දක්‍ෂිණ අධිවේගී ව්‍යාපෘතියේ සැප වාහනයක් කිසිම ඇමතිවරයෙකු භාවිතා කරන්නේ නෑ.. හැකිනම් ඔප්පු කරන්න..- කිරිඇල්ල

September 5, 2017 at 5:30 pm | lanka C news
දක්‍ෂිණ අධිවේගී ව්‍යාපෘතියේ සැප වාහනයක් කිසිම ඇමතිවරයෙකු භාවිතා කරන්නේ නෑ.. හැකිනම් ඔප්පු කරන්න..- කිරිඇල්ල

‘දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ සුඛෝපභෝගී වාහනයක් කිසිඳු ඇමතිවරයෙකු භාවිතා කරන්නේ නැහැ. හැකිනම් තොරතුරු නම්ගම් සහිතව ඔප්පු කරන්න’ යයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

‘දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය පිලිබඳ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කරුණු කිහිපයක් ප‍්‍රකාශ කර තිබෙනවා. එහිදී දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියට අයත් සුඛෝපභෝගී වාහනයක් අමාත්‍යවරයෙකු පරිහරණය කරන බව මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා. සාක්‍ෂි සහිතව එ් පිලිබඳව ප‍්‍රකාශ නිකුත් කරන්නේ නම් එම තොරතුරු නම් ගම් සහිතව හෙලිදරව් කරන ලෙස මා සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීතුමාට අභියෝග කරනවා. එ් අවස්ථාවේදී ඔහු මතුකල අනෙකුත් කරුණු පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා විසින් නිළ ප‍්‍රකාශයක් නිකුත් කරමින් එහි තාක්‍ෂණික අංශය පිළිබඳ කරුණු පැහැදිලි කර තිබෙනවා’

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ ‘මගනැගුම මහමැඳුර’ පරිශ‍්‍රයේදී පැවති මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ගේ හමුවකට එක්වෙමිනි.

– රජිත සමරසූරිය

48 views