දඩය විසිපන්දාහ කල යුතුමයි.. යහපාලනය කියන්නේ කොන්ද පණ නැති එක නොවෙයි..

December 2, 2016 at 8:40 am | lanka C news
දඩය විසිපන්දාහ කල යුතුමයි.. යහපාලනය කියන්නේ කොන්ද පණ නැති එක නොවෙයි..

‘මේක පුදුම රටක්.. මාර්ග නීතී කඩන්නත් රජයෙන් අවසර ඉල්ලනවා’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළොන්නාව සේදවත්ත ප්‍රදේශයේ සුභ සාධක සමීතී සදහා උත්සව භාණ්ඩ ලබා දීමේ උත්සවයකදීය.

‘බස් ඇතුළු අනෙක් ප්‍රවාහන සේවා වර්ජනය කරන්නේ බරපතල මාර්ග නීති උල්ලංඝණය සදහා දඩය රුපියල් 25000 ක් කළ නිසයි. මේක පුදුම රටක් වැරදි කරන්න රජයෙන් අවසර ඉල්ලනවා. විනයානුකූල හා ශිෂ්ඨ සම්පන්න ලෙස රිය පදවනවා නම් මේ ගැන බය වෙන්න ඕනේ නෑ. වමෙන් ඉස්සර කරන්න , වේගයෙන් යන්න , ඉන්ෂුරන්ස් නැතුව යන්න අවසර ඉල්ලනවා. මේ වැඩේ මේ ආකාරයට කරන්න බෑ. ඉස්සෙල්ලාම අපේ රට දියුණු රටක් බවට පත් කරන්න නම් අනිවාර්යයෙන්ම විනය තියෙන්න ඕනේ. අතීතයේදී ලෝකයේ මේ වගේම වැඩිම රිය අනතුරු පැවති රටවල් දෙක තමයි නොර්වේ හා ස්වීඩනය. නමුත් දැන් මේ වෙනකොට තද නීති ගෙනල්ලා අද රිය අනතුරු අඩුම රටවල් බවට පත්වෙලා තියෙනවා. ගත්තු තීරණය හරි කියලා ඔප්පු කරන්න සාධක දෙකක් තියෙනවා. තාම මේ යෝජනාව ගෙනාවා පමණයි. රජයේ වෛද්‍ය ප්‍රවාහන ආයතනයට වෛද්‍ය සහතික ගන්න එන ප්‍රමාණය 100% කින් වැඩිවෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද ලයිෂන් නැතුව රිය පදවපු අය ගොඩක් ඉදලා තියෙනවා මේ රටේ. ඒ විතරක් නෙමෙයි ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට එන ප්‍රමාණය සැලකිව යුතු මට්ටමෙන් අඩුවෙලා තියෙනවා. මේ දේවල් වලින් හැගෙන්නේ යෝජනවා එනවා කියන බයට රියදුරන් විනය ගරුක වෙන්න පටන් අරගෙන තියෙනවා කියන එකයි. නීතිය ගේනවා කිව්ව පමණින්  මෙහෙම විනය ගරුක වෙනවා නම් එය සම්මත වුනාට පස්සේ රියදුරන් විනය ගරුක වේවි. අනතුරු අඩුවේවි, මරණ සංඛ්‍යාව අඩුවේවි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ නීතිය ගේන්න අවශ්‍යයයි. යහපාලනය කියන්නේ කොන්ද පණ නැතිකම් නෙමෙයි. යහපාලනය කියන්නේ නිසි තීන්දු අරගෙන මේ දේවල් ක්‍රියාත්මක කරන එකයි.

– මිනුර රෂාන්ත

0 views

9 Comments to “දඩය විසිපන්දාහ කල යුතුමයි.. යහපාලනය කියන්නේ කොන්ද පණ නැති එක නොවෙයි..”

  1. tdr says:

    YAKO PAARE VINAYA HADANNA KALIN RATE PAARAWAL TIKA HADALA HITU. GON KATA KIYANNE

  2. විසල් says:

    මහත්තයෝ ඔයාලට ඔය නිති වලංගු නැ නේද සැප කාර් ප්‍රාෙඩා් සල්ලි කාරයන්ට මෙි නිතිය වලංගුද විනයක් නැති නිළදාරින් මෙවා පරික්ෂා කරන්නේ අන්තිමට ප්‍රතිඵලය අහිසක බැරි මිනිහා දඩයමට ලක් වෙන එකයි ඔයා මාධ්‍යෙවදියෙක් විදියට ඉදලත් මේ විදියට හිතන එක වැරදියි මුලින්ම රටෙි ලොකු තැන ඉදලා පහලට විනය ක්‍රියාත්මක කරන්න ඔයාලා ආදර්ශමත් වෙන්න දඩ අය කරලා අයවැය හිගය අඩු කරන්න බලන්න එපා

  3. Brisbane says:

    first put up the transportation infrastructure / facilities , then talk about the fine . this is a journey you need to go step by step, its joke for fines 25000 without providing the at least basic systematic infrastructure for transportation

  4. civilian says:

    Mee harako. Thope Konda thiyanne ahinsaka janathawata witharai. Kotinta, thambinta thopi dekata namenawa. Dan penne nada “Sanhindiya” Nadagama

  5. Ruwan says:

    Gas Gemba, If your logic is correct ,implement the death penalty. Then murders , killings and rapes in the country can be minimized or eliminated .At that point your logic is that criminal offences can not be eliminated by implementing death penalty .Why do you have double standards Marrikkar do not think that people in this country are poonac drinking cows.

  6. Alapaluwa says:

    අර්තාපල් අලයකට සමාන මොවුගේ හිස්ගේඩියේ පිරිතිබෙන්නේ තනිකරම ගොම මොකද සිංහල බාෂාව අසුරුවිමට හැකියාවක් ඇති මොවූ වේලාවකට කියන ඒවට මලපනිනවා

  7. daham says:

    ane ooro hama magulakatama kata daanne nathiwa hitu.

  8. kolitha says:

    ..මාර ..රටක් කියන්නේ ….ජනතාවට සේවය කරනවා කියල …ජනතාවට හොම්බෙන් යන්න බදු ගහල , බදු නොගහපු සුපිරි වාහන වල එයාල ජනතාවත් යටකරගෙනම දුවනවා . මතට තිත කියල අපිට කියල එයාල කුඩු බෙදනවා …හොරු අල්ලනවා කියල …පට්ට හොරකම් කරනවා ….ලෙච්චවී ..පාලනය කියල කියනවා ..කතාකරන්න එන ආභාදිතයටත් ගහල එලෝනවා …පාරෙ වාහන වැඩියි කියල වාහන ගේන එක නතර කරනවා…රටේ ජනගහනය වැඩියි කියල ළමයි හදන එකත් නවත්වයි ද දන්නේ නැහැ …හැමෝගෙම සාක්කු වලට සල්ලි දානවා කියල හැමෝමව හිගන්නෝ කරනවා ….යුරෝපයේ නෑයෝ ඉන්නවා පෝලිමේ එන්න කියන ගමන් මකරගෙන් හිගාකනවා ….මේක ..මාර …තැනක් ..තමා …… ..හික් ……

  9. Lanka Host says:

    කොන්දෙ ප්‍රමානෙ අපිට කියල දෙන්න එපා.. අපි දන්නව 😛

Main News