දණ ගැසූ විදුහල්පතිනිය ගස් යන හැඩ.. පොලීසිය විදුහල්පනිය ගෙන ගොස් මොලේ පරීක්‍ෂා කරන්න මානසික වෛද්‍යවරයෙකුට පෙන්වයි..[Video]

January 21, 2018 at 11:11 pm | lanka C news
දණ ගැසූ විදුහල්පතිනිය ගස් යන හැඩ.. පොලීසිය විදුහල්පනිය ගෙන ගොස් මොලේ පරීක්‍ෂා කරන්න මානසික වෛද්‍යවරයෙකුට පෙන්වයි..[Video]

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක විසින් දණ ගැස්වූ බවට චෝදනා එල්ල වන පාසැල් ගුරුවරියට මානසික පීඩාවන් දැඩි ලෙස ඇති කිරීමේ අසාධාරණ පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වන්නේ යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි වඩිවෙල් සුරේෂ් පවසයි.

අදාල විදුහල්පතිනිය අද (21) දිනයේ බදුල්ල පොලීසියට කැදවා නැවත වතාවක් මහ ඇමති නිල නිවසටත් ඉන් පසු බදුල්ල මහ රෝහලේ මානසික වෛද්‍යවරයෙක් වෙතත් ඉදිරිපත් කිරීම හේතුවෙන් මේ බවට සැක මතුවන බව මන්ත‍්‍රීවරයා කියා සිටී.

අද දිනයේ බදුල්ල පොලීසිය ඉදිරියේත් මහ ඇමති නල නිවස ඉදිරියේදීන් මන්ත‍්‍රිවරයා ඇතුළු පිරිසක් දැඩි විරෝධතාවයක් එල්ල කලහ.

ඔවුන් කියා සිටින්නේ ඉතා අසාධාරන හා පක්‍ෂග‍්‍රාහී ආකාරයට සිදුවන මෙම පරීක්‍ෂණයෙන් විදුහල්පතිනියට දැඩි මානසික පීඩාවක් ඇති කරවන බවයි.

101 views

20 Comments to “දණ ගැසූ විදුහල්පතිනිය ගස් යන හැඩ.. පොලීසිය විදුහල්පනිය ගෙන ගොස් මොලේ පරීක්‍ෂා කරන්න මානසික වෛද්‍යවරයෙකුට පෙන්වයි..[Video]”

  1. Ada hondama comment eka Wade Wadegen.

Main News