දකුණේ විජේවීර සමරනවානම් උතුරේ ප්රභාකරන් සමරන්න ඔ්නෑ.. එය අපේ අයිතියක්..
November 19, 2020 at 12:00 pm | lanka C news
නොවැම්බර් මාසයේ යෙදෙන මහවිරු සතියේ එක දිනක් හෝ උතුරේ වැසියන්ට බාධාවකින් තොරව නිදහසේ සැමරීමට අවස්ථාවක් රජයෙන් ඉල්ලා සිටින බවටත් එය උතුරේ ජනතාවගේ අයිතයක් බවටද උතුරු පලාත් සභාවේ හටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඉල්ලා සිටියි.
පසුගිය කාලයේ නොවැම්බර් 21 වනදා සිට 27 දක්වා මහවිරු සතිය උතුරු නැගෙනහිර ජනතාව සැමරූ බවටත් එවැනි වාතාවරනයක් දැන් නොමැති නිසාවෙන් නොවැම්බර් 27 වනදා හෝ මහවිරු සැමරීමට උතුරේ ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසට මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
මන්ත්‍රීවරයාගෙන් මහවිරු සැමරුම් සම්බන්ධයෙන් විමසීමේදී මේ බව කියා සිටි අතර එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
‘ආයුධ ගත්තු ජනතා විමුක්ති පෙරමුනේ නායකයෝ නොවැම්බර් මාසයේ සමරනවා, පොපිමල් දිනය ලෝකයේම සමරනවා ඇයි මහවිරු සැමරුම විතරක් සමරන්න අවස්ථාව නැත්තේ එම නිසා ගරු ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ උතුරේ ජනතාවට නදහසේ බාධාවකින් තොරව මහවිරු දිනය සැමරීමට එක් දිනක් හෝ අවස්ථාව සලසා දෙන ලෙසටයි. යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
71 / 88,89 / 2009 . Brutally Killed patriot innovative Sri Lankan youth.
Remain the slaves who are writing to FB and webs for minute salary .
මේ මිනිහා කියන කතාවේ ඇත්තක් තියෙනවා. රටට විශාල විනාශයක් කරපු ජවිපාවුන් සමරන්න දුන්න එක විස්කි මැඩම් කරපු ලොකුම ගොන්කම් වලින් එකක්. දැන් ඒ වැරැද්ද නිවැරදි කරන්න කාලේ හරි.
ඕනැම එකෙක්, සංවිධානයක් වර්ෂ පූර්ණයට හෝ ඒ අදාල දිනයට මොනවා හරි කරන එක සිරිතක්.
උදාහරණයක් විදියට නොවැම්බර් මාසයේ (ලංකාවේ කාලකන්නිම සමරැ තියෙන මාසය) කොටියො මහවිරු සැමරැම කරනවා, ජෙප්පන් ඉල්විරැවෝ සමරනවා, මහින්ද රාජපක්ෂ එයාගේ උපන්දිනය සමරනවා,ඒ අස්සේ ගෝටාගේ පදවි ප්රාප්තියත් මේ සැමරැම් අස්සටම වැටිලා.මේ කොරෝනා ව්‍යසනය වෙලාවේ රටේ ආර්තිකයත් නරක නිසා අනවශ්‍ය මුදල් නාස්තිය ගැන හිතලා ඔක්කොම එකතු වෙලා ‘මහා කරුමේ’ දිනය කියලා එකට සැමරුවා නම් වඩා හොඳයි.
ලෝකෙ කොහෙවත් හිට්ලර් සමරන්න අයිතියක් නැති බව මූ දන්නෙ නැද්ද?
සංතෝශයට කාරණයක් ජවිපෙ හා එල්.ටී.ටී.ඊ. එක සමාන බව පැවසීම. අනුර කූමාරත් එක්ක කතා කරගෙනම සටනට බැස්සනම් හරි.සහයට ඩැනීත් එයි😀
විජේවීර සහ පිරපකරන් ත්රස්තවාදියා අතර විශාල වෙනසක් ඇත .දරුණු මිනීමරු .ත්‍රස්තවාදියෙකුට විප්ලවකාරයෙක් සමාන කල නොහැක
විජේවීර යනු ත්‍රස්තවාදියෙක් නොවේ ඔහු කලේ විප්ලවයක් ..පිරපාකරන් යනු ඉන්දියානු සම්බවයකින් පැවෙතෙන අපේ රටේ දෙමළ නිජබිමක් ඇතිකිරීමට රටේ ජනතාව දහස් ගණනින් මරාදමමින් අපේ රටේ බලය අල්ලා ගැනීමට උත්සාහ දැරු ලේ පිපාසිත දරුණු ත්‍රස්තවාදියෙක් ..ඒ මිනීමරු පිරපාකරන් ත්රස්තවාදියා අපේ ලක් පොලවේ සැමරීමට ඉඩ නොදිය යුතුයි ..උතුරේ දෙමළ ඊළමක් හැදීමට ත්‍රස්තවාදය පතුරවන සිවාජිලිංගම් වහාම අත්අඩංගුවට ගත යුතුයි
දමිළ ළමයින්ගේ කරේ සයනයිඩ් කරල් බැද මිනිස් බෝම්බ ලෙස යවා ඔවුන් මැරීම නිසාද LTTE ත්‍රස්තවාදී පිරපාකරන් සමරන්නේ ? උතුරේ දමිළ ජනතාව මේවා තේරුම් ගන්නේ කවදාද ? දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලුවන් ගෙන් උතුරේ දෙමළ ජනතාවට සිදු යහපත කුමක්ද ?
තිත්ත උනත් මේ දෙමල මනුස්සයාගේ කතාව ඇත්ත, ප්‍රබාකරන් අපිට මිනිමරුවෙක් උනාට උන්ට වීරයෙක්, විජේවීරත් එසේමය, ඔහු හා ප්රභාකරන් අතර කිසිම වෙනසක් නැත
දැන් ඉන්න ජෙප්පො විජේවීර සමරන්නෙ නෑ. උන් විජේවීරව තවතවත් මරණවා. අනුරල, විජිත හේරත්ල පහුගිය අවුරුදු 5 ම අරලිය ගහ ම|න්දිරේ අස්සෙ කලේ ඒක. ඒක මෙයත් ආදර්ශෙට ගත්තොත් හොඳයි..!
මෙගොල්ලන්ව දැන් කුදලගෙන යන්නේ නැතෙයි ?
කොටින්ම කිව්වොත් ජෙ.ව්.පි කියන්නේ තවදුරටත් තහනම් සංවිධානයක් නොවේ .
JVP අපේ රටේම සිංහලයෝ ..ඉන්දියාවෙන් දුම්කොල වවන්න ආපු දෙමළ වහල්ලු නොවේ LTTE ත්රස්තවාදීන් අපේ රටේ දහස් ගණනක් අහිංසක සිංහලයින් මෙන්ම සියලුම පුරවැසියන් මරා දමා රට බලෙන් අත්පත් කරගැනීමට හදපු දරුණු මිනීමරුවෝ …මේ දරුණු LTTE ත්රස්තවාදියා අපේ රටේ සැමරීමට ඉඩ නොදෙනු ..එය අපේ සිංහල ජාතියටම කරන බලවත් නින්දාවක් …රටේ පාලකයින් දැන්වත් මේවා නතර කිරීමට පියවර ගත යුතුයි ..මේ අපේ මව් බිම
ඔයාට පොඩි දෙයයි කරන්න තියෙන්නේ.ගෝඨාභය මහත්තයා ෂේප් ඵකේ හම්බවෙලා LTTE තහනම ඉවත්කරගෙන T 56 ටිකක් කට්ටියට බෙදල දෙන්න.දවස ගානේ ඇතිවෙන්න සමරමු.කුක්කු පැටියට ඕක තේරෙන්නෙ නැතිහැටි.
nobody in the world do not allow to remember officially terrorists and their relatives. if so the UK USA and Europe etc should allow to remember Binlarden and ISIS as well. LTTE and its political outfits are responsible for 165 suicidal attacks carried out on srilankan soil targeting innocent srilankan civilians. Mass murdering innocent villages and make them land less in the North and East. That is the reason and difference between the JVP and LTTE. Everyone should inform him this ground reality to TNA. They are also responsible for LTTE acts as they were the political wing of LTTE.
Nobody in the world allow to remember terrorists.