දංකොටුවේ කාන්තාවගෙන් කොරෝනා සමාජගතවීමේ අවදානමක්.. බස් රථ තුනක ගිහින්.. එම මගීන් හදුනාගැනීම අවුලක..

July 9, 2020 at 10:02 pm | lanka C news
දංකොටුවේ කාන්තාවගෙන් කොරෝනා සමාජගතවීමේ අවදානමක්.. බස් රථ තුනක ගිහින්.. එම මගීන් හදුනාගැනීම අවුලක..

කොරෝනා ආසාදිත යයි හෙලි වූ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන ලද මාරවිල ප්‍රදේශයේ කාන්තාව හේතුවෙන් වෛරසය සමාජගත වීමේ යම් අවදාමනමක් ඇතිවී තිබේ.

ඇය පසුගිය තුන් වෙනිදා නිවාඩු දමා තම නිවස කරා ගොස් ඇත්තේ අවස්ථාවන් කිහිපයකදීම පොදු ප්‍රවාහන සේවා බස් රථ භාවිතා කරමිනි.

පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සිට ඇය පොළොන්නරුව බලා එහි කැබ් රථයකින් පැමිණ ඇති අතර එතැන් සිට කුරුණෑගලට බස් රථයකින් පැමිණ ඇත.

කුරුණෑගල සිට මීගමුව බලා යන බස් රථයකින් ඇය දංකොටුවට පැමිණ ඇත.

නැවතත් නාත්තන්ඩිය පැමිණ ඇත්තේ තවත් බස් රථයකිනි.

නමුත් මේ සියලු අවස්ථාවන්හි දී ඇය මුඛ ආවරණයක් පැළඳ ගෙන සිටීම හේතුවෙන් වෛරසය පැතිරයාමේ යම් සීමාවක් ඇති විය හැකි යයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.

දැනටමත් ඇයගේ සමිපතයන් 07 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති අතර ඇය ගිය ස්ථාන කිහපයක පිරිසද ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මෙම තැනැත්තිය ගමන් ගත් බස් රථවල ඒ මොහොතේ සිටි පුද්ගලයන් සොයා නිරෝධායනයට ලක් කිරීම දැඩි අභියෝගයක් වී ඇති බව වාර්තා වෙයි.

74,148 Viewers

18 Comments to “දංකොටුවේ කාන්තාවගෙන් කොරෝනා සමාජගතවීමේ අවදානමක්.. බස් රථ තුනක ගිහින්.. එම මගීන් හදුනාගැනීම අවුලක..”

  1. gorilla says:

    who is responsible? where is the malfunction

    • ජෙප්පා says:

      සමාජවාදය තමා මේකට වගකියන්න ඕනේ.
      සමාජවාදී චීනෙ වයිරස් ලැබ් එකේ බඩු ශුවර්.

    • Gamini says:

      හැකි පමණ පිටරටින් සංචාරකයන් ගෙන්වමු. කලු සුද්දන්ටම තැන දෙමු. දේශීය ඖෂධ භාවිතයෙන් වැළකෙමු. රට සුද්දාටම දෙමු.

  2. Saibal says:

    Hope this will spread !! Ranil wickamasinghe 😁

  3. FoolishLankan says:

    Authorities must arrange separate transport for these staff members to avoid these kind of unexpected situations?

    • ජෙප්පා says:

      සල්ලි නැත්නම් සමාජවාදී චීනෙන් අය කරගන්න තිබුනා.
      චීනෙ ඉන්න ධනපතියො ටික මරන්න ජෙප්පො ටික චීනෙට වික්ක නම් ලංකාවට හොද ගානක් හොයා ගන්න තිබ්බ. ජෙප්පෝ එනව කියල දැනගත්තොත් අලිබබා කෝටිපති ජැක් මා පණ බයේ ගැහෙයි.

    • Sirimal says:

      Totally agreed

    • Sirimal says:

      Eka tamay ape mooda minissunta kyanne thama masks daala parissam wenna kyala

      Dan godak denek hasirenne corona kyala ekek tibunada kyalawat mataka nathi widiyata

      Me sare spread wunot detect karanna hari amaruy

    • Citizen says:

      Exactly , this is a very minor issue to settle when we have a nationwide movement spearheaded by a task force . It’s amazing how human error contributes to fatal mistakes. All the people in the task force should take responsibility for this no matter who they are what they were in past. We must call an ace an ace. Task force , you failed us here. Be responsible.

    • ExUNPer says:

      Yes, at any cost.

  4. මහනුවර අක්‍රම් says:

    ඉදිරියේදී උදාවන්නේ ….. ඕක මෙහෙම කරානං වෙන්නේ නෑ, අරහෙම කරානං කොහොමටත් වෙන්නේ නෑ කිය කියා වැලලෙන්ඩ හදන facebook විශේෂඥයින්ගේ කාලය බව කරුණාවෙන් සලකන්න!

  5. ටොංගොය්යා says:

    කාලෙකට පස්සෙ පපුව නුවරඑලි ගියා වගෙදැනෙනව!

  6. Budget travel says:

    If she is a responsible health service officer she should not leave on vacation because she had covid-19 symptoms.

  7. Shthree dushaka keheliya says:

    Aney mey kaanthawata kiyanna pavithra wesita umma ekak denna kiyala😂😂😂😂😂🙄🙄🙄🙄

  8. ExUNPer says:

    Suspicious!
    Please investigate: there could be a deliberate move to spread Virus so that election could be delayed.

  9. ලෙහාරා says:

    අපේ සර් එක්ක කොරෝනට හැපෙන්න බෑ.. යුද්දෙ ජයගත්තා වගේ වගේ එතුමා මේකත් ජගගනී.. රැස්පොට් සර්

Main News