දක්‍ෂිණ අධිවේගයට මාතර කපුදූවෙන්ද අලුත් පිවිසුමක්..

November 22, 2020 at 1:20 pm | lanka C news
දක්‍ෂිණ අධිවේගයට මාතර කපුදූවෙන්ද අලුත් පිවිසුමක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවිප්‍රාප්තියේ පළමු වර්ෂ පූරණය නිමිති කොට ගෙන දිවයිනේ සියලුම ආසන වල එනම්,ආසන160ක මාර්ග 160ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භ උත්සවය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබීමෙන් අද දින (22 )සිදු කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගේ සංකල්පයක් පරිදි මාර්ග දෙපස පැල මිලියන 2ක් සිටුවීමේ වැඩ සටහනේ සමාරම්භ උත්සවයද කපුදූව අන්තර් හුවමාරුව අසලදී ආරම්භ කෙරිණි.

මෙම සමාරම්භ උත්සවයන් සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිලිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා, මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නිපුන රණවක මහතා ඇතුළු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී විය.

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය මඟින් ඉදිකරනු ලබන කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්ෂිණ අධිවේගී මාර්ගයේ 130.6 වන කිලෝමීටර කණුව අසළ දී ආරම්භ වේ.

මෙම නව කපුදූව අන්තර් හුවමාරුව ඉදි කිරීම තුළින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා ජනතාවට පහසුවෙන් මාතර – හක්මන මාර්ගයට පිවිසීමේ හැකියාව ඇත .

මාස හයක් වැනි කාලයක් ඇතුළත මෙය ඉදිකර ජනාතාව වෙත ගමනාගමනයට විවෘත කිරීමට සැලසුම් සකස් කර ඇති අතර මේ සඳහා රුපියල් මිලියන 387.5 ක මුදලක් වැය වේ.

කටුනායක හා කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන රථවාහන වලට මෙම කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවී කඹුරුපිටිය ප්‍රදේශයටත් මාතර ප්‍රදේශයටත් පහසුවෙන් ළඟා වීමට හැකියාව ඇත .මෙම නව කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට මාතර නගරයට දුර කිලෝමීටර් 6 ක් සහ කඹුරුපිටිය නගරය දක්වා දුර කිලෝමීටර් 11 කි.

එසේම කඹුරුපිටිය සහ මාතර යන ප්‍රදේශවලින් කොළඹ දක්වා ගමන් කරන රථවාහන වලට මෙම අන්තර් හුවමාරු මධ්‍යස්ථානය හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයට ප්‍රවේශයක් ද ලබාගත හැක .

මීට අමතරව පොලතුගොඩ පාලම අසල සිට පහලවිටියල සමගි මාවත දක්වා වු මාර්ගයේ වැඩ ආරම්භ කිරීමටද මුල් ගල තබන ලදී.තවද හතමුණ හන්දියේ සිට බටුවිට ඌරපොල දක්වා මාර්ගය විවෘත කිරීමත් කුඩා නැගෙනහිර අපරැක්ක සිට උඩ අපරැක්ක උතුර දක්වා සාමපුර මාර්ගයත් වැලිහිඳ කොටවිල මාර්ගයත් ජනතා අයිතියට පත්කරන ලදි.

– මාධ්‍ය ඒකකය

41,532 views

16 Comments to “දක්‍ෂිණ අධිවේගයට මාතර කපුදූවෙන්ද අලුත් පිවිසුමක්..”

  1. ක්‍රිමිනල් says:

    ඉස්සරහට වෙන්නේ මුන් හදන පාරවල් ,පාලං සහො බොක්කු කෑලී වලට කඩලා උයාගෙන කන්න. මේ රටේ කඩා වැටුණු ආර්තිකය ගොඩගන්න කිසිම ක්‍රමවේදයක් නෑ , සුළු ,මධ්‍ය පරීමාණ කර්මාන්ත කරුවා සහ වියසායකයා ගොඩ ගන්න ඇල්පෙනෙත්තක දෙයක් කරන්නෑ ,එදා වේල සරිකරගන්න පුද්ගලයගේ නිවසේ ආර්ථිකය නංවන්න තෙබේක අදහසක් නෑ , කඩා වැටුනු අධ්‍යාපනය ඵලදායිව ගොඩගන්න කිසිම නව චින්ත්නයක් නෑ , සෞඛ්‍ය පිලිබදව තාර්කීක අදහස් සහ “ටූල්ස්” නෑ ! හැබැයි මහත්තයෝ පාරවල් ,පාලං බෝක්කූ ඔකේ ! ගජමිතුරො ගොඩ දාන්න කෙස් පැලෙන තියරී !

    • Nimal says:

      මුන් වගේ ගොබ්බයො තමා මහින්ද මතයට බැණ බැණ එකේ යන්නේ, යකු මස 12 ඔක්කොම කරන්ට බැනේ, උබල හතර ගතේ දල දීපු රටෙනේ මේක, 2015 උබල වගේ හරක් system වෙනස් කරන්ඩ ගිහින් කෙලවපු කෙලවිල්ලට මෙහෙම හරි ඉතුරු උන එක පුදුමයක්, පොඩ්ඩක් ඉවසල බලපන්, බැරිනම් විදවන්නේ නැතුව උබට හරියන රටක පලයන් මෝඩ මුසලයා

      • ක්‍රිමිනල් says:

        මාස දොලහට නෙමෙයි , මේ පාණ්ඩුවට ඉතුරු අවුරුදු හතරෙත් කරන්න වෙන්නේ මේ රට ට්‍රිලියන ගානක් ණය කරලා ආතල් එකේ ගෙදර යන එක විතරයි. යකො රටේ අවශ්‍යතා හදුනාගන්න බැරි නායකයො ගන්න පුලුවන් පොල්පිත්තෙන් උනත් කපලා සෞඛයට ගිය අවුරුද්දට වඩා බිලියන ගානක් අඩුවෙන් වෙන්කරලා ,අධ්‍යාපනයට කප්පාදු කරලා , බිලියන 5000 කට එහා ණය අරගන්න වෙනවා සහ අරගෙන ,ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් මුදල් අච්චු ගහලා , ආර්ථිකේ සෘණ , කළු සල්ලි සුදු කරන්න ගැසට් ගහනවා ,ගජමිතුරන්ව ගොඩ දානවා , ජී.එස්.පී ප්ලස් නැතිවෙන්න ඔන්න මෙන්න , මොනාද ඕයි මේ ජොක්ස් ?

        • Nimal says:

          Day dreaming bro day dreaming, get real , you see kibulas in the korahe, relax bro

        • Nimal says:

          ක්‍රිමිනල් උබ බත් බැලකම් කරන උන්2015-2019 කපු බීපුව ගෙවන්ටත් එපාය මචන්

    • narada says:

      ක්‍රිමිනල් මහත්තයෝ ඔහේගේ හාම්පුත පෙන්නන දේම නෙමේ රටේ වෙන්නේ, ඔහෙට කුලියට කොමෙන්ටු කොටන්ට දෙන මස් කටු වලට වැඩ දෙයක් මේක ඇතුලේ වෙනවා මහා දරුණු වසන්ගතේකුත් තියාගෙන, කුහකයෙක් නොවී මනුස්සයෙක් විදියට හිතපන් , බලපන්

      • ක්‍රිමිනල් says:

        අපිට නොදැනෙන ,උබලට දැනෙන්න වෙන දේවල් කියපංකො බලන්න .

        • narada says:

          අපට යන්න මට ලෙස වෙනස් විය යුතුය කියා ම යෝජනා කරනවා, උබට හැම දේම upside down, රාජපක්ෂ භීතිකාව, ඕකට බෙහෙත් නෑ , අංගොඩ නැවතුනත් හොද කරන්ඩ බෑ, පව් විදවලම මැරෙන්ඩ වෙන්නේ

        • කිරිමෙල් says:

          මේ ඔබතුමා කොමන්ට් කරන ආටිකල් එක ලියල තියෙන්නෙ එහෙම එකක් ගැන තමයි. ඒවගේ දේවල් ඔබතුමන්ලාට දැනෙන්නෙ නෑ. හැබැයි අපිට දැනෙනව

    • සමන්ත says:

      රටක සංවර්ධනය මනින එකක් තමයි හොද මාර්ග පද්ධතියක් තියෙන එක. කර්මාන්ත ආරම්භ කලාට වැඩක් නෑ එම නිෂ්පාදන දේශීය හෝ විදේශීය වෙළඳ පලට ගෙන යාම සදහා මාර්ග පහසුකම් නොමැතිව. මෙම මාර්ග සමග ගුවන් තොටුපල වාරාය සම්බන්ධ වෙනවා. අඩු පිරිවැයකින් මෙම ස්ථාන වෙත ඉතා ඉක්මනින් ළඟ වීමට හැකියි. සංවර්ධන දර්ශකය අතින් ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවට වඩා අපේ රටේ මාර්ග පද්ධතිය ආදීය හොද නිසා. මානව හිමිකම් දර්ශකය සංවර්ධිත රටක මට්ටමක තියෙන්න මේවාත් හේතුවක් වෙනවා. කර්මාන්තපුර ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිපුර තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ හොද මාර්ග පද්ධතියක් තියෙන නිසා බව නොරහසකි.

      • jedai007 says:

        දැන් වරාය තියෙන්නේ කඹුරුපිටියේද? ඇමැතිලාගේ , මත්ත්‍රිලගේ ගෙවල්වලට යන්න interchange දාගන්නවා

  2. opps says:

    කවුරු පටන් ගත්තත් අවුලක් නෑ
    කාගෙ නම නොකිවුවත් අවුලක් නෑ
    මොකද මේකෙන් රටට හොදක්නෙ කරන්නෙ ♥️

  3. Sanjeeva says:

    කොතලවල අන්තර් හුවමාරුවේදී කටුනායක දිශාවට පිවිසීමේ පහසුකම නිර්මාණය කිරීම වඩා හොඳය

  4. prasanna says:

    kothalawala to kadawatha paththata huwamaruwak sadanawanam kaduwela handiya block aduwenawa

  5. hewwel says:

    I think this is a waste of money. There is a exchange at matara so why we need another at close proximity

Leave a Comment

Main News