දඩාවතේ යන බල්ලන් රටට බරක්.. වහා ඉවත් කල යුතුයි..
September 30, 2017 at 5:30 pm | lanka C news
ශ්රී ලංකාව තුල මේ වන විට අයිතිකරුවන් නැති සුනඛයින් ලක්ෂ 06ක් පමණ සිටින බව ඇමති පී හැරිසන් සදහන් කරයි.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ ලෝක ජලභීතිකා දිනය වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි.
මෙම සුනඛයන් ප්රමාණය රටට බරක් යයිද කී ඇමති හැරිසන් ජලභීතිකා රෝගී එන්නත් සදහා පමණක් ගිය වසරේදී රජය විසින් රුපියල් මිලියන 460ක් වැය කර ඇති බවද පැවසීය.
මෙම සුනඛයින් ඉවත් කිරීමේ වැඩසටහනක් වහා ක්රියාත්මක කල යුතු බවද ඇමතිවරයා වැඩි දුරටත් එහිදී සදහන් කලේය.