දකුණ-මධ්‍යම ආණ්ඩුකාරවරුන්ට ධුරයෙන් අස්වන්නැයි දන්වයි..

July 7, 2019 at 10:40 am | lanka C news
දකුණ-මධ්‍යම ආණ්ඩුකාරවරුන්ට ධුරයෙන් අස්වන්නැයි දන්වයි..
දකුණු පළාතේ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන්ට ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවට වාර්තා පල වෙයි.
මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා ශ්‍රීලනිප සංවිධායකයන් විසින් දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති අතර ඔවුන් දෙදෙනා පළාත්වල ආසන සංවිධායකයන් හා සුහදතාවයෙන් කටයුතු නොකර හිතුමතේ වැඩ කරන්නේ යයි සදහන් කර තිබේ.
මේ ගාන ජනාධිපතිවරයාට ආසන සංවිධායකවරු ගණනාවක් විසින් පැමිණිලි කර ඇත.
ශ‍්‍රීලනිප හා සන්ධාන මහ ලේකම්වරුන්ද ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ කටයුතු දැඩිව විවේචනය කර ඇත.
එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ආණ්ඩුකාරවරුන් ධුරයන්ගෙන් ඉවත් කරන බවයි.
69 views

8 Comments to “දකුණ-මධ්‍යම ආණ්ඩුකාරවරුන්ට ධුරයෙන් අස්වන්නැයි දන්වයි..”

  1. kawinda says:

    wede kerenawaa nam hondai. namuth kerenkota thawa maasa 6 ka wath gathawei.

    • gunapala says:

      MY3’s choice is always wrong, lack of experience. His next choice will be someone like ASP Liyanage

  2. sinha le says:

    ආණ්ඩුකාරයෝ හිටියේ සුද්දගේ කාලේ දැන් මොකටද ලැජ්ජයි

  3. මැැදමුලනෙ මුත්තා says:

    අයින් කළත් නැතත් ලබන ජනපතිවරණයෙන් පස්සෙ මුං දෙන්නට බූවල්ලෙන් තලල එළවන්නෙ. ගොන්නු දෙන්නෙක්. අනුන්ට කෙළවන්න ගිහින් ඇරගත්ත නේද?

  4. Gayantha says:

    ඒක නෙමේ හේතුව. සිරිසෙනට මොන මිනිහෙක් එක්කවත් එක දිගට වැඩ කරන්න බෑ. ටික දවසෙන් එපා වෙනවා. දැන් කී සැරයක් ආන්ඩුකාරවරු මාරු කරාද, ජනාධිපති ලේකම්ලා, පක්ශ ලේකම් ලා ආරක්ශක ලේකම්ලා මාරු කරාද

  5. Sinnapora says:

    weda beri sira

  6. මුං කතාවෙන්නම් ජනතාසේවේ අහස උසට#
    කොහොමද පොඩි පෝස්ට් එකකට අං අපු හැටි##
    බැරි වැඩ නොකරන් අබරෝ කිව්වලු####………..
    කොහෙද තව ලොකු ඇමති කොමක් හෙම දුන්නනම්??

  7. SL says:

    හොරුන්ට හොරකම් කරන්න දුන්නේ නැතිවහම මේ වගේ විවේචන එනවා.දැන් ලංකාවේ දේශපාලනයේ ඉන්න ඇති බහුතරය කිසිම වැඩක් නැති , පාලම් ,බෝක්කු, සොහොන් හදල චන්දෙ ගන්න බලන ගොබ්බයො. දැන උගත්, අවංක , කාර්යක්ෂම නායකයින් සිංහල දේශපාලනයට ආවේ නැතිනම් මේ රටේ පාලනය කරන්න එන්නේ මීගමුවේ රොයිස් වගේ මදාවියෝ. අපේ රට නිකන්ම ,නයිජීරියාවක් ,සොමාලියාවක් වෙයි .ඉස්සර වෙලාම ඔය ආසන සන්විධායකලගේ කරට්ටුව හොයන්න ඕනේ.

Main News