දකුණු පළාත් සභාවේදී 20 පරද්දනවා.. මාධ්‍ය හමුවේ සන්ධාන මන්ත්‍රීන් කියති..
August 29, 2017 at 8:02 am | lanka C news
විශේෂ පළාත් සභා සැසිවාරයක් පවත්වමින් රජය 20 වන සංශෝධන පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේ සම්මත කර ගැනීමට උක්සාහ දැරූව ද අනිවාර්යෙන්ම එය දකුණු පළාත් සභාවට ඉදිරිපත් කරන අවස්ථාවේ පරාජයට පත් කරන බව දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය යට අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය.
‘මේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය දා ඌව පළාත් සභාවට දැම්මා ඒක පැරදුනා. දැන් මේ අලුත් සෙල්ලම දකුණට විශේෂ සභාවාරයකින් දාන්න හදනවා. අපි අභියෝග කරනවා පුළුවන් නම් දිනන්න. අපි මේක දිනන්න දෙන්නේ නෑ. අපි දකුණු පළාත් සභාවේ බලය 29 වෙනිදට පෙන්නවා. මේ පනත පරාජය කරලා. ඡන්ද කල් දාන්න කරන මේ වැඩේ ගැන එජපයේ පිරිසකුත් කැමති නෑ. ඔවුනුත් මේ මල්වට්ටියට අතගහන්න බලාගෙන අපිත් එක්ක ඉන්නවා. ඔවුන්ගේ සහාය ඡන්දය දීමෙන් හෝ නොපැමිණීමෙන් අපිට පල කරාවි. අපි මේක අනිවාර්යෙන්ම පරදනවා. ජවිපෙටත් ආරාධනා කරනවා. මේ මල්වට්ටියට ඕන නම් අතගහලා පව් ටිකක් හරි කමා කරගන්න කියලා. ඒ ආවත් නැතත් අපි මේක පරදනවා. අපි එජාපය ප්රමුඛ මේ රජයට කියනවා පුළුවන් නම් මේක දකුණු පළාත් සභාවේ දිනන්න කියලා. මේක අභියෝගයක්. අපි දකුණ හැම දේම පටන් ගත්තේ දකුණෙන්. ඒ වගේම මේ ආණ්ඩුවේ අවසනායත් මේ පනත විශාල ඡන්ද ගානකින් පරාජය කරලා අපි ආරම්භ කරනවා. පුළුවන් නම් දිනලා පෙන්වන්න. 29 නම වෙනිදා අපි දකුණේ බලය රටටම පෙන්වනවා’
– සුනෙත් ගාල්ලගේ