දකුණේ ඡන්ද වේගයෙන් නැතිවෙනවා.. නව ව්‍යවස්ථාව අකුලනු.. නැතොත් අපි තීන්දුවක් ගන්නවා..- එජාපෙ නායකයන් අගමැති රනිල්ට දන්වති…

January 16, 2019 at 3:50 pm | lanka C news
දකුණේ ඡන්ද වේගයෙන් නැතිවෙනවා.. නව ව්‍යවස්ථාව අකුලනු.. නැතොත් අපි තීන්දුවක් ගන්නවා..- එජාපෙ නායකයන් අගමැති රනිල්ට දන්වති…

යෝජිත නව ව්‍යවස්ථාව ජනාධිපතිවරණයට පෙර කිසිසේත්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් කිහිපදෙනකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දැඩිව අවධාරණය කර තිබේ.

යම් ලෙසකින් සිය අදහසට ඇහුම්කන් නොදී එය ඉටු කිරීමට කටයුතු කළහොත් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඔවුන් අවධාරණය කර ඇති බව ආණ්ඩුවේ ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් පැවැසීය.

පසුගිය සිකුරාදා (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී ඉදිරිපත් කළ යෝජනාවලිය පදනම් කරගෙන ආගමික නායකයන්, මහ නායක හිමිවරුන් මෙන්ම දේශපාලන බලවේග ආණ්ඩුව දැඩිව විවේචනය කරන බවත් ඉන් දකුණේ ඡන්ද පදනම බරපතළ ලෙස අහිමි වී යන බවත් එම පක්‍ෂ නායකයන් පිරිස අගමැතිවරයාට පෙන්වා දී ඇති බවද වාර්තා වේ.

අදාළ යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළහොත් දෙමළ ජාතික සන්ධානයද ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමේ සූදානමක් පවතින අතර එසේ වුවහොත් අය _ වැය සම්මත කිරීමද අපහසු වන බව එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් මෙහිදී සඳහන් කර ඇත.

එහිදී අගමැතිවරයා සඳහන් කර ඇත්තේ මෙය සම්මත කිරීමට නම් තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන බවත් එය පාර්ලිමේන්තුවේ නොමැති නිසා එතරම් ගැටලුවක් නොවන බවත්ය.

– mawbima

35,676 Viewers

7 Comments to “දකුණේ ඡන්ද වේගයෙන් නැතිවෙනවා.. නව ව්‍යවස්ථාව අකුලනු.. නැතොත් අපි තීන්දුවක් ගන්නවා..- එජාපෙ නායකයන් අගමැති රනිල්ට දන්වති…”

  1. පිරිබාහරන් says:

    දකුණේ ඡන්ද පදනම අඩුවුනාට අපිලට පාඩුවක් නැහැ. උතුරේ ඡන්ද පදනම වැඩිවෙනවානේ,
    උතුරේ කොටි, මුස්ලිම් ඡන්ද අපිට ඇති. දකුණේ තොපි හැදිගෑවිලා ගියත් අපිට මොකෝ?
    රටට කෙලවුනත් අපිට පාන්ද? අපි සදහටම බලයේ ඉන්නවා.

  2. Kadiya says:

    රනිල් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ 2/3 නැහැ කියමින් හොර පනත පාර්ලිමේන්තුවට ගෙනෙන්න. ඉන්පසු එකැස් යකින්ණියගේ බලපෑම්, ඩයස්පෝරා සහ බටහිර මුදලින් SLFP චන්ද බාගන්න. එහෙමකරලා 2/3 හදාගන්න.

  3. Nalaka says:

    පොහොට්ටුවෙන් 21ක් යනවා..

  4. Agamatiya says:

    2/3 k nathnam mokatada parlimenthuwata idiripath karanawai kiyala rate vyakoola thathwayak athi karanne /karala thiyenne?

  5. Seeya Baba says:

    ranilta oone balaya pamani Ranil needs only power He is issue less person.

  6. THILAK says:

    there are many Tamils are living with us in South and they do very thing they want no single sihalies are opposed them. They are erecting Kovil and no one against it But we can not build or keep Buddha statues in North and East. WHAT IS THE DIFFERENT, ARE THE TAMIL POLITICIANS ARE KNOW ABOUT

  7. habeeb says:

    බය්පරපුරේ ජන්මබූමිය – දකුන

Main News