දකුණු අප්‍රිකාව පරාදයි… ශ්‍රී ලංකාවට වාර්තාගත ටෙස්ට් ජයග්‍රහණයක්.,

February 23, 2019 at 3:50 pm | lanka C news
දකුණු අප්‍රිකාව පරාදයි… ශ්‍රී ලංකාවට වාර්තාගත ටෙස්ට් ජයග්‍රහණයක්.,

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කර තිබේ.

මෙම තරඟය කඩුලු 8කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීමත් සමග සම්පූර්ණ තරගාවලියේ ජයද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත.

මෙම ජයග‍්‍රහණය ආසියානු රටක් දකුණු අප‍්‍රිකාවේදී එම කණ්ඩායම පරදා ලද පළමු ටෙස්ට් තරගාවලි ජයයි.

එමෙන්ම ඔස්ටේ‍්‍රලියාව හා එංගලන්තය හැරුණු විට දකුණු අප‍්‍රිකාවේදී එම කණ්ඩායම තරගාවලියකින්ම පරාජය කරන ලද තුන්වැනි එටද ශ‍්‍රී ලංකාවයි.

182 views
Main News