දක්‍ෂිණ-කටුනායක අධිවේගී මාර්ග රනිල්ගේ වැඩ තමයි.. – චම්පික

November 8, 2016 at 3:50 pm | lanka C news
දක්‍ෂිණ-කටුනායක අධිවේගී මාර්ග රනිල්ගේ වැඩ තමයි..  – චම්පික

දක්‍ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගයන් ආරම්භ කලේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අද හෝමාගම පැවති උත්සවයක් අමතමිනි.

1968දී සැලසුම් කර තිබූ කටුනායක අධිවේගය 2002 වසරේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් වැඩ ආරම්භ කල පසු මහුන්ද රාජපක්‍ෂ මහතා පැරණි ඉංජිනේරු සැලසුමට අනුවම එය ක‍්‍රියාත්මක කල බවද කී ඇමති රණවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් 2003 වසරේදී ආම්භ කරන ලද දක්‍ෂින අධිවේගී මාර්ගයද මහින්ද රාජපක්‍ඹ මහතාගේ කාලයේ වැඩ අවසන් වූ බවද කියා සිටියේය.

114 views
Main News