දකුණු ආසියාවේ වේගයෙන්ම එන්නත්කරණ රට ශ්‍රී ලංකාවයි…

July 18, 2021 at 1:20 pm | lanka C news
දකුණු ආසියාවේ වේගයෙන්ම එන්නත්කරණ රට ශ්‍රී ලංකාවයි…

දකුණු ආසියාවේ වේගයෙන්ම එන්නත් කරනය සිදුකළ රට වශයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව  වාර්තාගත වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඇල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට කොවිඩ් එන්නත ලබාදීමේ කටයුතු නිරීක්ෂණයෙන් අනතුරුව  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ  ලෝකයේ තිබෙන සියලුම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින්  එන්නත්කරනය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා-

විශේෂයෙන්ම ජනාධිපති වරයාගේ උපදෙස් පරිදි  සෑම දිස්ත්‍රික්කයකම එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

දකුණු ආසියාවේ වේගයෙන්ම එන්නත්කරණය කළ රට බවට ශ්‍රී ලංකාව අද පරිවර්තනය වෙලා තිබෙනවා.

අනික් පැත්තෙන් ලෝකයේ දැනට පිළිගත් සියලුම එන්නත් වර්ග තිබෙන රට බවට අපේ රට පරිවර්තනය වෙලා තිබෙනවා.

මේ එන්නත් ඉතා ඉක්මනින් එන්නත් කරණය කිරීමට යොදා ගන්නා රට බවටත් ශ්‍රී ලංකාව පත් වෙලා තිබෙනවා.

ඒ අනුව මේ වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය කරනවා වගේම නැවත වතාවක් ජන ජීවිතය ආර්ථිකය දරුවන්ගේ අධ්‍යාපනය සමාජ ජීවිතය සාමාන්‍යකරණය කිරීම සදහා රජය පැත්තෙන් ගත යුතු සියලුම  ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.

ඒ අනුව ජනාධිපතිවරයාගෙන් ආණ්ඩුවේත් විශේෂ අවධානය යොමුවෙලා තිබෙනවා සංචාරක ව්‍යාපාරය නැවත වතාවක් විවෘත කිරීමට.

අපේ රට ලෝකයේ සංචාරකයින්ට නැවත වතාවක් විවෘත වෙනකොට ඇල්ල වැනි තවත් සංචාරක ප්‍රදේශ වල අති බහුතරයක් ඒ කියන්නේ ලක්ෂ තිහකට වැඩි පිරිසකට නැවත වතාවක් රැකියා අවස්ථා ඇති වෙනවා.

බී ඕ අයි කර්මාන්තපුර වලට  අනිකුත් කර්මාන්තශාලාවලට ආර්ථික කේන්ද්‍රස්ථානයක් වශයෙන් විදේශ විනිමය රටට ගෙන මධ්‍යස්ථානවලට ධීවර වරායවල් වලට එන්නත් කරන කිරීම  ක්‍රියාත්මක කළා.

ඒ වගේම අද වෙනකොට ඉතාමත් සාර්ථකව සංචාරක කේන්ද්‍රස්ථාන හඳුනාගෙන ඒවායේ  එන්නත් එන්නත්කරණය කිරීමේ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා.

ඒ අනුව ඉදිරි කාලසීමාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා ගුවන්තොටුපල විවෘත කරන ගමන්ම   මේ රටේ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට හැකියාව ලැබෙනවා.එමගින් මේ වගේ ප්‍රදේශවල ආර්ථිකය ශක්තිමත් කරන්න අපිට හැකියාව ලැබේවි.

මේ වෙනකොට පළාත් අතර සංචාරක සීමා ක්‍රියාත්මක වුණත් දිස්ත්‍රික්ක අතර සංචාරන සීමා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි ප්‍රවර්ධනයක් ඒ ප්‍රදේශවල දක්නට ලැබෙනවා. ඉදිරි සති කිහිපය ඇතුළත ජනාධිපතිවරයා කොවිඩ්  කමිටුව මුණගැහිලා සාකච්ඡා කරලා  සංචාරණ සීමා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ක්‍රියාමාර්ගයක් ගන්නවා. අපි

රට විවෘත කිරීමේ ක්‍රියාදාමය නිරත වෙන්නේ දේශපාලන හේතුවක් මත නෙවෙයි.

එම සියලු පියවර ගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය  එක්ක සාකච්ඡා කරලා ගන්නා වූ තීන්දු තීරණ මතයි.

එන්නත්කරනය සාර්ථකව ක්‍රියාත්මක වෙනකොට රට ටිකෙන් ටික විවෘත කරන්න හැකියාව ලැබෙයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය අපට දැනුම් දීලා තිබුණා.

දැන් මේ වෙනකොට ඉතාමත් සාර්ථකව එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.ඉදිරි මාස දෙකක් ඇතුලත 30ට වැඩි සියලුම දෙනාට එන්නත් ලබාදෙන්න අපට හැකියාව ලැබෙනවා.

ඒ වගේම සංචාරක ව්‍යාපාරය සහ ආර්ථික වශයෙන් කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන ස්ථානවල සේවය කරන අයට 18ට වැඩි අයටත් එන්නත් කරණය කිරීමට හැකියාව ලැබෙයි.

මෙහිදී අදහස් දැක්වූ සංචාරක  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  –

පසුගිය කාලසීමාව තුළ මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා රට වහන්න කටයුතු කළා.

ඒ වෙලාවේ එන්නත්කරණය කිරීම ආරම්භ කරලා  තිබුණේ නැහැ.

දැන් ජනාධිපතිවරයා හා එන්නත්කරන කටයුතු එතුමා යටතට අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමඟ කටයුතු කරගෙන යනවා.

බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම මේ මාසේ අන්තිම වෙනකොට එන්නත ලබා දී අවසන් කරනවා .

බී ඕ අයි එකේ සියලු දෙනාට මේ වෙනකොට එන්නත ලබාදී අවසන්.

ගුරුවරුන් ට පෙර පාසල් ගුරුවරුන්ට ඒ වගේම රටේම 30 ට වැඩි අයට මේ මාසේ අන්තිම වෙනකොට  ලබා දෙන්න අවශ්‍ය එන්නත් ප්‍රමාණය රටට ලැබෙනවා.

ඊට සමගාමීව විදේශ සංචාරකයන් ගෙන් ලොකු ඉල්ලුමක් තිබෙනවා අපේ රටට එන්න.

මේ එන්නත් කරන ඒ පිළිබඳව ජාත්‍යන්තරව දැනුවත් කලවිට ඒ අය බය නැතුව අපේ රටට එනවා.

ඒ අයට අපේ රටට එන්න අවශ්‍ය කරන පරිසරය හදන්න නං අපි සංචාරක ප්‍රදේශ වල එන්නත්කරනය සිදු කරලා අවසන් කරලා තියෙන්න ඕනේ.

ඒ නිසා ජනාධිපතිවරයා උපදෙස් දුන්නා එවැනි ප්‍රදේශවලට කඩිනමින් එන්නත් ලබා දෙන්න කියලා.

ඇල්ල ප්‍රදේශයේ අප ගණනය කරලා තිබෙන විදිහට දෙදහකට වැඩි පිරිසක් සෘජු හා වක්‍ර ආකාරයෙන් සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ නියැළෙනවා .

ඒ අයට අද ඉඳලා 24 වෙනිදා වෙනකොට සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කරලා අවසන් කරනවා.

මොකද ලබන මාසේ පළවෙනිදා ඉඳලා සංචාරක ක්ෂේත්‍රයේ නව ආරම්භයක් කිරීමට අප සූදානම් වෙනවා.

පළාත් අතර සංචාරක සීමා හදිසියේම නැවත ක්‍රියාත්මක කරන්න හේතු වුණේ කොළඹ ප්‍රදේශයේ ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව ඇති වී තිබෙන ගැටලුව අනිත් ප්‍රදේශවලට යන එක වළක්වා ලීමටයි.

සෞඛ්‍ය අංශවල උපදෙස් ලැබෙන ලැබෙනකම් තාවකාලිකව මෙම තීරණය ගෙන තිබෙනවා.

නමුත් එය සංචාරකයින්ට බලපාන්නෙ නැහැ.

සංචාරකයින්ට පළාත් අතරට යන්න පුළුවන්. එන්නත් ලබා ගත් සංචාරකයින්ට ක්‍රමවේදයක් සහ එන්නත් ලබා නොගත් සංචාරකයින්ට ක්‍රමවේදයක් හඳුන්වා දීම තුළින්  ආරක්ෂිත පියවර අනුගමනය කරන නිසා ඊට අවස්ථාව ලබා දී තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වෙන්න කියලා  සංචාරක ව්‍යාපාරයේ  නියැලෙන හැම පුද්ගලයෙකුටම කියනවා .

ඉදිරි කාලයේදී රජය විසින් ලබාදෙන   සහන  ලැබෙන්නේ එලෙස ලියා පදිංචි වන අයටයි.

ඉදිරි කාලයේදී ජංගම   සේවයක් හරහා ලියාපදිංචි නොවූ සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින් ලියාපදිංචි කිරීම සිදු කිරීමට අපි පියවර ගන්නවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කලකිරී සිටින බවට විවිධ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා

එලෙස කළ කිරීමට ඔවුන්ට හේතුවක් නෑ . මොකද යහපාලන ආණ්ඩුවෙ තනතුරු දරලා වැඩ කරපු අය. ඒක අසාර්ථක වුණ නිසා තමයි ඒ අය අපිත් එක්ක එකතු උනේ.

මම කියන්නේ මේ හැමෝම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට නැතුව රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් වැඩ කළ යුතුයි. ඒ අයට වැඩ කරන්න අපි අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒ අය වැඩ කරනවා නම් ජනතාව ඒක පිළිගන්නවා.

අවුල් ආරවුල් ඇති කරන රජයක් ගෙනියන්න  ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ නැහැ.

කාබනික පොහොර සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව ජනතාවගේ හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා.  අනුරාධපුර පොලොන්නරුවේ සිට  දවසට බස් රථ දෙකක් මහරගම පිළිකා රෝහලට එනවා.

අද මේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයිනුත් මෙයට ගොදුරු වෙමින් සිටිනවා. ඒ නිසා පස සාරවත් කරන්නත් ප්‍රාණවත් කරන්නත් කාබනික පොහොර වැඩසටහන ඉතාමත් වැදගත්.එය ලෝකයේ හැමෝම පිළිගන්නා දෙයක්. ඒ වගේම ගොවීන්ට අවශ්‍ය කරන කාබනික පොහොර ටික ඒ අයට ලබාදෙන්න අපි ඉතා කඩිනමින් පියවර ගන්නවා.

– ප්‍රදීප් අනුර කුමාර

12,051 views

10 Comments to “දකුණු ආසියාවේ වේගයෙන්ම එන්නත්කරණ රට ශ්‍රී ලංකාවයි…”

  1. Godaya says:

    obathumage magapenweema nisama thamai ithin

  2. Gamini says:

    මේවා අහලා හිනහත් යනවා.

    • ඩෙවල් යකා says:

      දකුණු ආසියාවේ වේගයෙන්ම විනාශයට පරිහාණියට යන රට මේක..බයිසන් ගවයෝ.
      මේ වගේ හරක්ව මසට විකුණලා තමා මේ රටේ ආර්තිකය කවදා හරි හදාගන්න පුළුවන් වෙන්නේ.
      කාලා කාලා..රටම කාලා තව තර වෙයන්..හොද ගානකට දවසක මසට විකුනන්නම් මැද පෙරදිගටවත්.

  3. Saleem says:

    මෙච්චර දිග කෑල්ලක් ඇද බාන්නේ නැතිව ආසියාවේ වේගයෙන් හාණ්ඩාගාරය හිස් වන රට ගැනත් කිවිව නං.

  4. Sam says:

    ඒ අතින් ලංකාව හැම දේකටම හපන්…කොච්චරනම් තව record තියයිද

  5. 3% ට බය බයියා. says:

    අනෙක් රටවල් වලට වඩා ජනගහනය අඩු රටක් ලංකාව මුන්ට තාමත් බැරි වුනානේ එන්නත් ටික හරියට දී ගන්න .

  6. Sira says:

    ජනනතාව මොට්ට මෝල් කරන්න හදනේ මේ බයිලා වලින් අපි නොදන්නා නාමල් බේබි

  7. ගිජුලිහිණි සංදේශය says:

    සක්මන් කරන මග නිවරදි බැලීම
    විපරම් කරන විට වේ දුර දැකීම
    උරුමය පහන් සංවේගම ලැබීම
    ඉක්මන් පැහැදීම, හෙට කළකිරීම

  8. Sugath says:

    “දකුණු ආසියාවේ වේගයෙන්ම එන්නත්කරණ රට ශ්‍රී ලංකාවයි” ඔව් ඔව්, හරියටම හරි . වේගයෙන්ම “රට පාලනය කරපු එවුන් එන්නත් කරගත්” ආසියාවේ එකම රට

  9. චූටී says:

    චූටි බබා පත්තර කියවන පැටව් මේ නිවුස් බලන්නේ නෑ.

Main News