දකුණු පළාතේ වෛරස් උණ රට පුරා පැති යාමේ අවදානමක්.. කරපිටිය රෝහල පිරී යයි..

May 27, 2018 at 12:00 pm | lanka C news
දකුණු පළාතේ වෛරස් උණ රට පුරා පැති යාමේ අවදානමක්.. කරපිටිය රෝහල පිරී යයි..

දකුණු පළාත ආශ‍්‍රයෙන් මේ දිනවල පැතිර යමින් ඇති වෛරස් උණ රෝගය දිවයිනේ සෙසු පළාත් කරාද පැතිර යාමේ අවදානමක් මතුව තිබේ.

දැනට දකුණු පළාත තුල උණ සමග ඇතිවූ සංකුලතා හේතුවෙන්අ වුරුදු 2ට අඩු දරුවන් 11 දෙනෙකු මියගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය අනිල් දිසානායක සදහන් කරයි.

මේ අතර කරාපිටිය රෝහලේ උණ වැළදිමෙන් අසාධ්‍ය දරුවන් පිරී යාමෙන් ළමා දැඩි සත්කාරක ඒකකයේ ඇඳක් වෙන්කර ගැනිමට නොහැකි නිසා මාස දෙකක පමණ සිට දරුවන්ගේ ශල්‍ය කර්ම කිරිමට නොහැකි වී ඇතැයි විශේෂඥ වෛද්‍ය ජනිත් ලියනගේ කියා සිටී.

136 views
Main News