දඩාවතේ යන සුනකයින් නිසා එළුවන්ගේ ජීවිත දැඩි අවධානමක…
August 14, 2018 at 2:06 am | lanka C news
කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඩාවතේ යන සුනකයින් විසින් එළු පට්ටි වෙතට කඩා පැන එළුවන් ඝාතනය කොට ආහාරයට ගැනීම හේතුවෙන් ගැටලු රැසකට මුහණු පැ ඇති බවට එම වැසියන් කියා සිටිති.
කණ්ඩාවලෙයි ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොරක්කන්කාඩු ප්රදේශයේ එළුවන්ට මෙම සුනක අවධානම ඇතිව තිබෙන අතර ඊයේ දිනය තුල පමණක් එළුවන් 09 දෙනෙකු සුනකයින් විසින් මරා දමා ඇති බවට එම වැසියන් කියා සිටිති.
මීට පෙර දිනයන්හීදීද අදාල ප්රදේශයේ එළුවන් 40 දෙනෙකු පමණ සුනකයින් විසින් මරා දමා කෑමට ගෙන ඇති බැවින් අදාල දඩාවතේ යන සුනකයින් ඇල්ලීමට ඉක්මන් ක්රියාමාර්ගයක් ගන්නා ලෙසට ගම්වාසීන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
සුනකයින් විසින් එළුවන් කා දැමීම හේතුවෙන් රුපියල් ලක්ෂ 20 කට වැඩි මුදලක් වටිනාකමකින් යුතු එළුවන් තමන්ට අහිමි වී ඇති බවට එළුවන් භාර හිමියන් කියා සිටිති.
මේ හේතුව නිසා ගම්මානයේ සියලුම එළුවන් විනාශ වී යාමේ අවධානමක් පවතින බැවින් වනජීවි නිලධාරීන් හෝ මැදිහත් වී දඩාවතේ යන සුනකයින් අල්ලීමේ වැඩසටහනක් ක්රියාවට නංවන ලෙසට එම ගම්වාසීන් වැඩි දුරටත් ඉල්ලා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
උතුරේ මෙලෙච්චේද LTTE ත්රස්තවාදීන් සැමරීමේ සාපයට බල්ලෝ ගම්වැසියන්ට දෙන දඩුවම් ..හික්…හික්…
ඒ අසරණ බල්ලන්ට ආහාර ටිකක් නොදෙන නිසානේ උන් ඒ වගේ වැඩ කරන්නේ ….උතුරේ ජවත්වන දමිළ මිනිස්සුන්ට හිතක් පපුවක් නැහැ
උතුරේ අයට පුලුවන් මේ බල්ලන් යෝදා ආවා කල්ලි වනසන්න