දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය සිට එන මගීන්ට කටුනායක ගුවන් තොටුපල වසා දැමේ.. ඇතුලුවීම තහනම් කෙරේ..

March 13, 2020 at 8:40 am | lanka C news
දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය සිට එන මගීන්ට කටුනායක ගුවන් තොටුපල වසා දැමේ.. ඇතුලුවීම තහනම් කෙරේ..

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට එන කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇති වීම තහනම් කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ගත් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.

මෙම නියෝගය මාර්තු මස 28 වන දින දක්වා ක්‍රියාත්මකය.

එමෙන්ම එකී රටවල පසුගිය දින 14 ක කාලය ඇතුළත රැඳී සිටි කිසිවකු කිසිදු රටක ගුවන් තොටුපළක් හරහා හෝ ශ්‍රී ලංකාවට රැගෙන ඒමටද ගුවන් සමාගම් වලට තහනම් කර තිබේ.

250 views

29 Comments to “දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය සිට එන මගීන්ට කටුනායක ගුවන් තොටුපල වසා දැමේ.. ඇතුලුවීම තහනම් කෙරේ..”

  1. Sam says:

    ගරු ජනාධිපති තුමාට රටේ යහපත තකා කලහැකි මහගු කාර්යක් ඇත. අපේ අගමැති තමා සහ ඔහු වෙනුවෙන්ම කැපවී වැඩ කරන ප්‍රසන්නල වගේ සියලුම පොහොට්ටුවේ මැතිවරන අපේක්ශකයන් සදහා ඉතාලියේ හෝ කොරියාවේ දින කීපයක සංචාරයක් සූදනම් කරන්න. මෙය රටේ සියලුම ජනතාවගේ ප්‍රසාදයට ලක්වනු ඇත.

    • Devaka says:

      ඔබත් ඒ ගමනට එක්වෙනවානම්, රටට යහපතක්ම වේවි. එහෙම නැත්නම් වූහාන් ගියත් කමක් නැහැ. වැඩක් කරන්න හදනකොට, කකුලෙන් අදින තොපිවගේ අය ගෙන් රටට වෙන හානිය, කොරෝනාවෙන් වියහැකි හානියටත් වඩා වැඩියි. හිරිකිතේ කුණු කෑවාට එව්වා මෙතන වමාරන්න එපා.

      • Kasun says:

        @ Devaka, උබල වගේ වහල්ලු සිටින කම් මේ රට ගොඩ ගන්නවා බොරු. හොද වැඩක් කරද්දී ජනාධිපතිගේ කකුලෙන් අදින්නේ මොකාද කියල මුලු රටම දන්නවා. උබත් මහ බැංකු කොල්ලකාපු සල්ලි වලින් කුලියට කහින එකෙක් වගේ පේන්නේ.

        • චන්ඩි මල්ලි says:

          කවුද වහලා කියල, දෙබස් කියවන අපිටනම් පැහැදිලියි බ්‍රෝ….

      • Narada says:

        අපේ අගමතිතුමා රවී මහත්තය වගේ නිර්දෝශී උත්තමයෙක් බේරා ගැනීමට කටයුතු කිරීමේදී ඔහුගේ කකුලෙන් අදින උන්ටනම් හොදක් සිද්ධ වෙනඩ එපා .

        • cam says:

          ඒ කියන්නේ ඒ රටවල සේවය කරපු කෙනෙක්වත් ආපහු වෙන්න බෑ කියන එකයි. මේ නායකයින්ගෙන් බලාපොරොත්තු වෙන වෙනස මේකද? අපරාදේ අපි ගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභයට සහයෝගය දැක්වූයේ.සජිත් ප්‍රේමදාස දිනුවා නම් අඩුම තරමේ මනුස්සකම වත් තිබුණා. ප්‍රේමදාස පුතනුවනි අපට සමාව දෙන්න.

          • Hoo !!! says:

            ඇයි උඹලගෙ කටවල් වහගන්න පෑඩ් ඉල්ල ගන්න බැරි උනාටද ?😜

    • puncha says:

      Un nowei yawanna ona 97 parak danum deela pasku praharaya walakwa nogath UNP hal paruwo tika . haren athuluwa.

    • RK says:

      Pohotuwe aya vitharada? gunamakuwenna epa okkoma luwo ekka ubath palayan.

    • විලියොං ආච්චි says:

      පුතේ උඹට ඕනෙ එව්වා කොරවා ගන්න තව අවු.10/15ක් බලන් ඉන්න වෙයි. ඊට පස්සෙත් හැකි වෙයිද සැකයි. 😊

    • ගංජා says:

      උබවයි පවුලටයි යන්න පහසුකම් සපයන්නම්

    • සමන් says:

      ඇත්තෙන්ම මෙම තීරණය ගත යුතුව තිබුනේ මිට සති කිහිපයකට පෙරයි! දැන්වත් මේ තීරණය ගැනීම අගය කරමි. මෙයින් කිසිවෙකුට හෝ අගතියක් සිදු වන්නේ නැත. සිදු විය යුත්තේ ජාතික ගැටලුවකදි රට වැසියන් තමන් ඊට දායක විය යුතු ආකාරය තේරුම් ගෙන ඊට සිය දායකත්වය දීමයි. දේශපාලනය, ධන බලය, නිසා ව්‍යසන අවස්ථාවලදි අපි රටක් විදියට කර ඇති අමන-මරි මෝඩ ගෝං වැඩ, මේ ආපදාවේදි ද කරන්න දෙන්න එපා!!!

    • Saman says:

      ඒ වැඩේ කලොත් නම් අපේ ජනාධිපතිතුමාට පිං සිදුවෙනවා.

  2. 77 UNP says:

    කොරියාවේ, ඉතාලියේ සිට ඇවිත් බර ටෝක් දුන්න රට ගැන තබා තමුන්ගේ ගෙදර උන් ගැනවත් නොසලකා හැසිරුණ නූගත් මෝඩයෝ උපයාගත් දේ තමයි මේ. ඉතාලියේ ගෙවල්වල වැඩ සහ වයසක මිනිස්සු බලාගන්නවා වගේ වැඩ කරලා ලංකාවට ඇවිත් රුපියල සතේට වියදම් කරණ මොවුන් ඒ රටවලදී අන්ත පහත් විධියට හිටියත් මෙහෙ ආපුවම බර ටෝක් තමයි දෙන්නේ. රට විරුවෝ කියල මුන්ව රණ විරුවන්ගේ පැත්තපලාතකින්වත් වත් තියන්න බැහැ. විනයක් නැති සල්ලි වලටම වැඳගෙන ඉන්න කාලකන්ණි.

  3. හාරත බූරුවා says:

    මේක මීට කලින්ම කලයතුයි. නමුත් චීනය ඉන්දියාව එංගලන්තය හා ජපානය මීට ඇතුළත් වියයුතුයි.

  4. Sam Fernando says:

    Very good move.

  5. හැකහැක says:

    මහා වියත් තීරණයක්…දැන් අම්මා තාත්තා දරැවෙක් සහෝදරයෙක් මලත් තම මව් බිමට එන්න බෑ… තියෙන එකම මග කල්ලතෝනියෙක් වගේ බෝට්ටුවෙන්.

    • නෙළුම් says:

      හැක හැක බූරුවා, මළ ගෙවල් වලට කොරා්නා ගෙන්නලා තවත් අය මරවන්නද උන්නැහේට ඕන වෙලා තියෙන්නේ ඈ?

  6. Very well done, President and Lt. General Shavendra, Hurrah to you two!!
    Another very important thing you two have to do is to force the bloody corrupt criminal thieves, looters bank robbers and bastard Criminals to repay the billions and billions of Rs. and $$$ they stole from poor Sri Lankans money and force these bloody fifth grade bastards, Ravi, Ranil, Mangala, Sajith, Rajitha, Hisbullah, Vigneswaran, Sambandan, Asaad Saaly , Anura Kumara etc to repay the stolen and robbed money from the poor Sri Lankans and then throw these bloody bastards in Jail for Hard Labour for a long time.

  7. Kumara says:

    ගරු ජනාධිපති තුමාට රටේ යහපත තකා කලහැකි මහගු කාර්යක් ඇත. අපේ අගමැති තමා සහ ඔහු වෙනුවෙන්ම කැපවී වැඩ කරන විමල්ල වගේ සියලුම පොහොට්ටුවේ මැතිවරන අපේක්ශකයන් සදහා ඉතාලියේ හෝ කොරියාවේ දින කීපයක සංචාරයක් සූදනම් කරන්න. මෙය රටේ සියලුම ජනතාවගේ ප්‍රසාදයට ලක්වනු ඇත.

  8. Mc says:

    what about people coming from china? m…

  9. නදී says:

    රටවල් 127 මේ වන විට ව්‍යාප්තව ඇති තත්වයක් තුල රටවල් 3ක පමණක් තහවම් කිරීම ප්‍රමානවත්ද?
    සියළුම ගුවන් ගමන් නවතා අප රට බෙරා ගැනීමට කටයුතු නොකරන්නේ මන්ද?

  10. රටවැසි says:

    ඕක කලින්ම කොරන්නයි තිබ්බෙ , අර පහුගිය දවස් වල බෑඟිරි ගාපු අම්බරුවො එන්නන් කලින්ම . හැබැයි ඉතිං ඒ මීහරක් නිසා සාධාරණ රටවැසියන් ට තමයි පාඩුව .

Main News