දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්‍ෂිණ අධිවේගයයි.. ලංකාය සංවර්ධනයේ හිනිපෙත්තටම ගෙනයාම බලාපොරොත්තුවයි…

October 4, 2021 at 8:40 am | lanka C news
දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්‍ෂිණ අධිවේගයයි.. ලංකාය සංවර්ධනයේ හිනිපෙත්තටම ගෙනයාම බලාපොරොත්තුවයි…

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා සමග සාකච්ඡාවක් මහාමාර්ග අමාත්‍යාංශදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, මාර්ග ආරක්ෂාව,තදබදය කලමණාකරණ වැඩසටහනක් අළුතින් ආරම්භ කිරීම හා තවත් මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති සංවර්ධනය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.අධිවේගී මාර්ග පිලිබදව ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසූ අවස්ථාවේදී ඊට පිලිතුරු ලබාදුන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ උතුර දකුණ නැගෙනහිර හා බටහිර අධිවේගී මාර්ග හරහා එකතු කිරීම තුලින් රට තවදුරටත් සංවර්ධනයේ හිනිපෙත්තටම ගෙනයාම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ එක් බලාපොරොත්තුවක් බවයි.ඒ වගේම ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු තුලින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට පිටිබලයක් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රීලංකා අධ්‍යක්ෂ ආචාර්‍ය චෙන් චෙන් (Chen Chen) මහතා මෙහිදී අදහස් පලකරමින් කියා සිටියේ දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය බවයි.තවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ වර්තමාන ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාගේ ඉල්ලීමකට අනුව ආරම්භ කල ප්‍රමුඛතා මාර්ග (I Road) ව්‍යාපෘතිය ඉතා සාර්ථක බවත් බංගලාදේශය හා ඉන්දියාවේ ග්‍රාමීය මාර්ග සදහා භාවිතා කරන්නේද එම (I Road) මොඩලය බවත් ආචාර්‍ය චෙන් චෙන් වැඩි දුරටත් පවසන ලදී.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහනේ ප්‍රගතිය හා පැල මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන්ගේ පැසසුමට ලක්විය.

තවද ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඉදිකෙරෙන වරාය පිවිසුම් මාර්ගයේ ප්‍රමාදය පිලිබදව සාකච්ඡා කෙරුණු අතර එම ප්‍රමාදයන් වැලක්වීම සදහා අවශ්‍ය තීන්දු තීරණ හා කටයුතු සම්පාදනය කර ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතාට පැවසීය.

ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන ප්‍රගතිය වර්තමානයේ ඉතාමත්ම ඉහළ බැවින් ඉදිරියේදී ආසියානු බැංකුවේ සහාය ලබාදීමට ඉතා කැමැත්තෙන් සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට ප්‍රකාශ කරන ලදී.

මහාමාර්ග අමාත්‍යාංශයේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokayama) මහතා සමග පැවති සාකච්ඡාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතා හා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ආචාර්‍ය චෙන් චෙන් මහතා ඇතුළු නියෝජිතයින් සහභාගී විය.

– මාධ්‍ය ඒකකය

12,447 views

10 Comments to “දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්‍ෂිණ අධිවේගයයි.. ලංකාය සංවර්ධනයේ හිනිපෙත්තටම ගෙනයාම බලාපොරොත්තුවයි…”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    ජොනී ජෝකර් ඔව් මතං දකුණු ආසියාවේ හොදම හයි වේ එක ධක්ෂිණ අධිවේගී මාර්ගය , ඒ වගේ අධිවේගී මාර්ග අපි හදන්න ඔනේ , මංතීරු හදන්න ඔනේ , පාලම් බොක්කූ හදන්න ඔනේ , පාරවල් කොන්ක්‍රීට් කරන්න ඔනේ , නෙළුම් කුළුණු තව හදන්න ඔනේ , සම්මන්ත්‍රණ ශාලා හදන්න ඔනේ , වරායවල් , ගුවන් තොටුපලවල් හදන්න ඔනේ එතකොට තමයි ඈශ්චර්‍යත් එක්ක සෞභාගේ දැක්ම උදාවෙන්නේ , ආරංචියේ හැටියට , ඊලග අයවැයෙන් විශාම මුදලක් වෙන් කරන්න නියමිතයි , බොලාගේ ඔය “පාරවල් කාපට් සහ මංතීරූ ” හදන අමාත්‍යාංශට. කාටද ඉතින් ආඩම්බර නේද ? 😂😂😂

  2. Asanka Karunarathne says:

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ වර්තමාන ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාගේ ඉල්ලීමකට අනුව ආරම්භ කල

  3. බයියා says:

    ඕවා කියපන් ලිදෙ ඉන්න බය්යන්ට.

  4. ඇතුගල්පුර උකුස්සා says:

    මෙි ගොං හරකාට අඩුම තරමින් අ.පො.ස සාමාන්‍ය පෙළවත් නෑ. කිවිවොත් ගොං කතාවක්. වැඩක් කළොත් නැටිටෙ ඉඳන් ගොම. දක්ෂිණ අධිවෙිගී මාර්ගය නියම ප්‍රමිතියට හදල නෑ. අනතුරැ වැඩියි.රෑට එළවන්න බෑ. අනෙක් පැත්තෙන් එන වාහනවල එළිය ඇස්දෙකට වදිනවා. වර්ෂා වෙලාවට යන්නම බෑ. මූ හොඳයි කර අඹල, කරත්තෙක බඳින්න. වයඹ කසිප්පු නමි නැගල යනවා.

  5. 3% ට බය බයියා. says:

    දකුණු ආසියාවේ හිගන ජාතියක් ඉන්න එකම රටක් බවට නොබෝ දිනයකින් පත් වෙනවා .

  6. Jony Batta says:

    Adi vegee maarga dakala nathi, paawichchi karapu nathi ewuntanam aththa wage hithenawa athi!
    Lankawe hondama adi vegaya kiyuwanam piliganna thibuna!

  7. SAMAN says:

    මෙි ගොං හරකාට අඩුම තරමින් අ.පො.ස සාමාන්‍ය පෙළවත් නෑ. කිවිවොත් ගොං කතාවක්. වැඩක් කළොත් නැටිටෙ ඉඳන් ගොම. දක්ෂිණ අධිවෙිගී මාර්ගය නියම ප්‍රමිතියට හදල නෑ. අනතුරැ වැඩියි.රෑට එළවන්න බෑ. අනෙක් පැත්තෙන් එන වාහනවල එළිය ඇස්දෙකට වදිනවා. වර්ෂා වෙලාවට යන්නම බෑ. මූ හොඳයි කර අඹල, කරත්තෙක බඳින්න. වයඹ කසිප්පු නමි නැගල යනවා.

  8. Appuhamy says:

    The future should be the Railway for Public Transport and moving Cargo…

  9. Kalu Albot says:

    Adhiwegee Maargaya? Umbage Adho Maargaya wennathi!

  10. Aurora says:

    පෘතුවිය නම් ග්‍රහලෝකයේ වැඩිම ගාස්තුවක් අයකරන අධිවේගී මාර්ගය කටුනායක අධිවේගී මාර්ගයයි. කිලෝමීටර් 25 යි. රුපියල් 300.00. එක කිලෝමීටරයකට රුපියල් 12.00 යි. අප්පච්චිගේ ගමට යන්න පට්ට ලාබයි. කොළඹින් උතුරු පැත්තේ ඉන්න උන් ඒකටත් එක්ක ගෙවපල්ලා.