දකුණේ පාතාලය කැළඹෙයි.. හික්කඩුවේ මහදවල් ඝාතනයෙන් සියල්ල හෙලිවෙයි…

June 24, 2018 at 6:48 pm | lanka C news
දකුණේ පාතාලය කැළඹෙයි.. හික්කඩුවේ මහදවල් ඝාතනයෙන් සියල්ල හෙලිවෙයි…

හික්කඩුව, නාරිගම, වෑවල ප්‍රදේශයේදී පසුගිය පෙරේදා (22) පෙරවරුවේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ. සිකුරාදා පෙ.ව 7.50-7.52 ත් අතර මෙම ඝාතනය සිදුව තිබෙන බව හික්කඩුව පොලීසිය කියයි.

මෙසේ වෙඩිතබා ඝාතනය කර ඇත්තේ නවාගත්තකොලවත්ත, කලූපේ, හික්කඩුව ලිපිනයේ පදිංචි ඉනාෂි චමින්ද කුමාර (30) නැමැති අයයි. ඝාතනයට ලක් වූ අය පාපැදි තරග සදහා සහභාගී වන්නෙකු බවත් ඒ සදහා පෙර පුහුණුවීම් වල නිරත වෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන බවත් හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඝාතනයට ලක් වූ අය වෙඩි වැදුන අවස්ථාවේදීම හික්කඩුව, ආරච්චිකන්ද රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී මියගොස් තිබේ. මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල අතිරේක වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා විසින් පෙරේදා (22) සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (23) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී සමාධී දන්දෙණිය ආරච්චිගේ මහත්මිය විසින් කරාපිටිය රෝහලේදී පවත්වන ලදී. වෙඩි ප්‍රහාරයෙන් පපුව අභ්‍යන්තරයේ තුවාල ඇති වීමෙන් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ. මරණකරුගේ පපු ප්‍රදේශය තුල තිබී පැලට් නමින් හදුන්වන පතුරම් වල අඩංගු යකඩ බෝල 07 ක් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හමු වී තිබේ.

ඝාතනයට ලක් වූ අය එදින (22) උදෑසන හික්කඩුව, කලූපේ නිවසේ සිට පාපැදි තරග පුහුණු වීම් සදහා ගොස් තිබේ. හික්කඩුව නාරිගම ප්‍රදේශයේදී ඊට ඔහුගේ මිත්‍රයෙක්ද එක් වී ඇත. ඔවුන් දෙදෙනා ගිංතොට ප්‍රදේශයට සිය පාපැදි වලින් ගොස් ආපසු අම්බලන්ගොඩ දක්වා පැමිණෙමින් සිට ඇත. එහිදී තවත් පාපැදි පුහුණු වීම් වල නිරත සිව් (04) දෙනෙකුද ඔවුන්ට එක්ව තිබෙන බවත් එසේ අම්බලන්ගොඩ දක්වා පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු බෝර 12 උණ්ඩ භාවිතා කල හැකි අයුරින් මෙරට නිශ්පාදිත ගිනි අවියකින් බව හික්කඩුව පොලීසිය කියයි. යතුරු පැදියේ පැමිණි දෙදෙනාගෙන් පසුපස පැමිණි අය විසින් වෙඩි තැබීම සිදුකර තිබෙන බවද හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සැකකරුවන් ඝාතනයට ලක් වූ අයට එක් වෙඩි පහරක් පමණක් තබා ඇති බවත් එයින්ම ඔහු මරණයට පත්ව ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී සිදුව තිබේ. වෙඩි පහර වැදීමෙන් ඝාතනයට ලක් වූ අය බිම වැටී තිබෙන අතර යතුරු පැදියේ පැමිණි දෙදෙනා ඝාතනයට ලක් වූ අයට පහර දීමක්ද කර තිබෙන බව හික්කඩුව පොලීසිය කියයි.

වෙඩි තැබීම සදහා සැකකරුවන් යතුරු පැදියෙන් පැමිණෙන අයුරු සිද්ධිය වූ ස්ථානයට යාබද ව්‍යාපාරික ස්ථානයක පිහිටි සීසීටීවී කැමරා දර්ශණ වල සටහන් වී තිබෙන බවද හික්කඩුව පොලීසිය කියයි. ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ හික්කඩුව පොලීසිය සැකකරුවන් පැමිණි යතුරු පැදිය හදුනාගෙන තිබේ. මෙම යතුරු පැදිය SP DDN – 6400 අංකය දරණ කළු පැහැති පල්සර් වර්ගයේ එකක් බවද හික්කඩුව පොලීසිය කියයි. එය සිද්ධිය වූ දිනට දින හතරකට පෙර (18) ගාල්ල, දඩල්ල කනත්ත අසලදී සොරකම් කරන එකක් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙම යතුරු පැදියේ අයිතිකරු වන්නේ අයිගේවත්ත, තෙලිකඩ, ගිනිමැල්ලගහ ලිපිනයේ පදිංචි අමුගොඩ කංකානම්ගේ කවිදු ගයන්ත (22) නැමැති අයයි. ඉකුත් 18 දා දඩල්ල, කනත්ත අසල ගාලුපාර අයිනේ තමා යතුරු පැදිය නවතා මුහුදු වෙරළට ගිය බවත් ආපසු එන විට යතුරු පැදිය එම ස්ථානයේ නොතිබූ බවත් ඔහු විසින් පොලීසියට ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් එදිනම ඔහු විසින් ගාල්ල පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

ඝාතනයට ලක් වූ ඉනාෂි චමින්ද කුමාර (30) නැමැති අය හික්කඩුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ සමීපතමයකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මනෝජ් මෙන්ඩිස් (35), 2015 මාර්තු 23 දින හික්කඩුවේ වෑවල පිහිටි හෝටලයක් තුලදී ඝාතනයට ලක් විය. මනෝජ් මෙන්ඩිස් ඝාතනය සහ 2016 දෙසැම්බර් 05 දින මාදම්පාගම, ඉඩන්තොටදී එකම පවුලේ මව, පියා හා ඔවුන්ගේ සිව් (04) හැවිරිදි දරුවා වෙඩි තබා ඝාතනය කළේ යැයි අරුමාහන්දි ලසිත් මධුසංක ද සිල්වා (27) නොහොත් පොඩි ලැසී මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

එයට අමතරව 2015 දෙසැම්බර් 08 දින හික්කඩුව, තිරාණගම, පතන හන්දියේදී ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සැකය එල්ල වී ඇත්තේද 22 දා ඝාතනයට ලක් වූ ඉනාෂි චමින්ද කුමාර (30) නැමැති අය වෙතය. මෙහිදී හික්කඩුව, නාකන්දේ පදිංචි පෙත්තාතන්ත්‍රිගේ නලින් (28) සහ හික්කඩුව, පතන පදිංචි ඇබිත්තගොඩගේ අසංක (28) යන දෙදෙනා ඝාතනයට ලක් විය. මොවුන් දෙදෙනා පොඩි ලැසීගේ සමීපතමයන් බවද හික්කඩුව පොලීසිය කියයි. බද්දේගම හා මීටියාගොඩ පොලිස් බල ප්‍රදේශයන්හිදී සිදු වූ ඝාතනයන් දෙකකටද ඉනාෂි චමින්ද කුමාර (30) නැමැති අයගේ සම්බන්ධයක් තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඒ නිසාම හික්කඩුවේ පොඩි ලැසීගේ හා මනෝජ් මෙන්ඩිස්ගේ පාතාල කණ්ඩායම් දෙක අතර තිබෙන බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි. සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවත් පැති කීපයක්ම ඔස්සේ පරීක්ෂණ පවත්වන බවත් හික්කඩුව පොලීසිය කියයි.

– ජයකාන්ත ලියනගේ

307 views

11 Comments to “දකුණේ පාතාලය කැළඹෙයි.. හික්කඩුවේ මහදවල් ඝාතනයෙන් සියල්ල හෙලිවෙයි…”

  1. "එල්ලුම් ගස" says:

    පොලිසිය බය පාලනයකටද සුදුසුකම දරති
    මැරවරයො පොලිස් නිල ඇඳුම හෑල්ලු කරති
    එල්ලුම් ගස කාලය පැමින ඇතිසේ හැසිරෙති
    පාතාලයො එල්ලා මරන්න කාලය ඇවිත් ඇති

  2. Nawodi says:

    Only way is to eradicate underword, once you identify kill them. No more Sri Lankan legal process. It always takes 15 years and most of the time these gangs get freedom inside prison they have jolyful life. May be Islam Sharia law also good.

  3. RK says:

    Anduwata patha aleda?
    Rate nithiya namanakota meyata wada deyak blaporoththu wenna amarui.
    Well done yahapalanaya.

  4. සඳරේණු says:

    අපේම කියල සුපිරි පාතාලයක් හරි යහපාලය යටතේ දියුනු වෙනව කියල හිතල හිතහදාගන්න ඡන්දෙ දුන්නු මට දැන් පුළුවන් බ්‍රෝ.

  5. ආණ්ඩුවේ නන්ද හිමි says:

    මචං දන්න කෙනෙක් කියහල්ලකො පිස්තෝලයක් හරි T56ක් හරි ගන්න ක්‍රමයක්.

  6. පුංචිසිඤ්ඤෝ says:

    මොකක් හරි ටොප් පාතාල ගෲප් එකකට හැමෝටම සෙට් වෙන්න වෙයි වගේ.

  7. Devaka Jayasooriya says:

    රටකට ඕනෑ අපමණ අගයක්…
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්…..//

    • Manoj says:

      Ane GONOOO

      “හික්කඩුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ සමීපතමයකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ”

      “හික්කඩුවේ පොඩි ලැසීගේ හා මනෝජ් මෙන්ඩිස්ගේ පාතාල කණ්ඩායම් දෙක අතර තිබෙන බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි”

      Meken kiyanne mokakda ?? Ubalage MR inna kale හික්කඩුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් පාතාල karayek kiyala neda ????

      හික්කඩුවේ witharak neme anith godak than wala meka thama wune. Gonek wage nikan kuliyata kahinna epa !!!

  8. Kabaraya says:

    Kill the buggers. Kill them all. Everything will come under control within a very short period.

Main News