දංකොටුවේදී අත්අඩංගුවට ගත් ‘එදිරිසිංහ එඩිබල් ඔයිල්’ බවුසරවල රේගු මුද‍්‍රා වෙනස්..

March 31, 2021 at 10:26 pm | lanka C news
දංකොටුවේදී අත්අඩංගුවට ගත් ‘එදිරිසිංහ එඩිබල් ඔයිල්’ බවුසරවල රේගු මුද‍්‍රා වෙනස්..

පිළිකාකාරක ඇතැයි සැක පිට දන්කොටුවේ දී අත්අඩංගුවට ගන්නා ලද පොල් තෙල් බවුසර දෙක මුද්‍රා තබා ඇත්තේ ශ්‍රී ලංකා රේගුවේ ඒවා නොවන බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එම රථවල තිබුණු මුද්‍රා සම්පූර්ණයෙන්ම වෙනස් ඒකා බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් රේගු නිවාරණ අංශය විසින් පරීක්ෂණයක් පවත්වන බවද ඒ මහතා පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද තෙල් බවුසර අයත් වන්නේ ‘එදිරිසිංහ එඩිබල් ඔයිල්’ සමාගමටයි.

එම සමාගම විදේශයන්ගෙන් මෑතකදී ආනයනය පිරිපහදු කරන ලද පොල්තෙල් විස රසායන හේතුවෙන් නැවත හරවා යැවීමට නියෝග කර තිබේ.

24,465 views

2 Comments to “දංකොටුවේදී අත්අඩංගුවට ගත් ‘එදිරිසිංහ එඩිබල් ඔයිල්’ බවුසරවල රේගු මුද‍්‍රා වෙනස්..”

  1. " මිරිඟුව "😒😪 says:

    සියලුම ජාතීන්, සියලුම ආගම්, සියලුම දේශපාලන පක්‍ෂ එකතු වුවද … බලලෝභී, බඩගෝස්තරවාදි, දූෂිත වංචනික දේශපාලුවන් රට වටේම සිටිම නිසා මුලු රටම අද අසරණ තත්වයකට පත්වී ඇත….!!
    මේ රටේ මොන දේශපාලක නායකයෙක් බලයට ආවත් නැවත රට ගොඩ නැගීම ඉතාම අසිරු දෙයකි..!
    නමුත් දේශපාලකයන්ගේ ජීවිත හා ආර්ථික දියුණුව ඉතා කෙටි කාලයක් තුල පුදුම විදියට ජාත්‍යන්තර මට්ටමටම සැසදෙන වාතාවරනයක් ලබා ඇත..!

  2. saman says:

    ලන්කාවෙන්ම දූසිතම ආයතනය විසින් හොරු අල්ලන්න යනවා. මිනිස්සු පවු නැද්ද?

Leave a Comment

Main News