දකුණු අප්රිකාවට එරෙහිව ශ්රී ලංකාව ප්රබල තත්වයක..
July 14, 2018 at 2:06 am | lanka C news
සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවේදී ශ්රි ලංකාව වැඩි වාසි අත්කරගනෙ සිටී.
දෙවැනි දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සදහා ශ්රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 111ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව මේ වන විට ශ්රී ලංකාව දකුණු අප5ිකානු පිලට වඩා ලකුණු 272ක් ඉදිරියෙන්
සිටී.
පළමු ඉනිම ශ්රී ලංකාව ලකුණු 287ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස දකුණු අප්රිකාව ලබා ගත්තේ ලකුණු 126කි.