දක්ෂිණ අධිවේගයෙන් මැදමුලනට පිවිසුම් මාර්ගයක්…?
February 21, 2020 at 10:48 pm | lanka C news
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටසේදී තවත් අන්තර් හුවමාරුවක් ඉදිකරමින් ඇතැයි වාර්තා පල වෙයි.
මෙම පිවිසුම ඇති කිරීමට සූදානම් වන්නේ මැදමුලන ප්රදේශය ආසන්නයේ පිහිටි බැදිගම හන්දියේ දී යයිද වාර්තාවන්හි දැක්වෙයි.
එකී වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ ප්රකාශකයෙකු කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් සැලසුමේ මෙම පිවිසුම අතුලත්ව තිබුණද යහපාලන ආණ්ඩු සමයේ එම සැලසුම අවලංගු කළ බවයි.
එනිසා මුල් සැලැස්මේ තිබුණු අන්තර් හුවමාරුවක් මිස අළුතෙන් එක් කල පිවිසුමක් නොවන බවද ඔහු කියා සිටියේය.
කෙසේ නමුත් එම මාර්ගය ඉදි කරන්නේද නැද්ද යන්න තහවුරු කල නොහැකි බවද ඔහු පැවසීය.
. Gota made highway from Mathara to Hambanthota within 90 days.
WEDAKARANA WIRUWA