ත‍්‍රීවීල් පැදවීමේ බලපත‍්‍ර අඩුම වයස් සීමාව අවුරුදු 40 තෙක් ඉහලට…

November 25, 2016 at 12:40 pm | lanka C news
ත‍්‍රීවීල් පැදවීමේ බලපත‍්‍ර අඩුම වයස් සීමාව අවුරුදු 40 තෙක් ඉහලට…

ත‍්‍රිරෝද රථ පැදවීමේ අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහල දැමීමට ජනාධිපති හා අගමැති සමග දීර්ඝ වශයෙන් සාකච්ඡ කිරීමට බලාපොරොත්තු වන්නේ යයි රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ තාරුණ්‍යයේ යහපත වෙනුවෙන් බවත් ඊට පාර්ශවයන් සහයෝගය හිමිව ඇති බවත් ඇමතිවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ඉන් පසු තරුණයින් සදහා වැදගත් වෘත්තීන්හි නියැලීම සදහා වෘත්තීය පුහුණුවක් මෙන්ම රැකියාවක් ලබා දීමට තම අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකස් කරන බවත් ඔහු වැඩි දුරටත් කීය.

100 views
Main News