දකුණේ ප‍්‍රබල ඇමති දේශපාලනය අතහරී.. එක්සත් ජාතීන්ගේ ලොකු රස්සාවකට යයි..

February 20, 2017 at 3:35 am | lanka C news
දකුණේ ප‍්‍රබල ඇමති දේශපාලනය අතහරී.. එක්සත් ජාතීන්ගේ ලොකු රස්සාවකට යයි..

තමන් තව දුරටත් මෙරට දේශපාලනයේ යෙදීමට අදහසක් නැති බව ආණ්ඩුවේ ප‍්‍රබල ඇමති ධුරයක් දරණ දකුණේ ඇමතිවරයෙක් සිය සමීප දේශපාලන හිතවතුන් හා පවසා ඇත.

ඉදිරි මැතිවරණයේදී තරග කිරීමට අදහසක් නැති බවත් ඉන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරක් සදහා යාමට බලාපොරොත්තු වන බවත් ඔහු සදහන් කර ඇත.

මෙම ඇමතිවරයා සංවිධායක ධුරය දරන ආසනයේ සංවිධාන කටයුතු මේ වන විට බොහෝ දුරට බිද වැටී ඇති අතර ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් නොකරන බවට ප‍්‍රාදේහීය දේශපලඥයින් අවස්ථා කිහිපයකදීම ඉහලට දන්වා තිබින.

37 views
Main News