දඩුකැලේ වත්තෙන් කොරෝනා අසාදිතයන් 16ක් හමුවේ…

December 6, 2020 at 2:18 am | lanka C news
දඩුකැලේ වත්තෙන් කොරෝනා අසාදිතයන් 16ක් හමුවේ…

සංචරණ සිමා පනවා ඇති හැටන් නොටන්බ්‍රිජ් දඩුකැලේ වත්තෙන් (05) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාතියන් 16 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අය අතර , පිරිමි 07 , කාන්තාවන් 09 දෙනෙකු සිටින බවත් , කාන්තාවන් අතර ගැබිණි කාන්තාවක් සහ වයස අවු 16 ට අඩු පාසල් සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු සිටින බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.

(04) දින එම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු එකම පවුලේ තිදෙනෙකු මාතර කඹුරුගමුව නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර ඇති අතර , (05) දිනයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් අතර එකම පවුලේ කිහිපදෙනෙකු සිටින බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

සංචරණ සිමා පනවා ඇති නෝටන්බ්‍රිජ් දඩුකැලේ වතුයායේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් මේ වන විට 26 දෙනෙකු හමුවි ඇති බවත් , අසාදිතයන් හමු වු වතු නිවාස පේලි දෙකේ එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 35 දෙනෙකු ස්වයං නිරෝධනයට යොමු කර ඇත.

එම පොකුරේ ප්‍රථම අසාදිතයා පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ ආශ්‍රිතයෙකු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් වැඩි දුරටත් කියා සිටියේ.

සංචරණ සිමා පනවා ඇති එම වතු යයාට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇත.

මේ අතර වටවල පොලිස් වසමට අයත් අගරකන්ද සහ අග්‍රාඔය යන ප්‍රදේශවල අවු 27 සහ අවු 57 ක  කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකු (05) දින හමුවිමත් සමග අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාල බලප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය අසාදිතයන් 18 දෙනෙකු හමු වි ඇත.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාතියන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු  කිරිමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,338 views
Main News