දකුණු ආසියාවේ විශාලම මස් කර්මාන්තශාලාව කටුනායකට.. බෞද්ද රටේ ඒකට ඉඩ දෙන්නෑ යයි සංඝ රත්නය කියති..

December 18, 2020 at 11:20 am | lanka C news
දකුණු ආසියාවේ විශාලම මස් කර්මාන්තශාලාව කටුනායකට.. බෞද්ද රටේ ඒකට ඉඩ දෙන්නෑ යයි සංඝ රත්නය කියති..

රාජගිරිය පාර්ලිමේන්තු පාරේ ශ්‍රි ජයවර්ධනපුර ජයසේකරාරාම විහාස්ථානයේ දි සත්ව හිංසන විරෝ­­­­­­­­­ධි සංවිධාන, බෞද්ධ සංවිධාන එකතුව පවත්වන ලද  මාධ්‍ය හමුවේ දි  කියා සිටියේ දකුණු ආසියාවේ විශාලම මාංශ කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නට මෙරට මහ සංඝරත්නය ඉඩ නොදෙන බවයි.

මෙම මාධ්‍ය හමුව කැදවා තිබුනේ ජාතික විද්වත් සංඝ සභාව විසිනි. ඒ සදහා වැඩම කළ  රාමඤ්ඤ මහා නිකායේ දක්ෂින ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පුජ්‍ය  ඕමල්පේ සෝභිත නාහිමි, සමස්ථ අමරපුර මහා නිකායේ ලේකාධිකාරි ආචාර්ය පුජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමි, ශාස්ත්‍රපති පුජ්‍ය රජවත්තේ වප්ප අනුනාහිමි, ශාස්ත්‍රපති පුජ්‍ය පස්සරමුල්ල දයාවංස හිමි, පුජ්‍ය මතුරට ධම්මරතන හිමි, පුජ්‍ය මතුරට ධම්මාලංකාර හිමි, පුජ්‍ය ධම්මික හිමි ඇතුළු මහ සංඝරත්නය ද, ජනාධිපති නීතිඥ මැද්දවල මහතා. පෝෂණවේදි විශාකා මහත්මිය.

සංගිතවේදි දයාන් විතාරණ ඇතුළු සත්ව හිංසන විරෝධි සංවිධානවල නියෝජිතයන්  සහභාගි වී සිටියහ.

දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාවක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ විවෘත කරන ලදී. ඒ පසුගිය සදුදා දිනය.මෙම ව්‍යපෘතිය මගින් රුපියල් බිලියන 1.5 ක ආයෝජනයක් සහිත දේශීය ව්‍යාපාරිකයෙකුට අයත් බව ද සදහන්වේ. කර්මාන්තශාලාව පිහිටුවා ඇත්තේ මස් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපල අවශ්‍යතාවයෙන් 10% ක් සපුරාලීම අරමුණු කරගෙනයි.

මෙම මාංශ කර්මාන්තයට විරෝධය පලකරමින් අදහස් දැක් වු ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් කියා සිටියේ අපේ පාලකයන් නිදහසෙන් පස්සේ වසර 72ක් ම රට අප කිර්තියට පත් කළ බවයි. ඒ ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භවිතා කරන රටක් වශයෙන් ද, අඩු මුදලට කාන්තාවන් ඇග විකුණ රටක් වශයන් ද?, ලෝකයේ විෂ එළවළු වගාකරන හා එවා පරිභෝජනය කරන රටක් වශයෙන් ද, වර්තා තබා ඇත. එම වාර්තාවට තවත් වර්තාවක් තබන්න අද මෙම සිංහල බෞද්ධ ආණ්ඩුව සුදානම් වෙමින් ඇත. පසුගිය සදුදා දකුණු ආසියාවේ මාංශ  කර්මාන්තය ආරම්භ කරමින්ය. ඒ දකුණ ආසියාවටම මාස් අනුභයෙන් 10%ක් සපයන්ටය. කවුද මෙවැනි කර්මාන්තයක් ආරම්භ කරන්න අවසර දුන්නේ. මේ සම්බන්ධයෙන් පරිසර වාර්තාවක් ගත්ත ද? මේ මගින් සිදු කරන සදාචාර හානිය හා ජාත්‍යන්තර අපකිර්තිය ගැන සැකිල්ලට ගත්තද ? මෙම මාංශ කර්මාන්තයට අදාල සතුන් සපයා ගන්නේ කෙසේද? සතුන් ඝාතනය කරන්නේ කෙසේද? මෙවැනි ක්‍රියාවලියෙන් සිංහල බෞද්ධයන්ගේ මනදොල සපිරෙන්නේ ද? යන්න ප්‍රශ්න කර සිටිහ.

ආණ්ඩු ක්‍රම ව්‍යවසථාවේ 9 වන වගන්තියෙන් සදහන් වන්නේ බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය දෙන බවත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කරන බවත්, ප්‍රවර්ධනය කරන බවත්ය. අද එය වචනවලට සිමාවේලා ඇති බව  උන් වහන්සේ පෙන්වා දුන්නේය.

මෙම ආණ්ඩුව මීට මාස 03කට කලින් ශ්‍රි ලංකාවේ ඝව ඝාතනය තහනම් කිරිමට අගමැති තුමා යෝජනා කල බව මාධ්‍ය වර්තා විය. ඒ මගින් සිංහල බෞද්ධයන් පමණක් නොව සත්ව හිංසනයට අකමැති සියලු දෙනා ද හින්දු බැතිමතුන් ද මහත් සතුටට පත් විය. එම යෝජනව කැබිනට් මණ්ඩලයේ ද සම්මත වු බව වර්තා විමෙන් එම සතුට තව දුරටත් වැඩි විය. අප එම සතුට සමග ලංකාවේ තිබෙන පන්සල් දොලොස් දහසද අතුළු ආගමික ස්ථාන රැසක් එකතුව අත්සන් දසලක්ෂයක් අප එකතු කරමින් සිටියේ. අපට එය භාරදිමට නොහැකි වුයේ මෙම කොවිඩ් 19 වෛරසය නිසයි. ඉහත ගවඝාතන නතර කිරිමේ යෝජනව මාස කිපයකට අත හැර දමන බව පසුව වර්තා විය. අපිට ඇති ගැටළුව අගමැති තුමාගේ එම උතුංග යෝජනාවට කවුද විරුද්දව ක්‍රියා කළේ යන්නයි. අපි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්  ඉන්නේ අගමැති තුමා සමගය.  එතුමා ගත් සත්ව හිංසන ප්‍රතිපත්තිය සමගයි.

අද සිටින මැති ඇමතිවරුන් නිතරම මහනුවර දළදා වහන්සේ වැද ආශිර්වාදය  ලබා ගන්න ද, අනුරාධපුර ජයශ්‍රිමහා බෝධින් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න ද යනවා. මේ එන මැති ඇමැතිවරුන්ගෙන් සෘජුවම ප්‍රශ්න කරන්න ඕනැ. මෙම කර්මාන්තය ආරම්භ කිරිම සම්බන්ධයෙන්ද, ඔබ මාධ්‍ය ආයතනත්, මහනායක හිමිවරුන්ගෙන් අහන්න ඕනෑ ඔබ වහන්සේලා මෙවැනි කර්මාන්තයක් ආරම්භ කරන්නට අවසර  දුන්නාද? ජනාධිපති තුමාට මෙරට සිටින ප්‍රබුද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සැදුම් ලත් බෞද්ධ උපදේශක සභාවක් තියනවා.ඒ අයත් මේ ගැන වගකිමක් දරන්න ඕනෑ.යයි උන් වහන්සේ කරුණ පැහැදිලි කරන ලදි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වු ආචාර්ය පුජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමියන් කියා සිටියේ මෙම සිදු වීම මගින් රටට ශාපයක් විය හැකි බවයි. නේපාල රටේ පුජාවක් සදහා ගවයන් දෙලක්ෂ පනස්දහසක් මරණ ලදි.මාසයක් ගිය පසුව රටට දුර්භික්ෂයක් ඇති විය. භුමිකම්පනයක් ඇති විය. ඇෆ්ගන්ස්ථානයේ බුදු පිළිම විනාශ කරන ලදි. ඒ රටට මොකද වුනේ යන්න විමසා සිටිහ. එම නිසා මෙවැනි ක්‍රියාවල අතුරු ප්‍රතිපල ඇති බත් කියා සිටිය. එම නිසා සමස්ථ අමරපුර නිකායේම විරෝධය හා  පිළිකුල ප්‍රකාශ කරන ලෙස තමන්ට මහනායක හිමියන්  දැනුම් දුන් බව කියා සිටිහ.

පුජ්‍ය රජවත්තේ වප්ප නාහිමියන් කියා සිටියේ මෙම ආණ්ඩුව පත් වුනේ සිංහල බෞද්ධයන්ගෙන්ය.එය ජනාධිපතිවරණය දි ද මහමැතිවරණය දි පෙනි ගිය කරුණකි. ජන්දයට පෙර කියා සිටියේ බුදු දහම පදනම් කරගත් රටක් ගොඩ නගන බවයි. ඒ උතුම් අරමුණ වෙනුවෙන් මෙරට ජනතාව ජන්දය ලබා දි ඇත. එහෙත් දැන් ඊට හත්පසින්ම විරුද්ධ අපරාධ සිදු වෙන බවත්,දුරාචාර සිදු වෙන බවත් සදහන් කළේය. තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ පංච ශිල ප්‍රතිපත්තිය රකින රටකටය. දෙවියන්ගේ රැකවරණය ද ලැබෙන්නේ එවැනි පාලකයන්ටය. එම නිසා මෙම සිදු කරන දකුණු ආසියාවේ මාංශ කර්මාන්තය නතර කරන තුරු අපි මහ සංඝරත්නයත්, බෞද්ධ සත්ව හිංසනයට විරෝධි සංවිධාන සමග ඉදිරියට එමින්, මේ බෞද්ධ රට  බේර ගන්න දිවි හිමියෙන් අපි  ක්‍රියා කරන බව උන් වහන්සේ කියා  සිටියහ.

බුදුගල ජිනවංස හිමි
විද්වත් සංඝ සභාව
මාධ්‍ය සම්බන්ධිකරණය

51,284 views

42 Comments to “දකුණු ආසියාවේ විශාලම මස් කර්මාන්තශාලාව කටුනායකට.. බෞද්ද රටේ ඒකට ඉඩ දෙන්නෑ යයි සංඝ රත්නය කියති..”

  1. Chamara says:

    Onama kunu wadak karala salli hamba karana jathiyak wela api.

    minissunta athmabimanayak atthema naha.

    Salli walin onama balu wedak wahanna puluwan kiyana thanata minissunge oluhadala thiyenne

  2. බන්ඩා says:

    කිරි කර්මාන්තය අවිහින්සා කර්මාන්තයක් නෙවෙය් ඒක මස් කර්මාන්තය හා බැඳිල තියනවා. පිරිමි ගවයන් සහ පැටව් නැති ගවයන් නඩත්තු කරන කිරි ගොවියන් ඉන්දියාවේ වත් නැහැ. ඔවුන් සවුදියට ගවයන් පනපිටින් විකුනනවා.

    • Love nature says:

      පිරිමි ගවයන් සහ පැටව් නැති ගවයන් නඩත්තු කරන්න බැරි නම් ගවයින් ඇති නොකල යුතුයි .බන්ඩා .,උබේ ගෑනිට පිරිමි දරුවෙක් ලැබුනම නඩත්තු කරන්න නොහැකි නම් මරනවද ? බුරුවෙක් වුනාට ඒ බව ප්‍රසිද්ධියේ පෙන්වන්න එපා

  3. ජානක says:

    ඕමල්පේ හාමුදුරුවෝ ලැජ්ජ නැතුව තාම චම්පිකට කඩේ යනවා නේද

    • Hansaya says:

      2015-2020 ටිකේ කිසි සඩ්ඩයක් තිබ්බෙ නැහැ. ඉන්නවද අපවත් වෙලාද කියල හොයා ගන්ඩ බැරුව හිටියේ . ආලපාලුවා අලුත් ගමනක් පටන් ගත්තු ගමන් නැගිටල ඇවිල්ලා

      රොටිය කර කර ගත්තු එක්කනාට වගෙ සීඩී පටයක් වත් …. එකම නම..

    • Duel Citizen says:

      රාජ-යක්ෂලාගේ යක්ෂාගමනයට දායක වූ කහකඩයෝ ස‌ෙට් එක ආපහු මිනිස්සුන්ව රවට්ටන්න තවත් උප්පරවැට්ටියක්.
      ද‌ෙමල මිනිසුන් මුස්ලිම් මිනිසුන් ක‌ෙරේ ව‌ෛරය දේශනා කරපු අය හරක් ක‌ෙරේ ම‌ෛත්‍රිය පතුරවන රංගනයක.
      69 ලක්ෂයක මොළ සෝදාා යක්ෂාගමනයට පාර කැපූ උන්ට සිංහල ජනතාව ගැනද ආදරයක් නැති බව තේරැැම් ගනිමු.
      මේ දුෂ්ඨයන් පසුපස ගොස් රෑ වැටුන වලේ දවල් වැට‌ෙන්න එපා.

      • Sky says:

        මේ රට බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ සිංහල බෞද්ධ මාතෘ භුමිය ..මේ රට ආරක්ෂා කලේ අපේ උතුම් සංඝ රත්නයයි ..අපේ ගෞරවනීය සංඝයාවහන්සේලාට අවමන් කරන උබ ගවඝාතනයට කැමති නරුමයෙක් ද ? මේ ලෝකේ මිනිස්සු විතර ක් නොවේ සෑම සතෙක්ම ජිවත් විය යුතුයි

  4. kiribatha says:

    Sri Lanka is predominantly a Buddhist country. Meat related industries should not be a part of our development plan. We should use other alternatives such as Education, health tourism, aged care facilities for foreigners to develop this country. This could be easily done. Just need dedication. We all know MR is not a devout Buddhist. He married to a very strong catholic lady and his son did the same. I am not surprised.

  5. Joy says:

    මේ වගේ පාපකර්මයන්ට අනුමැතිය දෙන මොලයක් නැති බූරුවන් කව්ද? ගව ඝාතන වහාම තහනම් කලයුතුයි.

    • කසිප්පු ජොනී says:

      උබ චන්දෙ දුන්නෙ බූරුවන්ටද එතකොට ? 😀

  6. බිල්ල says:

    ගවයන් මැරීම මහා පාපකර්මයක්. ඒනිසා ගවඝාතන තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කලයුතුය. නමුත් මාළු ලක්ෂ ගණන් මුහුදෙන් සහ රට තුල ජලාශ වලින් ගොඩට ගෙන ඒම උන්ගේ පන නැසීමක් නොවේ. මාළුවා මැරෙන්නේ උන්ගේම වැරැද්දෙනි. උන් ගොඩට ගෙන ආවට පසු උන් හුස්ම නොගන්නේ උන්ගේම වැරැද්දෙනි. අනික කුකුළන් ගස්වල හටගන්නා නිසා සත්ව ඝාතනයට අදාල නොවේ. අනික කටුනායක නිදහස් වෙළඳ කලාපය මේ රටේ නීති ක්‍රියාත්මක නොවන විශේෂිත ප්‍රදේශයකි.

    • sunimal says:

      ලංකාව බෞද්ධ රටක් බැවින් සත්ව ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි ..සෑම සතෙක්ම ඔවුන්ගේ ජිවිත වලට ආදරෙයි ..ඔවුන්ට මේ ලෝකේ ජිවත් වීමට අයිතියක් ඇත …කාලකන්ණි මිනිසුන්ගේ කෑදරකමට අසරණ සතුන්ගේ ජිවිත විනාශ වීමට ඉඩ නොදිය යුතුයි ..සෑම මිනිසෙක්ම මස් කෑමෙන් වළකින්න

  7. Gorilla says:

    ගව ගාතනයනම් නවත්තන්න ඔනේ. හැබැයි ගිහියන්ගේ හැම රෙද්දකටම අතදාන ඝනගෙඩියන්ගේ තට්ටෙට තාර දාල කුරුලු පිහාටු ටිකක් දාලා සිවුර ගලෝල සරම අන්දල එලියට දාන්න ඔනේ. මේ ඝන ගෙඩියෝ රටට මුකුත් සේවයක් කරනවද? හැබැයි දේශපාලනයේ ඉදන් අනික් හැම මගුලම කරනවා.

  8. ගොන් බයියා says:

    මේක රාජපක්ෂලා කරන නිසා පව් නෑ. යුඇම්පී ආන්ඩුව කාලෙ කොලා නම් එහෙම අපි මරාගෙන මැරෙනවා යකෝ.

  9. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    දැන් සැපද……….

  10. Theeraka says:

    Daily GR is proving to be a better HitanHutan than real Hitan Hutan!

Main News