දඩුවම් දෙන්නේ රණවිරුවන්ට නොවේ.. යුද්දය මුවාවෙන් වෙන අපරාධ කල අයටයි..- චන්ද්‍රිකා

March 26, 2017 at 6:48 pm | lanka C news
දඩුවම් දෙන්නේ රණවිරුවන්ට නොවේ.. යුද්දය මුවාවෙන් වෙන අපරාධ කල අයටයි..- චන්ද්‍රිකා

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගෙන එන පනත මගින් කිසිම අවස්ථාවක රණවිරුවන්ට දඩුවම් ලබා නොදෙන බව චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය පවසයි.

යාපනයේදී පැවති උත්සවයක් අමතමින් ඇය කියා සිටියේ දඬුවම් ලබා දෙන්නේ යුද්ධය මුවාවෙන් වෙනත් වැරැදි සිදු කළ පුද්ගලයින්ට මිස රණවිරුවන්ට දඩුවම් දීමට ආණ්ඩුවට කිසි උවමනාවක් නැති බවත්ය.

රජය කටයුතු කරන්නේ දෙමළ ඩයස්පෝරාවට උවමනා ආකාරයට නොවන බවද ඇය වැඩි දුරටත් පැවසීය.

243 views
Main News