දකුණු අප‍්‍රිකාව අතින් ශ‍්‍රී ලංකාවට දරුණු පරාජයක්.. ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට..

June 28, 2019 at 10:06 pm | lanka C news
දකුණු අප‍්‍රිකාව අතින් ශ‍්‍රී ලංකාවට දරුණු පරාජයක්.. ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට..

2019 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ පැවති තීරණාත්මක තරඟයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ කඩුලු 9 ක පරාජයක් ලැබීය.

තරගයෙන් මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 43.3 සියලු දෙනා දැවී ලකුණු 203ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානුවන් 01 කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 37.2කදී ඉලක්කය පසු කරමින් තරගය ජය ගත්තේය.

මේ සමග ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් 07 වන ස්ථානයේද පසුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද අවසන් පූර්ව වටය සඳහා පැමිණීමට නම් ඉඩකඩ ඉතා අවම බව ජාත්‍යන්තර විචාරකයන් කියා සිටියහ.

මන්ද එංගලන්ත කණ්ඩායම තව එක් තරගයක් ජය ගතහොත් ඔවුන් ලකුණු ලබාගැනීමේ වේගය සමගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන නිසාය.

එමෙන්ම ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පාකිස්තාන හා බංගලදේශ කණ්ඩායම්ද සිටින්නේ තවත් තරග දෙක බැගින් තරග වැදීමට ඉතිරිව තිබියදීය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත්තේ ඉන්දීය හා කොදෙවු කණ්ඩායම් සමගිනි.

42 views

20 Comments to “දකුණු අප‍්‍රිකාව අතින් ශ‍්‍රී ලංකාවට දරුණු පරාජයක්.. ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට..”

  1. Hirantha says:

    Come again,
    Born again,

  2. කැට් says:

    කෝ මේ ගංගා. අර ශාස්ත්‍ර කියන ගෑණුකෙනා. අර ගංගා සිල් මෑණියො. අපේ කොල්ලො ලෝකෙ හොල්ලන ජයක් ගන්නව කිව්වෙ. ඇයි අර කිව්වෙ. දිනනව කියල. ….. එහෙම කිව්වෙ නැහැ….. අනේ මන්ද? නේද????

    • Sun says:

      Still people are believing such predictions. Unless we develop our mind beyond only we can see things as they are but not from our naked mind. There are people with such highly developed minds but not to continue the life in Sansara. Purifying the mind to reach that path. Thank you.

  3. cw says:

    I remember some idiot said SL are winning due to Ranil’s good stars. Where are they now?

  4. මාතර සුනිල් says:

    චන්දිමාල්, තරංග, අසේල වගේ සටන්කාමි සෙබළු කුඩුවේ දාල සල්ලි වලට රට පාවල දෙන මිත්‍යා දෘෂ්ටිකයෝ අරගෙන ගිය එවුන්ට ගහන්න ඕන මඩු වලිගෙන්.

  5. කෝබොලව් අර බොරු මැණියෝ ඔය තියෙන්නේ ආඳොලනාත්කම පෙරලිය මුංට දිනන්න පුලුවන් සල්ලිකුට්ටියක් දෙනවා කිව්වොත් විතරයි අලුතෙන් ටීම් එකක් හදලා ඊලඟ ලෝකකුසලානෙටවත් යවපල්ලා????

  6. simion says:

    කොහොමද සංගාගේ ඉංගිරිසිය?….මාර සෝබන ටෝක් ඒක…ඉංගිරිසි අඹරලා, ගුලිකරලා , ගිලලා වමාරනවා…මාරයි…ඊටත් වඩා හපන් තරඟය අතරෙදි දාන ඇඩ් ටික…වල්ගයක් බැඳගත්තු ගෑණියෙක් ඒ මදිවට වල්ලකුත් එල්ලාගෙන දාන බිස්කට් ඇඩ් එක…තව එකක කාර් එකක් නැවතුනාම, එක බූරුවෙක් මොනවාදෝ බෝතලයක් බීලා සන්නිය හැදිලා වගේ නටලා ඉංජිම ස්ටාට් කරනවා….

Main News