දගලන උන් පැත්තකට වෙලා හිටපන්.. මුස්ලිම් පූජකයන්ට විශේෂ බලයක් දීල නැහැ… නිකං තලා ගන්න ඕන නම් මිනිස්සු ඒක කරයි…- ඤානසාර හිමි දෙවනගල පුදබිම උණුසුම් කරයි..

December 7, 2020 at 3:50 pm | lanka C news
දගලන උන් පැත්තකට වෙලා හිටපන්..  මුස්ලිම් පූජකයන්ට විශේෂ බලයක් දීල නැහැ… නිකං තලා ගන්න  ඕන නම් මිනිස්සු ඒක කරයි…- ඤානසාර හිමි දෙවනගල පුදබිම උණුසුම් කරයි..

පුරාවස්තු කියන දේ ඔගොල්ලන්ගේ පරම්පරාවට විතරක් අයිති දෙයක් නෙවෙයි. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් හැම දරුවෙකුගේම උරුමයක් ඒක තේරුනාද. අද ඒ උරුමය කවුරු හරි මෝඩයෙක් වහල දානවා නම් ඒ වහල දාන්නේ අනාගතේ දරුවන්ගේ උරුමේ. අපි මැදිහත් වෙන්නේ එතෙන්ට යැයි ගලබොඩවත්තේ ඥාණසාර හිමියන් මාවනැල්ල ඓතිහාසික දෙවනගල පූජා භූමිය නිරික්ෂණයකට එක් වෙමින් එම ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් අමතා පැවසිය.

ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ මැනුම් කටයුතු රජය විසින් සිදු කරන ලද අවස්ථාවේ රජයේ නිතීයට අවනත නොවි ඉදිකිරිම් කටයුතු මෙන්ම ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය මාවනැල්ල ප‍්‍රාදේශිය මාධ්‍යවාර්තාකරුවෙකුට එල්ල වු සහසික ප‍්‍රහාරය දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ට එම දිනයේ එම පිරිසම විවිධ වු හිංසා කටයුතු කරමින් කරන ලද කටයුතු ගැන රටේහිම අවදානය යොමු විමත් සමග මේ සම්බන්ධයෙන් රජයේ වලකිව යුතු නිලධාරින්ගේ අවාදනය යොමු වි ඇති පසුබිමක උන්වහන්සේද එහි වැඩම කර අනවරසර ඉදිකිරිම් නිරික්ෂණයට එක් විය.

මුලින්ම විහාරස්ථානයට වැඩම කරන ලද හිමියන් පූජා භූමිය නිරික්ෂණයට එක් වු අතර අනවසර ඉදිකිරිම් මෙන්ම දෙවනගල ප‍්‍රධාන පිවිසුමේ සිදු වි පුරා විද්‍යාත්ම හානිය මෙන්ම විනාශ වු සඳකඩ පහන තිබු ස්ථානය නිරික්ෂණයට ද එක් විය. පසුව එම ස්ථානයේ සිටි මුස්ලිම් ජාතික පිරිසක් අමතමින් උන්වහන්සේ සිය අදහස් පල කරමින් මෙසේ පැවසිය.

දැන් කවුද මේකේ බාධා කරන්නේ කවරු හරි චන්ඩි ඉන්නවද ? මොකක්වත් මෙතන ප‍්‍රශ්නයක් නැහැ පූජා භූමිය මැන ගන්න ඉඩ දෙන්න ඕන. තමුන්නාන්සේලාගේ අයිතිවාසිකම් තියනවා නම් ඒක කියලා ඉල්ල ගන්න පුලූවන්. නිකන් බොරු හොර ඔප්පු හදාගෙන එක එකාගේ හයිය අරගෙන ඒවට ලෑස්ති වෙන්න එපා.

වෙනත් ගැටලූ ඇති කරගෙන නිකන් තලා ගන්න ඕන නම් ඒක මිනිස්සු කරයි. අනවශ්‍ය ප‍්‍රශ්න දාගෙන ලේ හලාගෙන මේවා විසදන්න බැහැ. මේවා මොන දෙයින් වසා ගෙන හිටියත් මේවගේ තියනවා ඇත්ත කියලා දෙයක්. සිංහල මිනිහත් ජීවත් වෙන්න ඕනෑ, මුස්ලිම් මිනිහත් ජීවත් වෙන්න ඕනෑ, ඒ කිසි ප‍්‍රශ්නයක් නැහැ. අපි කවුරුවත් මැරෙනකොට මේවා අරන් යන්නේ නැනේ. හැබැයි පුරාවස්තු කියලා දෙයක් තියෙනවා නම් ඒක රැුකෙන්න ඕනෑ.

පුරාවස්තු කියන දේ ඔගොල්ලන්ගේ පරම්පරාවට විතරක් අයිති දෙයක් නෙවෙයි. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් හැම දරුවෙකුගේම උරුමයක් ඒක තේරුනාද. අද ඒ උරුමය කවුරු හරි මෝඩයෙක් වහල දානවා නම් ඒ වහල දාන්නේ අනාගතේ දරුවන්ගේ උරුමේ. අපි මැදිහත් වෙන්නේ එතෙන්ට. එතකොට මේක පූජාභූමියක් විදියට රැුකුනහොත් මුස්ලිම් දරුවෙක් හරි කඩල ගොට්ටක් විකුණගෙන ජීවත් වෙයි. ඒකයි රැුකෙන්න ඕනෑ. අපි මේ මැදිහත් වෙන්නේ ඒකට. උරුමය කියන එක වලලන්න බැහැ. ඒ උරුමය හැම දරුවෙක්ගෙම උරුමයි. ඒක සිංහල අපේ විතරක් නෙවෙයි. සිංහල,දෙමළ, මුස්ලිම් හැම දරුවෙකුගෙන උරුමයක් පුරාවස්තු කියල කියන්නේ.

ඒ නිසා තමා පුරාවිද්‍යාව කියල දෙයක් පත් කරල තියෙන්නේ. ඒ නීතියට අනුගත වෙන්නේ නැත්නම් ඒ නීතිය ක‍්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැත්තම් ඒ නීතිය කි‍්‍රයාත්මක කරන්න ඉන්න පොලීසියේ උන් බය නම් නීතිය අතට අරගෙන හරි අපි ඒක කි‍්‍රයාත්මක කරනවා. මොකද මේක අපේ උරුමය. හැබැයි ඒ උරුමය අපේ කියලා අනිත් අයට ඉන්න බැහැ කියල එකක් නැහැ. ඒකට බාධා කරනවා නම් සමූපකාර ක‍්‍රමයට සලකන්නත් අපි දන්නවා. බයත් නැහැ. ඒ නිසා ඒකට කරුණාකරලා ඉඩ දෙන්න ඕනෑ.

මේ ඓතිහාසික දෙවනගල කියන්නේ අද ඊයේ ඉදල තියෙන දෙයක් නොවෙයි සෑහෙන්න කාලයක් තිස්සේ අපේ උපාධි වලට පවා ඉගෙන ගන්න පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත බිමක්. මෙහි සෙල්ලිපිය ඉතා වැදගත්. පූජා භූමියට ගොඩ වන ස්ථානය පවා වහලා තියෙනවා පෙනවානේ.

දැන් මේ යන්න තියන තැන වහල තියනවා ඇයි එහෙම කරන්නේ. ඔගොල්ලන් පරම්පරාවක් දෙකක් ජීවත් වෙන්න ඇති. නමුත් කවදා හරි මේ ඇත්තට මුහුණ දෙන්න වෙනවා. අපි ඒක සාමූහිකව කතා කර යුතුයි. අපිට අනුන්ගේ දෙයකට කොච්චර කල් අල්ලාගෙන හිටියත් අයිතිවාසිකම් කියන්න බැහැනේ.

ඔයගොල්ලොත් සාමුහිකව ප‍්‍රශ්නයක් තියනවා නම් ඒ ප‍්‍රශ්නෙ මුල හොයන්න ඕනෑ ඒ මුල හොයලා ඒකට උත්තරයක් හොයා ගන්න එක වෙනම දෙයක්. හැබැයි ඒක බොරුවෙන් වහගෙන බයිපොස් එකෙන්, අරහෙන් මෙහෙන් කතන්දර ඒකට ඉඩදෙන්න බැහැ. ඒ යුගය ඉවරයි. අද ඔයගොල්ලෝ මේ මහන්සි වෙනවා වගේ ඊලග පරම්පරාවේ දරුවන්ටත් මේ ප‍්‍රශනේ ඉතුරු කරන්න එපා. උන් ඉන්න එපැයි මේකෙ සන්තෝසෙන්.

සිංහල මිනිහත් එක්ක හිනා වෙන්න ඕන. කතා බහ කරන්න ඕනෑ. ඒක නැති වෙනවනේ මේ විරසකෙත් එක්ක. අනවශ්‍ය ප‍්‍රශ්න හදා ගන්න එපා. අනවශ්‍ය ප‍්‍රශ්න හදාගෙන අවසානෙදි මහ ගැටුම් දක්වා පත් වෙනවා. අවසානෙදි මේවා ලේ වලින් විසදෙන්නේ. ලේ වලින් ප‍්‍රශ්න විසඳන්න බැහැ. දැන් මේ දෙවනගල සම්බන්ධයෙන් මුලූ රටම අවදියෙන් ඉන්නේ. තේරුනාද. මැනුම් කටයුතු කරන්නේ අපි නෙවෙයිනේ. ඒකට තියනවා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එතකොට ඒ ගොල්ලො ඇවිල්ලා මනිනවා නම් ඒ මනින්න ඉඩ දෙන්න ඕනෑ එතකොට මනින අතරවාරයේදී කවුරු හරි ගිහිල්ලා ආපහු ආපහු ගල් ඇදලා කම්බි ඇදලා ලහි ලහියේ විල්පත්තුවේ කරා වගේ ඉදිකිරීම් කරනවා නම් ඒකට ඉඩ දෙන්න බැහැනේ. ඒක නවත්තන්න ඕනේ.

ඒක පල්ලියේ කවුරුහරි ඕගොල්ලෝ සාමුහිකව මැදිහත් වෙලා කියන්න මේක නවත්තන්න. නවත්තලා මොනවා හරි මැනුම් කටයුතු කරලා නීත්‍යානුකූලව ඒක මේ මිනිස්සුන්ට අයිති කියල එනවා නම් ඒක ප‍්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා ඉස්සල්ලා මේක මනින්න. මැන්නහම පෙනෙයි කොච්චර අක්කර ප‍්‍රමාණයක් තියනවද අනවසරෙන් හරි නැතුව හරි අවසර ඇතුව හරි කීදෙනෙක් ඉන්නවද මේ ඔක්කොම මොකක් හරි එකලැස් කර ගන්න එපයි. මේ මොහොකට වත් ඉඩ දෙන්නේ නැහැනේ.

ටික දෙනෙක් ඉඩ දෙනවා කවුරු හරි ඔය මොකෙක් හරි දගලනව නම් උට කියන්න පැත්තකට වෙලා හිටපන් කියලා. මුස්ලිම් පූජකයන්ට මේකෙ විශේෂ බලයක් දීල නැහැ. මුස්ලිම් පූජකයා දැන ගන්න ඕන මිනිස්සුන්ගේ ආතතිය පාලනය කර ගන්න. දැන් මේ මිනිස්සුන්ට කිව්වොත් වැදපියව් කියල වදිනවා. ගැහු කිව්වොත් ගහනවා. වාඩිවෙයව් කිව්වොත් වාඩිවෙනවා. ඒක තමා අපට තියන බලය. පූජක බලය. පූජක වරයා නිතරම අවුස්සන කෙනෙක් නෙවෙයි. ප‍්‍රශ්නයක් එනව නම් ඒක විසඳ ගන්න සාමුහිකව සාකච්ඡුාවක් දා ගන්න ඕන. අපි ඔක්කොම මැදිහත් වෙලා දෙවනගල කියලා පුජා භූමියක් තියනවා.

සමහර වෙලාවට ඔගොල්ලන්ගේ සීයලා, ආච්චිලා පරම්පරා තුන හතරක් මේකෙ ඉන්න ඇති. ඒක ඇත්ත. ඒක නිහතමානීව පිලි අරගෙන උන්වහන්සේට කියනවා නම් රටේ බෞද්ධ ජනතාව කියනවා නම් අපිට මේක පූජා භුමියක් හැටියට තිබිය යුතුයි. කියලා එහෙනම් මේ මිනිස්සු පදිංචි වෙලා ඉන්න තැනින් ඉවත් කරනවා නම් මොකක්ද ඒකට යොදන වැඩපිළිවෙල පර්චස් විස්සක හිටපු මිනිහට තව කොච්චරක් හරි ඉඩම් ටිකක් දීලා ඒ මිනිහව කොහෙද පදිංචි කරන්නේ මොකක් හරි ක‍්‍රම වේදයක් හදා ගන්න එපැයි. මේ හැම දේකටම ගිහිල්ලා මේක අපේ අපේ කියලා අල්ලගත්තට පස්සේ මේකෙ ඇත්ත හොයා ගන්න බැහැනේ.

ඊලගට මේ ආණ්ඩුව එයි වෙන ආණ්ඩුයක් එයි. ඔගොල්ලන්ගේ දරු පැටැව් එයි අපෙත් එයි. හැමදාම මේක බයෙන් පීඩනෙන් මොකටද ? මැරෙනවනේ අපි. මේක ඉවර කරන්න ඕනි. මේක ඉවර කරන්න බැහැ මූලික හේතුව නොදැන. දැන් ඕගොල්ලො ගිහිල්ලා බලන්න අර පුරාවිද්‍යා ගල් ටික ගලවලා දාල තියනවා. දැන් මේ මේකෙ වර්තමාන තත්වෙනේ. මේක මෙහෙම නෙවෙයිනේ තිබුනේ දහස් ගණනක් වන්දනා මාන කරපු තැනක්නේ් ?

මේ සිද්ධිය සම්බන්ධයෙන් හාමුදුරුවොත් එක්ක සාකච්ඡුා කරන්න. පල්ලියේ කවුද ඉන්නේ පුජකයාද ? ලේකම්ද ? භාරකරුද ඉන්නේ ඒකට දෙන්න තුන්දෙනෙක් එන්න. කතා කරලා මොනවද අපිට එන්න පුලූවන් එකගතා මොනවද බැරි බැරි දේවල් ටික කොහොමද විසඳ ගන්නේ සාකච්ඡුාවට යන්න ඕන එහෙම නැතුව මේක මේ දෙපිල බෙදිලා මේ වැඬේ කරන්න බැහැ. මේක තුනුරුවන්ට පූජා කරපු තැනක් ඒක තියෙන්න ඕනෑ. ඒක පූජා භූමියක් වෙනකොට දහස් ගණන් මිනිස්සු ඇවිල්ලා වදී වටේ ඉන්න ඔගොල්ලෝ ප‍්‍රශ්නයක් නෙවෙයි.

හැබැයි මේ හතර වටේ ගිහිල්ලා බැලූවහම කොහොමද මේක පුජා භූමියක් කියලා කියන්නේ. නිකන් කළු ගලට වදින්නේ නැහැ අපි එතකොට සිය දහස් ගණන් මිනිස්සු එනකොට ඔගොල්ලන්ගේ ව්‍යාපාරත් හැදෙයි. දැන් මොකෝ මුස්ලිම් කියලා කවුරුත් මේ කඬේකට නොගිහින් ඉන්නවාද නැනේ. හැබැයි අර පූජා භූමියක් හැටියට රැුකෙන්න ඔනෑ දේ රැුකෙන්න ඕනෑ ඒක රකින්න ඔනෑ. මේක කාගෙත් උරුමය මාවනැල්ල මුස්ලිම් මිනිහෙකුට කියන්න පුලූවන් දෙවනගල අපේන. ඒක අපි ඉන්න පැත්තේනේ. එන්ඩකෝ ඔයගොල්ලොත් මේකේ එහෙම එකක් වෙන්නේ නැහැනේ. මේක වටකර ගත්තට පස්සේ මේක කොහොමද පූජා භුමියක් කියන්නේ. මේක ලස්සනට ගහ කොළ ටික වැවිලා පර්වතය හොදට පෙන්න සිරි පතුලක් තියනවා දේවාල තියනවා විහාර තියනවා අවුරුදු දෙදහස් ගාණක් රැුකගෙන එනවා අපි. ඒක තේරුම් ගන්න එපායේ. ඒක තේරුම් අරගෙන සාකච්ඡුාවෙන් විසදා ගමු. බාධා වෙන තැනක් තියේ නම් අපි ඒකට මැදිහත් වෙලා විසඳා ගමු. අර වැඬේ කරන්න ඉඩ දෙන්න එපා. හාමුදුරුවෝ මැදිහත්් වෙලා මේකේ මැනුම් කරන්න කියලා යොදලා තියනවා.

ඒ මැනුම් කටයුතු ඉවර වෙනකන් අනවසර ඉදිකිරීම් කරන්න යන්න එපා. ඒක වැරදි. මැනුම් කටයුතු කරලා නීත්‍යානුකූලව ඔප්පු තිරප්පු බලලා පත්තිරු බලලා මේක මෙතන තිබුනද නැද්ද? ඔප්පු කොහොමද? ආවේ ඒක අයිති නම් හදා ගන්න අපිත් උදව් කරන්නම්. ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි න්‍යෙතිකව මේක කරන්න එපා කියල තියෙද්දී පොලීසිය එන්න හදදී එන්න දෙන්න නැත්තම් මැනුම් කටයුතු කරන්න එද්දී ඒකට ඉඩ දෙන්නේ නැත්නම් ප‍්‍රශ්නයක්නේ අපි කවුද මේකේ එතන්ට වැටෙනන්න දෙන්න හොද නැහැ. ඊට පස්සේ මිනිස්සු ආවේග වෙලා ඊට පස්සේ කෝලාහාල ඇතිවෙනවා.

මම උදාහරණයකට කියන්නම් අපේ පන්සලක් තියනවා සංඛපාල ඇඹිලිපිටියේ අක්කර දොලොස්දාහක් තියනවා පන්සලට ඒක දීලා තියෙන්නේ ගල උඩට ගිහිල්ලා හක්ගෙඩිය පිඹලා කොච්චර ඈතට ඇහෙනවද ඒ තාක් පන්සලට කියල තමා දීල තියෙන්නේ. හැබැයි ඒ පූජා භූමියේ මිනිස්සු දහස් ගාණක් ජීවත් වෙනවා ඒ මිනිස්සු පිලිගන්නවා අපි ඉන්නේ පන්සල් භුමියේ කියලා. ඒ නිහතමානී කම වත් තියෙන්න එපැයි. අපි මේ ඉන්නේ පන්සල් භූමියේ මොකක් හරි විය යුත්තක් තියේ නම් ඒක දීලා සාධාරණත්වයක් තියෙන්න එපැයි.

මෙතන මොන මොන හරි ඔප්පු කෑලි ටිකක් හදාගන්නවා අපි දන්නවනේ ඔප්පු හදන හැටි මේක මේ අමුතු කතාවක් නෙවෙයිනේ. කරුණාකරලා අර ඉදි කිරීම් කරන්න දෙන්න එපා. මේ මිනිස්සු ඇවිස්සෙනවනේ. මේක මැනුම් කටයුතු සිදුකෙරෙනකන් ඉදි කිරීම් කරන්න දෙන්න එපා. මැනුම් කටයුතු සිදු කෙරෙනකන් ඉදි කිරීම් කරන්නේ නැතුව පාඩුවේ ඉන්න. දැන් අපිට බැලූ බැල්මට පේනවනේ සමහර ඉදි කිරීම් කරලා තියනවා යැයි පැවසිය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

91,836 views

21 Comments to “දගලන උන් පැත්තකට වෙලා හිටපන්.. මුස්ලිම් පූජකයන්ට විශේෂ බලයක් දීල නැහැ… නිකං තලා ගන්න ඕන නම් මිනිස්සු ඒක කරයි…- ඤානසාර හිමි දෙවනගල පුදබිම උණුසුම් කරයි..”

  1. Dilshan says:

    උන්වහන්සේ ආවේගශීලි උනේ නෑ…

  2. සිංහලය says:

    ගොන් බයියෝ නානසාර හිමි පාර්ලිමන්ට් එන එක වැලක්වූවා හම්බ කොන්ත්‍රාත් එකට.

  3. sunil says:

    මුස්ලිම් පූජකයන්ට මේකෙ විශේෂ බලයක් දීල නැහැ. මුස්ලිම් පූජකයා දැන ගන්න ඕන මිනිස්සුන්ගේ ආතතිය පාලනය කර ගන්න. දැන් මේ මිනිස්සුන්ට කිව්වොත් වැදපියව් කියල වදිනවා. ගැහු කිව්වොත් ගහනවා. වාඩිවෙයව් කිව්වොත් වාඩිවෙනවා. ඒක තමා අපට තියන බලය. පූජක බලය. පූජක වරයා නිතරම අවුස්සන කෙනෙක් නෙවෙයි. ප‍්‍රශ්නයක් එනව නම් ඒක විසඳ ගන්න සාමුහිකව සාකච්ඡුාවක් දා ගන්න ඕන…….ගොන් බයියෝ නානසාර හිමි පාර්ලිමන්ට් එන එක වැලක්වූවා හම්බ කොන්ත්‍රාත් එකට

  4. Kalana says:

    මෙයාගේ බොරු කට විතරයි, මෙයා බැහැපු ඔක්කොම උන් අල්ල ගත්ත. නවත්තපු එකක් කියන්න බලන්න. අනික යකෝ මෙහෙම දිගටම වෙනවා, මේක අපිට කරදරයක්, සිංහල දේශපාලුව සද්ද නැහැ. කාලකන්නි හැත්ත. නීතියක් කියල එකක් නැද්ද? මුන්ට මොකද මෙච්චර බය හැම එකාම, අර මියන්මාර් වල තමයි කොන්ද පන තියෙන එකම එක නායකයෙක් හිටියේ ලෝකෙටම.

  5. බකට් හැරී says:

    ඔබ වහන්සේ ඔය පන්සල භාර අරගෙන එහි වැඩවසන්න

  6. මමම says:

    පාර්ලිමේන්තුවට තරග කරලා පැරදිලා ජාතික ලැස්තුවටත් පොර කාලා නොන්ඩි උනා වගේ මතකයි.

Main News