දකුණු අධිවේගයේ වාහන 09ක් එකිනෙක ගැටේ…

April 15, 2019 at 4:40 pm | lanka C news
දකුණු අධිවේගයේ වාහන 09ක් එකිනෙක ගැටේ…

දකුණු අධිවේගී මාර්ගයේ සිදුවී ඇති රිය අනතුරකින් මෝටර් රථ 09කට දැඩි අලාභහානි සිදුව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී අටට පමණ වැලිපැන්න හා කුරුදුගහහැතැම්ම අතර ප්‍රදේශයේ දී ය.

මාතර බලා ගමන් ගත් මෝටර් රථය හදිසියේ තිරිංග තද කිරීම නිසා පිටුපසින් පැමිණි සෙසු මෝටර් රථ පෙළ ද එකිනෙක ගැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කෙසේ නමුත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති බවද පොලිසිය කියා සිටියේය.

මෙම උත්සව සමයේ දකුණු අධිවේගී මාර්ගයේ ඇතිව තිබෙන අධික වාහන තදබදය හේතුවෙන් මෙවැනි අනතුර සිදු වන බවද පොලිසිය කියා සිටී.

75 views
Main News