දණ ගැස්වූ විදුහල්පතිනිය වෙනුවෙන් ඇමති පලනි තිගාම්බරනුත් පාරට බහී..

January 25, 2018 at 12:40 pm | lanka C news
දණ ගැස්වූ විදුහල්පතිනිය වෙනුවෙන් ඇමති පලනි තිගාම්බරනුත් පාරට බහී..

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් විදුහල්පතිවරියක් දණගැස්වූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දැවන්ත උද්ඝෝෂණයක් හැටන් හිදී පවත්වන බව ජාතික කම්කරු පෙරමුණේ නායක කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි තිගාම්බරම් මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ජනාධිපතිවරයා වහා පියවර ගතයුතු බවයි.

මේ අතර පසුගිය පාලන සමයේදී සෞම්‍යමූර්ති තොණ්ඩමාන් පදනම යොදාගෙන සිදුකළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු පශු සම්පත් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේශ් සඳහන් කළේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යධුරය සෙන්දිල් තොණ්ඩමාන්ට ලබා දීම නරියන්ට කුකුළන් ලබාදීමට සමාන බවයි.

හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් විසින් සිදුකළ මූල්‍ය සම්බන්ධයෙන් නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

– අරුණ රත්නායක

56 views

6 Comments to “දණ ගැස්වූ විදුහල්පතිනිය වෙනුවෙන් ඇමති පලනි තිගාම්බරනුත් පාරට බහී..”

  1. mp says:

    මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා…. මුන් කතා කරන්නේ ප්‍රින්සිපල් කෙනෙක් හින්ද නෙවෙයි… දෙමළ හින්ද… මුන්ගේ තියෙන්නේ දේශපාලන හෝ ගරුත්වය ගැන හෝ ප්‍රශ්නයක් නෙවේ… ජාතිවාදී හින්ද…!!!

  2. sky says:

    ඌවෙත් වතු දෙමළ කලාපයක් ඇතිකිරීමයි මේ උත්සාහය ..මුළු රටම ක්‍රමක් ක්‍රමයන් දෙමල නිජබිමක් කිරීමට මොවුන් උත්සාහ කරනවා
    අපේ රටේ මහා ජාතිය නිදිද ? සිංහලයෙනි අපේ රට අනතුරේ ..මේ ප්‍රශ්න සියල්ලෙන් සිදුකරන්නේ සිංහල බලය නැතිකර දෙමල දේශපාලුවන් බලයට පැමිණීමයි
    දෙමල විද්‍යාල තහනම් කල යුතුයි සියලුම දෙමල ජාතිකයින් අපේ සිංහල ඉගනගත යුතුයි ..ජාතිවාදයට මුල දෙමල භාෂාව අපේ රටේ ක්‍රියාත්මක කිරීමයි
    මේ සිංහල මාතෘ භුමිය ..දෙමළ අවශ්‍ය අය තැමිල් නඩුවට නැවත ආ හැක සුලුජාතිකයින් මේ රටේ ජාතිවාදය පතුරමින් සංහිදියාවට බදාකරයි
    දෙමළ ජාතිවාදය නතර කරනු

  3. sanidu sooriarachchi says:

    හැම වෙලාවේම මෝඩයෝ වගේ ජාතිවාදයක් ඇද ගන්න එපා. මේ චන්ද තුරුම්බු. අනිත් අතින් ඇත්තටම දිගම්බරම් වංචාවෙන් තොරව වැඩ කරන කෙනෙක්, තොන්ඩ හොරෙක්ව, දුෂකයෙක්ගේ නෙවෙයි.

  4. lion says:

    මුන් මිනීමරු කොටින්ට විරුද්දව පාරට බැස්සේ නැහැ දීපල්ලා තවත් සිංහලයන්ගේ ඉඩම් බෙදලා මුන්ට

  5. Perumaal says:

    Kata parissam karaganna ! Jathiwaadayak methan netha! Buddhimathwa kataakarnda MOADAYAA wagea kata arinna epaa!

Main News