දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින් විවෘත කෙරේ..

January 14, 2021 at 6:57 pm | lanka C news
දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින් විවෘත කෙරේ..

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ.

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ. පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් නිෂ්පාදන සිදු කෙරේ.

SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරු පැදි, ත්‍රී රෝද ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිපදවනු ලැබේ. නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි 20% දේශීය වෙළෙඳපොළට සැපයේ. සමාගමේ ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස ඇමෙරිකාවට අපනයනය කිරීමට නියමිත ය.

මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්‍රතිලාභ අතර වෙයි.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරෑ කාන්තාවන් බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. කර්මාන්තශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම ද විශේෂත්වයකි.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් පිළිගනු ලැබීය.

සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා ටයර් නිෂ්පාදනායතනයේ සමස්ත ක්‍රියාවලිය නිරීක්ෂණය කළේය.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ලබාගත් ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්මි යසස්මි දියණියට තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, කනක හේරත්, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරු සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

41,313 views

33 Comments to “දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින් විවෘත කෙරේ..”

  1. Ras says:

    Nandana lokuwithaana is the unofficial guardian of the Sajin Vaas Gunawardana’s Black money.

    • tharaka says:

      Yako uge black money walin u minissunta rassa tikak hari haadala dunna. Tho karapu magulak tiyenwada thoge white money walin. thopi wage kuhaka haththa hinda tmai ratama kelawela tiyennje…. ubalata lamai hambenwanm eka me ratateth pape tamai

    • dev says:

      good person. who start business here.

    • Tomcruise says:

      You seem to be sure of it than your own organs. Did you see the money in account? Are you 100% sure if the person who told you about is honest? Did you ask that person how he got to know about it? Did that person provided a proof that evidence he saw was realistic or had someone else told him/her as well? If all that is clear, why didn’t you or that person publicise that evidence to people?

    • Nimal says:

      පට්ට. මෙතුමා වගේ ව්යාපාරකයෝ 15-20ක් හැදුවනම් උන් ටික තනියෙන් මේ රට ගොඩ දායි. යහපාලුවෝ මෙතුමටත් මඩ ගැහුවා 2015 ආණ්ඩු පෙරලියට කලින්.

    • බයියා says:

      මේ ගොං ටොයියො ටික කොච්චර මේ රටට වෛර කරනවද කිව්වොත් උන්ට මොනවා හරි හොඳ දෙයක් වෙනකොට ඇහේ කටු ඇනෙනවා වගේ. මොනවා හරි කියල අපහාස කරල නැති කරන්න හදන්නෙ. මුං සාපයක් මේ රටට.

    • Jepi buster says:

      ඉස්සර ලංකාවේ හැම තැනම ඔය වගේ විශාල කර්මාන්තශාලා තිබ්බා.
      කර්මාන්තශාලා අයිති ධනපතියන් නිසා මිනිස්සු දුප්පත් වෙනවා කියලා ජෙප්පෝ කර්මාන්තශාලා ඔක්කොම පිච්චුවා.
      අඩු ගානේ ගමක තිබ්බ ලී මෝලක් වත් ඉතුරු කලේ නැහැ.

      ආසියාවේ දෙවන විශාලම ආර්ථිකය තිබ්බ ලංකාව අවසානයේ පහලටම වැටුනා.

  2. Dudi says:

    Ranil mulgala thiyapu eka neda???

    • idud says:

      Uuh gal kapala wage umbatath

    • Karunadasa says:

      දේශපාලනය වැඩැක් නෑ කොහොමහරි රට දියුණු වෙනවනම්, ඇත්තටම ආඩම්බරයි සතුටුයි අපේ රට පියවරෙන් පියවර මේ විදිහට ඉදිරියට යාම පිළිබදව​. අපෙ රටෙ රබර් ප්‍රාතමික අමුද්‍රව්‍ය විදියට අඩු ගානට පිට රටවල් වලට දෙනවට වඩා අපෙම රටෙ නිෂ්පාදනයක් කරන එක කොච්චර හොඳද.නියමයි

    • Polgahawela says:

      Yes Maya open karane and ape rata

  3. Nuwan says:

    Toy car wheel shop

  4. වයි දිස් කොලවෙරි says:

    දැන් බලන්න……. මෙතන ආයෝජනය ඩොලර් මිලියන 100යි.

    වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දීය සමාගමේ ආයෝජනය ඩොලර් මිලියන කීයද?
    කීයක් වත් නෑ……..

  5. Bryman says:

    අසියාවේ ලොකුම එක හැදුවට රබර් වගාව ගැන කවුරුත් කතා කරන්නේ නෑ.

  6. GU-VP SAKKILI API says:

    Adooo, Api samalingikayo, Pucchanawa, Ginitiyanawa factaoriyama.

    Ratata kelona eka tamai GU-VP ASKKILI APE keruwawa

  7. අසංක says:

    ඒ කාලෙ මේකට බැනලා අද විවෘත කරන්න ගිහින් මුන්ට ලැජ්ජාව කියන එක ගැවිලාවත් නැ.

    • Alapaluwa says:

      බොහොම හොඳ ආරම්භයක් කියා නිම කරනවත් බැරි එනම් මෙයින් රැකියා උත්පාදනය වනවා ඒවගේම රටේ ආර්ථිකයත් ශකිමත්වනවා ඒවගේම අනිත් පසින් තවදෙයක් එක හෙලාම කිවයුතුයි මෙහි නියම අජෝකයින් සහා අයිතිකරුවන්ගැන මේ නන්දන ලොකුවිතාන නොවන බව එය ඉරහඳ වගේ විස්වාශයි .මෙහි නියම අජෝකයින් නම් රාජපක්ෂ මහින්ද,බැසිල් ඇතුළු සේසු අයයි. අපි දැක්කා නේ 2015 චන්දය පැරදී  පැදුරටත් නොකියා බැසිල් උන්හැහේ  කෙලින්ම බෑග් එකත් ඇදගෙන මාරුවුණේ කොහාටද කියලා??? මේවානම් කාටවත් බැහැ කියන්න බැහැ මුන්ගේ මේ කළු සල්ලි සුදු කිරීමේ එක ක්‍රමයක් තමයි මෙය.එවුන්ගේ කළු මුදල් සුදුකිරීමට මේ කර්මාන්තශාලාව හරහා කිසිම කරදරයක් නොමැතිව කල හැකියි එ මේසේය. මෙම කර්මාන්තශාලාවට අවශ්‍යය Machine ඒ කළු මුදල්වලින් ගෙනත් ඒ මුදල් ආයෝජනය කර කළු සුදු කරන හොදම ක්‍රමයයි එය. එවිට වියදම් කල කළු ඩොලර් ඉබේම මෙහි නිෂ්පාදනය ඇමරිකාවට යවා නිතියානුකුලව විදේශීය මුදල් රට තුළට ගෙන්වාගැන්ම කොහොමද මොළය නරක නැහැ නේදා බැසිල් ගොයියාගේ මොක එවිට එය නිතියාණුකුලයි. ඉස්සර මැදමුලාන ගෙවත්තෙන් කඩන පොල්වලට එ නියමිත ගසට වෙනමම file  එකක් මේ බැසිල් ගොයියා open කර තිබෙනවා ඒ ගසට කොපමණ වියදමක් දරනවද කොපමන් මුදලක් සොයනවද කියා මෑන්ස් එදා සිටම මුදල්වලට හරිම කෑදරයි. ඉතින් ඒ මොලේ තවත් වැඩිදියුණු කර තමයි මේ අලුත් කලාව නැවත භිහිවුයේ ,මතකද මල්වාන අර දිවසින් කඩා වැටුණු අයිතිකරුවෙකු නැති මාළිගය?? අන්න එකත් මෙයාගේ මැජික් ජිමික් එකක් තමයි .  කමක් නැහැ අපි සතුටු වෙමු කාට කාටහරි රැකියා ලැබී ඒ තුළින් දාහස් ගණනක් පෝෂණය වන බැවින්.අනෙක රටේම දියුණුව වෙනුවෙන්නේ නමුත් ඇත්තටම ගොටාභය මේවට සම්බන්ද නැහැ නමුත් දැන් දැන් ඉදිරියට කුණුවල රසය දැනෙන විට කුමක් කරයි කියානම් නොදනේමි. මේ ටයර් කර්මාන්ත ශාලාවට තව ලොකු අජෝකයෙක් සිටිනවා මෙහි පිටුපස කවුද දන්නවද ඔයාලා ඒ මැනස් ? ඒයා තමයි රනිල් ලොක්කා.ඉතින් ඔන්න අභියන්තරයේ ඇති සත්‍ය. 

  8. 😢😢 says:

    ටයර් බෙල්ල ලඟටම ආපු කාලය මතකද..?

  9. Dikman Aiyya says:

    ….not like the Voooaoxwagon factory….ha..ha..ha….thats still on the way

  10. Truth says:

    රෙස්පෙක්ට් ස 😆

Main News