දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට ජනපති අතින් පොළොන්නරුවේදී මුල් ගල් තැබේ …

December 7, 2017 at 6:49 pm | lanka C news
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට ජනපති අතින් පොළොන්නරුවේදී මුල් ගල් තැබේ …

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත්‍රශීලි පරිත්‍යාගයක් අනුව රුපියල් මිලියන 12,000 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට මුල් ගල් තැබීම 06 පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිදු විය.

රජ රට ජනතාව වසර ගණනාවක් දුක්විදි වකුගඩු රෝගයෙන් මිනිමටත් ප්‍රතිකාර කිරීමට මෙමගින් හැකි වෙයි.

ඉදිරියේදී අපිට හිමිවන විදේශ ප්‍රතිලාබ පිලිබදව ද ජනාධිපති තුමා විශේෂ ඉගියක් පලකළේය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර යන මහත්වරුන් ද ශී්‍ර ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලිං මහතා ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

111 views

4 Comments to “දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට ජනපති අතින් පොළොන්නරුවේදී මුල් ගල් තැබේ …”

  1. Wakugadu Rogiya says:

    Dakunu Aasiyawe lokuma rohala hadanne dakunu Aasiyawe wedima wakugadu rogeen inna nisa neda
    Ai kole wahanne.

  2. SUNIMAL says:

    රජ රට ජනතාව වසර ගණනාවක් දුක්විදි වකුගඩු රෝගයෙන් ප්‍රතිකාර කිරීමට මෙමගින් හැකි වෙයි.

    http://apisinhalanews.blogspot.de/2012/12/blog-post_9.html

  3. ලොකුම ලබ්බ says:

    ආසියාවේ ලොකුම ලබ්බ මෙහේ තමා තියෙන්නේ.සිනි කම්මල. ලොකුම පර්ලිමේන්තුව. ලොකුම පත් සබා ලොකුම හරක් අපි තමා.

  4. Udayanga says:

    මෙය ඉතා හොද දෙයක්. නමුත්…. වකුගඩු අකර්මණ්‍ය වූ පසු බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව කරන්න තියෙන දේවල් සීමා සහිතයි. ඒ නිසා කරන්න තියෙන වැදගත්ම දේ තමයි, වකුගඩු රෝග කාරක රටින් තුරන් කිරීමට කටයුතු කිරීම. විෂ කෘෂි රසායන සහ කල්තබා ගන්නා රසායනකික ඇතුළු විශාල රසායනික ද්‍රව්‍ය අප ගන්න ආහාර සහ ජලයට යොදනවා. මේවා නිසා වකුගඩු රෝග පමණක් නොවේ. බෝ නොවන රෝග වන පිළිකා, දියවැඩියාව, හදවත් රෝග වැනි රෝග වලින් ජනතාව බහුතරයක් පීඩා ලබනවා.
    මෙච්චර ගහකොළ, ඇල දොළ ගංගා ඇති සශ්‍රීක රටක ජීවත් වෙද්දීත්, පිරිසිදු ජලය ටිකක් බොන්න, පිරිසිදු පලතුරු එළවලු ටිකක් ගන්න විදියක් නැති හැටි දකින කොට මිනිස්සු විදියට අපි කොච්චර අසරණ වෙලාද කියල හිතෙනවා.

Main News