දකුණ-මධ්‍යම ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වෙයි…
August 3, 2019 at 3:00 pm | lanka C news
දකුණු පළාතේ ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් හා මධ්‍යම පළාතේ ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නය ධුරයන්ගෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා සිය දුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත බාර දී ඇත.
මේ අතර දකුණු පලාත් ආණ්ඩුකාරවරයාද දුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව වාර්තා වෙයි.
මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා සම්බන්ධයෙන් එම පලාත්වල ශ්‍රීලනිප දේශපාලඥයන් විසින් අවස්ථා කිහිපයකදී චෝදනා කර තිබින.
මේ පිලිබදව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදීද සාකච්චා වී ඇති බව වාර්තා වෙයි.