දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින් විවෘත කෙරේ..

January 14, 2021 at 6:57 pm | lanka C news
දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින් විවෘත කෙරේ..

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ.

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ. පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් නිෂ්පාදන සිදු කෙරේ.

SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරු පැදි, ත්‍රී රෝද ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිපදවනු ලැබේ. නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි 20% දේශීය වෙළෙඳපොළට සැපයේ. සමාගමේ ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස ඇමෙරිකාවට අපනයනය කිරීමට නියමිත ය.

මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්‍රතිලාභ අතර වෙයි.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරෑ කාන්තාවන් බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. කර්මාන්තශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම ද විශේෂත්වයකි.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් පිළිගනු ලැබීය.

සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා ටයර් නිෂ්පාදනායතනයේ සමස්ත ක්‍රියාවලිය නිරීක්ෂණය කළේය.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ලබාගත් ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්මි යසස්මි දියණියට තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, කනක හේරත්, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරු සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

41,313 views

33 Comments to “දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින් විවෘත කෙරේ..”

  1. Cyril says:

    Thank you Ranil and Malik!

  2. රනිල් වික්‍රමසිංහ මහතාගේ තවත් නිහඬ ජාතික සේවයක්……!

    • Polgahawala says:

      Ouw mayala open karanawa ara kuliyapitiya theyana car hadana thanath mayama open karai… Lagadema

      • Hudson says:

        kuliyapitya has a car assembly factory anyway started by yahaplana time. thope wadabari weerayage gon hinahawa misak eka hari wadak kiyapan.

    • wijebahu says:

      Yahapalnaya did lots of work from all corners, but did not trumpet like Rajapaksa gang.

    • Alapaluwa says:

      Reject ඒවා තියාගන්නවා JVP ජවිපාවෝ අන්න එවුන්ගේ කරේ බඳින්න නුදුරු අනාගතයේදී

  3. Bawa says:

    money laundering 101

  4. Gommapila says:

    අනුන්ගේ ඒවගෙන් ලකුණු දාගන්නවා. අන්න රුපියල 197 බැහැලා

  5. baiya says:

    yahapalana rajayata sthuthiy.

  6. PULATHISI says:

    සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියේ වරින් වර ක්‍රියාත්මක කෙරෙන සෞභාග්‍යමත් වැඩ පිළිවෙළ අනුව අපේ රටට සුභ අනාගතයක් උදා වෙමින් පවතී. කොරෝනා උවඳුර අතරින් ඉදිරියට යන අතිගරු ජනාධිපතිතුමා සහ අතිගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ ජාතික සංවර්ධන වැඩ පිළිවෙළ සියලු ආකාරයෙන්ම සාර්ථක වේවායි සුභාසිරි පතමු.

Main News