දඩ මුදල් නොගෙවූ සියළු සිරකරුවන්ට නිදහස.. අචස මුදා හැරේ..

January 9, 2021 at 12:40 pm | lanka C news

දඩ මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාරගතව සිටින සියලුම සිරකරුවන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ ජනාධිපති සමාව යටතේ ඔවුන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව දඩ මුදල් නොගෙවූ නිසා සිරගත කර සිටින සියලුම සිරකරුවන් අද දිනයේම මුදා හැරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

සුළු වැරැදි සිදු කිරීමෙන් සහ දඩ මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් නිදහස් කිරීම සඳහා රජය සාකච්ඡා ආරම්භ කරන ලද්දේ කොරෝනා වෛරස ව්‍යාප්තිය බන්ධනාගාර තුල වේගයෙන් පැතිර යාම පාලනය කිරීම සඳහායි.

15,498 views

4 Comments to “දඩ මුදල් නොගෙවූ සියළු සිරකරුවන්ට නිදහස.. අචස මුදා හැරේ..”

  1. අජානීය ඉස්කූටර් says:

    ඊයේ උසාවියෙදී දඩ ගෙවලා එළියට ආපු එවුන්ට අපරාධේ කියලා හිතෙනවා ඇති

  2. Love nature says:

    මේ අයගේ යහපත් ඉදිරිගමනට රජය උපකාර කල යුතුය.

  3. කාන්තාර පළඟැටියා says:

    ඔව් දැන් හෙමින් හෙමින් දුමින්දට ලංවෙන බව පෙනීයනවා. මේ අවස්ථාව වනවිට රෙනෝ තම ජයග්‍රහණය සදහා ඉතා වැරෙන් පහර දෙමින් සිටිනවා. බයියන් තුෂ්නිම්බූතවී තම ඔලු කක්කා වලවල් වල ඔබාගෙන හඩාවැලපෙනවා.🐃🐃🐃

Main News