට තුල ඇති නිසා මෙරටට ත්‍රිරෝද රථ ආනයනය ඉදිරියේදී සීමා කිරීමට පියවර ගන්නා බවද පැදවීමේ බලපත්‍ර ලබා දෙන වයස් සීමාව වයස අවුරුදු 35ට කිරීමටද තීරණය කර ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.
41 views