දක්‍ෂිණ අධිවේගයේ මහා රිය අනතුරක්.. විදේශිකයන් 03ක් ඇතුළු 04ක් මිය යයි..

December 24, 2019 at 8:40 am | lanka C news
දක්‍ෂිණ අධිවේගයේ මහා රිය අනතුරක්.. විදේශිකයන් 03ක් ඇතුළු 04ක් මිය යයි..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය ආසන්නයේදී කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් විදේශිකයෝ තිදෙනෙක් ඇතුළු 4 දෙනෙකු මියගොස් ඇත.

තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත රෝහල්ගත කර තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇති අයගෙන් තිදෙනෙකු එක් පවුලක සාමජිකයන් වූ ඉන්දීය ජාතිකයන්ය.

අනතුර සිදුව ඇත්තේ ගාල්ලේ සිට කොළඹ දෙසට දක්වා ධාවනය වූ වෑන් රථය එම දිසාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙනි.

අනතුර සිදු වූ ස්ථානයේ දීම තිදෙනෙකු මියගොස් ඇති අතර කරාපිටිය රෝහලේදී තවත් පුද්ගලයකු මියගොස් ඇත.

49,250 Viewers

9 Comments to “දක්‍ෂිණ අධිවේගයේ මහා රිය අනතුරක්.. විදේශිකයන් 03ක් ඇතුළු 04ක් මිය යයි..”

  1. sithmal says:

    ගොඩක් වෙලාවට මේ වගේ අනතුරු වලට හේතු වෙලා තියෙන්නෙ අධිවේගී මාර්ගයේ ධාවන නිසි පරික්ශාවකට යොමුනොකර මාර්ගයට ඇතුලත් කිරීම. මේ මාර්ගවල රෑ ධාවනය ඉතා අවධානම්.. මොකද වෙන රටවල වගේ නෙවෙයි මේ මාර්ගවල ලයිට් නැහැ. ඉතින් පසුපස ආලෝක පහන් නොමැති රථ දුරතියා අදුර ගැනීම ඉතා අපහසුයි.. අපේ රටේ මේ වගේ ලොරි, කන්ටේනර් වල පසුපස පහන් කොහොමත් වැඩ නැහැ නේ.. ඉතින් පරික්ශාවක් නොකර දාන මේ වගෙ වාහන වලින් අනතුරු නොවී තියෙන එක තමා පුදුම.

  2. a desilva says:

    Issaraha giya wahane riyadura rimand karanne nedda

  3. damian says:

    Stop allowing bad quality container transportation in Highways.

  4. bhanu says:

    Sri Lankan highways are not up to standard. Left most lane is not wide enough. Thi is the reason for most accidents.

  5. Devinda says:

    Mama nitharama 1969ta cal karala policiyata kiyanawa park light Netiwa yana wahana gena giya sunday th kiwwa.neethiya wenawada danne.anika thamai hyway eke eka thenakata thiyenawa wage medin kolapata awaranayak dala depeththa wenkalanam idiriyen Edna light eliya wadinne medin wenkireemata balakaramu

  6. Bitter Truth says:

    රෑට අධිවේගයේ එලවන්න අපහසු වෙන්නේ මාර්ගයේ ලයිට් නැති නිසා නෙවෙයි. පොල් බූරුවො හෙඩ් ලයිට් දාගෙනම යන නිසයි. ලංකා මාර්ග නීතිය අනුව ඉදිරියෙන් වාහනයක් එනවිට මීටර 300 කට පෙරත්, වහනයක් පසුපසින් යනවිට මීටර 200ක් ලංවීමට පෙරත් හෙඩ් ලයිට් ඩිප් කල යුතුයි. මෝඩ හරක් දිගටම හෙඩ් ලයිට් දාගෙන යනවා.

    වාහනයක් පසුකර යනවිට ලයිට් ෆ්ලෑශ් කරන්නෙ මොකටද කියලත් මේ ගොන් හරක් දන්නෙ නැහැ. කිලෝමීටර දෙක තුනකට කලින් ඉඳන් ලයිට් ෆ්ලෑශ් කරන බූරුවො එමටයි. ගොන් විදිහට එලවලා හැප්පුනහම බනින්නෙ පාරට, නැත්තන් හදපු අයට. නොදකින් මෙහෙමත් අමන ගොන් රැලක්! අධිවේගයේ නීත්‍යානුකූල විදිහට වාහන එලවන්න බැරිනම් මොකට එනවද අඩ තියන්න?

  7. ajith silva says:

    we will not need to fear diabetes heart disease cancer as we will all be mowed down on the streets before that.

  8. ASOKA KARU says:

    we will not need to fear diabetes heart disease cancer as we will all be mowed down on the streets before that.

Main News