දක්‍ෂිණ අධිවේගය ආරම්භ කලේ මමයි..- අගමැති රනිල්

March 17, 2019 at 3:50 pm | lanka C news
දක්‍ෂිණ අධිවේගය ආරම්භ කලේ මමයි..- අගමැති රනිල්

අයවැයෙන් පස්සේ පුද්ගලික අංශයට සීතකරණ ගබඩා දාන්න අවස්ථාව ලබා දෙනවා. මං මාවත් දියුණු වුනාම සීතකරණ ගබඩා දාන්න ඒවාට දිරි ගැන්විම් දෙන්න. ඒ සීතකරණ ගබඩා වලට අපි හදලා තියෙන ගමේ පාරවල් වලින් තමන්ගේ අස්වැන්න ගෙනත් විකුණාගෙන මිට වඩා හොඳ මිලක් ලබා ගන්න පුළුවන් යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාවනැල්ල නගරයේ පැවැති උත්සවයකට එක් වෙමින් අද 17 පැවසීය.

ඒ මහතා ඒ බව පැවසුයේ ‘හදවත් යා කෙරෙන රන් මාවත් ’ රටපුරා මාර්ග 200 ක් සංවර්ධනය කිරිමේ ජාතික මහෝත්සවයේ සමාරම්භක උත්සවය මාවනැල්ල නගරයේදි පැවැති අවස්ථාවේදිය. මෙම රන් මාවත් ව්‍යාප්තිය වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් කෝටි 200 කි. මෙම උත්සවයේදි වැඩිදුරටත් අදහස් දැක්වු අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

මාර්ග 200 යේ වැඩසටහනට සම්බන්ධ වේලා මම මාවනැල්ලේ මාර්ග තුනක් අද දිනයේ විවෘත කලා. මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල මාර්ගය, මාවනැල්ල රඹුක්කන මාර්ගය, මාවනැල්ල අරණායක මාර්ගය, විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට උදේ මේකට සම්බන්ධ වෙන්න බැරි නිසා මට කිවා හැන්දෑවේ මාවනැල්ල අරණායක මාර්ගයට ගිහින් එතන ඉදන් රහල බටහිර පන්සලට එනවා කියලා යැයි පැවසු අතර එහිදි ජනතාව අත්පොලසන් හඩ දුන් විට රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

අපි ඔක්කොමලා එකතු වේලා තමයි මේවා කරන්නේ අපි දැන් වැඩ කරන්නේ ඒ අයත් එකතු කරගෙන. අද රුපියල් මිලියන 8000 ක් වටිනා මහා මාර්ග කිලෝමිටර් 50 ක් අපි විවෘත කලා.මිට අමතරව හෙම්මාතගම අරණායක ජල ව්‍යාපෘතිය මම මුල් ගල තැබුවා ඒක අවසන් වුනාම එකට තව ඩොලර් මිලියන 1500 ක් මේකට එනවා. මෙ මගින් සිදු වන්නේ විශාල වැඩ කොටසක් එනවා මෙකෙන් සිදු වන්නේ විශාල වැඩ කොටසක් මේ පාරවල් නිසා මේ ප‍්‍රදේශයේ ඒ දියුණුව ගැන මම අමුතුවෙන් කියන්න ඔනෑ නැහැ. ඒකට විශේෂයෙන් කබිර් හෂිම් ඇමැතිතුමාට මම ස්තුතිවන්ත විය යුතුයි. එතුමා විශාල උනන්දුවක් අරන් තියෙනවා මේ මාවනැල්ල මැතිවරණ කොට්ඨාංශය දියුණු කරන්න.
මම එදා ආවාට වඩා අද විශාල දියුණුවක් පෙන්න තියෙනවා. ජල ව්‍යාපෘති මං මාවත් පාසල් දැන් සකස් වෙමින් දියුණු වෙනවා ඒ නිසා මේවා සියල්ල සැලසුමකට අනුව වුනු දේවල්. එතුමා ප‍්‍රදේශයේ සංවර්ධනයට කෑගල්ලේ සංවර්ධනයට කටයුතු කරන ගමන් රටේ දියුණුවට මහා විශාල වැඩ කොටසක් සිදු කරගෙන යනවා. එතුමා අපේ පක්ෂයේ සභාපති ලෙසත් මහ විශාල වැඩ කොටසක් සිදු කරනවා. එතුමා බර තුනක් අරන් තමයි අද මහ විශාල වැඩ කොටසක් සිදු කරන්නේ. එතුමා ඒ බර තුන අරගෙනත් දුවනවා.

කබිර් අමැතිතුමාගෙන් මම ඇසුවා 2015 ඉදන් අපි පාරවල් හැදුවා තව ඉතිරිවුනු පාරවල් තියෙනවාද කියලා. එතුමා කිවා තව පාරවල් 1000 කට වඩා තියෙනවා කියලා. මම කිවා එතුමාට තව අවුරුදු 4 ක් හෝ 5 ක් ඒ මාර්ග සංවර්ධනයටත් සංවර්ධනයටත් කාලය යයි කියලා.
මේ කාලේ කරපු දේවල් අපි මේ කාලයේ විවෘත කරන්න ඔනෑ. අපි ඊළග වාරේ කරන දේවල් ඊළග වාරේ විවෘත කරන්න ඔනෑ. මේ වාරේ විවෘත කරපු දේවල් මේ වාරේම කරන්න කියලා දැන් අපි සතියකට පාරවල් 200 ක් විවෘත කරන වැඬේ මාසයකට සැරයන් ඊළග මාසයේ සිට කරගෙන යන්න ඔනෑ. මෙ මගින් ඇයි මොකද්ද කලේ කියන එකටත් පිළිතුරක් තියෙනවා.

යම් කිසි සැලසුමක් අනුව තමයි අපි මාර්ග සකස් කරගෙන යන්නේ. පළමුව තියෙනවා මහා මාර්ග පද්ධතිය අපි එනකොට කැල්ලි කැල්ලි කරලා තිබුණේ. ඕක ආරම්භ වුනේ 2003 වසරේ මම දකුණු අධිවේගි මාර්ගයට මුල් ගල තිබ්බා කොළඹ සිට මහනුවර දක්වා මාර්ගය සකස් කරන්න පටන් ගත්තා. ආණ්ඩු මාරු වුනා අපි එනකොට එකේක තැන් වල මාර්ග කොටස් කරලා තිබුණා. උඩින් යනවා ආපසු හිර වෙනවා. ආපසු උඩින් යනවා ආපසු හිර වෙනවා. ඊට පස්සේ අපි තින්දු කලා මේ රටට ඔනෑ ඒක මාර්ග පද්ධතියක් කියලා. අපි ආරම්භ කරපු හා එකොල්ලෝ ආරම්භ කරපු ඒවා එකතු කරලා කොළඹ වටේ යන්න රටේ සැලස්ම අනුව මහනුවර සිට හබ්බන්තොට යන මාර්ග පද්ධතියක් අපි ඇති කරගෙන අඩුපාඩු කම් සියල්ල හදා ගෙන ඒ විතරක් නොවෙයි කොළ වටේ යන්න කොළඹ ඇතුලට එන්න අලූත් මාර්ග පාලම් කිහිපයක්ම සකස් කරනවා. සැහැල්ලූ දුම්රිය පාරක් දානවා.

ඊළගට අසියානු සංවර්ධන බැංකුවෙන් දැන් සැලසුම් කරගෙන කුරුනෑගල සිට ත‍්‍රිකුණාමලයට යන පාර ත‍්‍රිකුණාමලයේ කර්මාන්ත දියුණුව ඒ දෙවැනි එක දැන් තියෙන්නේ මහනුවර සිට ගාල්ලට ඊට පස්සේ තියෙන්නේ කුරුනෑගල සිට ති‍්‍රකුණාමලයට ඉන්දියන් රජය අපිට උදව් කරනවා ත‍්‍රිකුණාමලයේ සිට වවුනියාව හරහා මන්නාරමට පාරක් දාන්න. දැන් ඒ ටික තමයි අපි හදාගෙන යන්නේ. ලංකාව ඇතුලේ ඔනෑම කොනකට යන්න පුළුවන් විදිහට මාර්ග පද්ධති හදලා ඒ මාර්ග දෙපැත්තේ තමයි වැඩිම දියුණුව එන්නේ. කඩ සාප්පු එනවා කර්මාන්ත කලාප එනවා. සංචාරක ව්‍යාපාර එනවා. මෙතනින් තමයි ඒ දියුණුව කරගෙන යන්නේ දෙවනුව තියෙන්නේ අනික් මාර්ග ඒ මාර්ග තමයි අපේ මහා මාර්ග අමාත්‍යංශයෙන් එකේක වැඩ සටහන් යටතේ කරන්නේ. රන් මාවත් වැඩ සටහන ඊට පෙර කරන ලද වැඩසටහක ඊට පෙර කරන ලද වැඩසටහන් හා අද දිනයේ රන් මාවත් වැඩ සටහන යටතේ මාර්ග 200 ක් විවෘත කරන්නේ. ගම්මාන ඇතුලත සංවර්ධනයට කිරිමට අවශ්‍ය නම් ගම්පෙරළියේ මුදල් ලබා ගෙන එම පාරවල් සකස් කරන්න පුළුවන්. ගමේ සිට ගෙදරට යන්න පොඩි පාරක් ඔනෑ නම් තරුණ සේවා සභාවේ ගමට කෝටියක් වැඩ සටහන යටතේ තරුණයන් සමග එකතු වේලා ඒ කැල්ලත් හදා ගන්න පුළුවන්. එහෙමනම් ගමේ සිට අධිවේගි මාර්ග වලට යන්නට අවශ්‍ය සැලසුම් තිබෙනවා. ඒ සඳහා වෙනම වැඩ සටහන් තිබෙනවා. අන්න එහෙම තමයි අපි මේ මාර්ග පද්ධතිය හදලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේ සැලසුම් අනුව ඊළග අවුරුදු කිහිපයේ වැඩ කටයුතු කරගෙන යන්න.

මේ මාර්ග පද්ධතිය නිසා රටේ විශාල දියුණුවක් ඇති වුනා. අපේ වෙළෙදාම දියුණු වෙනවා. ගම් වලට යන්න එන්න පුළුවන් සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා. කර්මාන්ත කුඩා කර්මාන්ත ස්වං රැුකියා දියුණු වෙනවා. දැන් අපි තවත් වැඩසටහනක් ගෙනවා. මේ අයවැයෙන් පස්සේ පුද්ගලික අංශයට සීතකරණ ගබඩා දාන්න අවස්ථාව ලබා දෙනවා. මං මාවත් දියුණු වුනාම සීතකරණ ගබඩා දාන්න ඒවාට දිරි ගැන්විම් දෙන්න. ඒ සීතකරණ ගබඩා වලට අපි හදලා තියෙන ගමේ පාරවල් වලින් තමන්ගේ අස්වැන්න ගෙනත් විකුණාගෙන මිට වඩා හොඳ මිලක් ලබා ගන්න පුළුවන්.

මේ හැම දෙයක්ම කරන්න අපි එන්ටර්ෆයිස් ශ‍්‍රී ලංකා වලින් ණය දෙනවා. ගම දිවුණු කරන්න මහා මාර්ග ඇති කරන්න රජයේ සැලසුම් ගත වැඩසටනක් තිබෙනවා. අපේ තව වැඩ සටහන් තිබෙනවා මේ තරුණ තරුණියන් බලාපොරොත්තු වෙන්නේ හොඳ අනාගතයක් මිට වඩා හම්බ කරන්න අන්න එකයි අපේ ඊළග අරමුණ එයයි. අපි ණය ගෙවලා මුලික ප‍්‍රශ්නය විසදාගෙන තියෙන්නේ. අපි ඒක ඉදිරියට කරගෙන යන්න ඔනෑ මහා මාර්ග හදලා විතක් එකෙන් අවසන් වෙන්නේ නැහැ.

– සමන් විජය බණ්ඩාර

18,757 Viewers

19 Comments to “දක්‍ෂිණ අධිවේගය ආරම්භ කලේ මමයි..- අගමැති රනිල්”

  1. Love nature says:

    සුදු හකුරු රජතුමාගේ ප්‍රියතම ආහාරයකි.රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය.

    ,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?”

    රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය

    “අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි මේ හකුරු සරි කරන්නනේ.”

    තව තවත් ප්‍රීතියට පත් රජු ගමරාළට තුතු පඬුරු ද දී පිටත් කර හැරියේය.

    දිනක් දේශ සංචාරයේ නිරතවන අතර රජතුමා, හකුරු සපයන ගමරාළ ගේ නිවස ඇති ඉසව්වට ද අහම්බෙන් සේන්දු විය. පරිවාර ඇමතියන්ගෙන් ඒ බැව් දැනගත් එතුමා ගමරාළ ගේ නිවෙස සොයා ගෙන ඒ දෙසට පානගන්නට විය.

    විස්මයකි!

    ගමරාල ඒ මොහොතේ ද සිටියේ පැණි උණුකර හකුරු සාදමින්ය. නමුත් උඩට උඩුවියන්, පයට පාවඩ, සුදු පිරුවට ඒ කිසිත් අහලක නොවීය. ලිප අසල බොහෝ වේලාවක් තැම්බි තැම්බී සිටීම නිසාදෝ ගමරාළ ද ගම මහගේ ද සිටියේ දාඩියෙත් තෙත්වූ දැලි කුණ පෙරාගත් සිරුරිනි.

    රජතුමා අසූ හාරදහසට උදහස් විය.

    “ඈ බොල තෝ මට හකුරු සරිකරනවයි කීවේ මේ විදියටද?”

    “පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි !”

    ගමරාළ පිලිවදන් දිනි.

    • Sandy says:

      අධි වේගය කියන්නෙ අධෝ මාර්ගය නෙවෙයි නේ ???

      මුකුත් හිතන්න එපා නොදන්න කමට ඇහුවෙ හිටන්

  2. හූ ඇන්පී says:

    ඒ විතරක් නෙවේ,
    බ්‍රේස්ලට් දුන්නෙත් ඔබ තුමාම තමයි
    නොතෙමි යන කාර් දුන්නෙත් ඔබ තුමාම තමයි
    ෆ්‍රී වයිෆයි දුන්නෙත් ඔබ තුමාම තමයි
    පරාක්‍රමබාහු රජුගෙන් පසු සහලින් ස්වයන්පොෂිත කලෙත් ඔබ තුමාම තමයි
    මහ බැංකුව ආරක්ෂා කලෙත් ඔබ තුමාම තමයි.
    රණවිරුවන් ආරක්ෂා කලෙත් ඔබ තුමාම තමයි.
    චීනව ගොනාට අන්දලා ස්විමින් පූල් එකක් වික්කෙත් ඔබ තුමාම තමයි.
    ඉන්දියන් කාරයන් ගොනාට අන්දලා වී ගබඩාවක් වික්කෙත් ඔබ තුමාම තමයි.
    ඉතුරු ටික විකුන්නනෙත් ඔබ තුමාම තමයි.
    මොනවා කලත් අපි ඔබ තුමා සමගයි.

  3. Nim says:

    ” MONA MODA KATHA DA ? ”
    MUN HITHA GENA ENNE
    LANKAWE JANATHAWA
    MODA YO KIYALA.

  4. Sadda says:

    ඉතිරි මාස කිහිපය ගැන විතරක් කතා කරල, ඉතිරි බැංකුටිකටත් ගේම නොදී, පව් නොදී , තොලොන්ජි
    වෙයන් පිස්සා.

  5. රටට හිතවත් says:

    හැබැ නේන්නං! මෙව්වට වියදං කොරල කොරල කොරල දැන්, මහා භාණ්ඩාගාරෙත් හිස් කොලා කියහන්කො! ( මහා භාණ්ඩාගාරයේ ආදායම මේ වන විට (-)කෝටි විසිඑක් දාහයි!)

  6. Niru says:

    Moo nohitinda api thama gas uda

  7. Gihan says:

    කතාව ඇත්ත. දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කරන ලද්දේ 2002-2004 කාලයේදීය. නමුත් එය විවෘත කරණ ලද්දේ රාජපක්ෂ මහතා විසින්.

    • Boo says:

      එහෙනං ඔය 2015 දී මැතිවරණ වේදිකාවල අධිවේගී මාර්ග හැදුවේ කන්නද කියල අහපු නපුංසකයෝ ටික දැන් මොකද දන්නේ නැහැ කියන්නේ?
      ඔය කියන විදිහට අධිවේගී මාර්ග හදල රට උගස් තිබ්බයි කියන්නේ ඔය පොන්න සමලිංගික පිස්සම තමයි එහෙනං !

  8. 77 UNP says:

    වැඩිපුර ලියන්න දෙයක් නැහැ.
    බොරුවෙන් බලය ගත් හොරා, හොරකම් කරමින් සිට, බොරුවෙන්ම තොලොංචි වෙන්නයි යන්නේ.

  9. vishnu says:

    මුගේ පස්ස පැත්තේ mic එකෙන්
    ඇහෙන ඒව

  10. Gayantha says:

    ප්‍රේමදාස ජනාධිපතිතුමගේ කාලයේ ආපු ප්‍රොජෙක්ට් එකක් ඔක. චන්ද්‍රිකා කාලේ ඕක හිමින් හිමින් ගියෙ ( ඉඩම් අත්පත් කරගන්න සෑහෙන කල් ඇදුනා. පස්සේ බලු කූඩුවටත් හිතා ගන්න බැරි ගනන් දීලා ඉඩම් අත්පත්කරගත්තේ ). මෙයා මුල් ගල තිවුවට වේගයෙන් මාර්ගය හැදුවේ මහින්දගේ කාලයේ. මේක ලේන් හතරක් එක පැත්තට ආපු ප්‍රොජෙක්ට් එකක් පස්සෙ වියදම නිසා එක පැත්තට දෙකක් වුනා . හැබයි දැන් යන වාහන ප්‍රමාණයත් එක්ක සහ අනිත් අධිවේගී මාර්ගත් එකතු වුනහම හතරට නොගිය එකේ පාඩුව තෙරේවී.

  11. රොන් says:

    අර බටලනදේ වධකාගාරය ආරම්භ කරේත් ඔබතුමා එහෙම නේද?

  12. හිච්චිමහත්තෙයා says:

    ඇයි ඕයි යුද්දෙ දිනෝල දුන්නෙත් මෙයැයි නෙවිද?
    එතකොට ජරාවෙල තිවුන සැංට්‍රල් බෑංකුවට ඉනංටර්නැසනැල් ගවුනර් කෙනෙක් දාල සුද්ද කෙරෙව්වෙ කවුද?

    තව එක කාලෙකදි මානව අයිතිවාසිකම් රැක්කෙ ටොප් එකටම!

    අපෙ ඈයොංට මතක නෑ ඕයි!

    • ගරසරප says:

      දිනන්න යුද්දයක් තියෙන්න එපැයි. ඉතින් යුද්දය පටන්ගත්තේ මෙතුමලාගෙ ආන්ඩු කාලෙ නොවෙද ?

  13. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    ගොන්ජෝ…… මෙන්න මුවත් කොකේන් ලිස්ට් එකට දා ගනින්.

  14. Boo says:

    අර ජරාවාස වෙලා තිබුණු මහා බැංකුව අපූරුවට සුද්ද කලෙත් මෙයාම තමයි.

  15. Karu says:

    උඩින් යන් අධි වේගය?
    දෙනියායට?

Main News