දන්දිනා මැතිනිය කවරාකාරදැයි එතුමියගේ දරුවන්ගෙන් තේරුම් ගත හැකියි..- මොහාන් සමරනායක

November 4, 2021 at 8:40 am | lanka C news
දන්දිනා මැතිනිය කවරාකාරදැයි එතුමියගේ දරුවන්ගෙන් තේරුම් ගත හැකියි..- මොහාන් සමරනායක

රාජපක්ෂ පවුලේ උතුම් මැණියන් ලෙස ගෞරවයට පාත්‍රවන ඩී.ඒ රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බිරිඳ දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය සිහිපත් කරන “උත්තම මාතා ගුණ සමරු පූජා-2021” ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී  (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඇඹිලිපිටිය නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රුවන් පතිරණ මහතා විසින් පස්වැනි වරටත් සංවිධානය කර තිබූ මෙම උත්තම මාතා ගුණ සමරු පූජා උත්සවයේ මුලසුනට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ වැඩම කර සිටියහ.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය මෙහි දී දෝන දන්දිනා සමරසිංහ දිසානායක මෑණියන්ගේ ඡායාරූපයට පළමුව මල් මාලාවක් පැළඳුවාය. අනතුරුව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මල් මාලාවක් පළඳවමින් දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ගුණ සිහි කළාය.

අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන්වන ලොහාන් රත්වත්තේ සහ ජානක වක්කුඹුර මහත්වරු ද මෙහි දී දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වූහ.

දන්දිනා දිසානායක මැතිනියගේ දරුවන්ගෙන් අපට එතුමිය කුමන ආකාරයේ චරිතයක් ද යන්න තේරුම් ගත හැකි යැයි ගුණ සමරු දෙසුම ආරම්භයේ දී ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පෙන්වා දුන්නේය.

“දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය ගැන මම පෞද්ගලිකව දන්නෙ නැහැ. නමුත් එතුමියගේ දරුවන්ගේ දේශපාලන භුමිකාව ගැන මට යමක් විශ්වාසයෙන් යුතුව පැවසිය හැකියි. අපි ගහක කොළයෙන් ගස අඳුනගන්නවා. දන්දිනා දිසානායක මැතිනියගේ දරුවන්ගෙන් අපට එතුමිය කුමන ආකාරයේ චරිතයක් ද යන්න තේරුම් ගත හැකියි. ඕනෑම මනුස්සයකුගේ පළමු පාසල නැතිනම්  පළමු  ගුරුවරයා ඔහුගේ හෝ ඇයගේ මවයි.

දන්දිනා සමරසිංහ දිසානායක මැතිණිය දුර්ලභ සුවිශේෂි කාන්තා චරිතයක් ලෙස අපට නිගමනය කරන්න පුළුවන්. එතුමියගේ සැමියා ඩී.ඒ රාජපක්ෂ මැතිතුමා අපේ රටේ නිදහසින් පසු දේශපාලන සමාජ පෙරළියක් විප්ලවයක් සටහන් කළ 1956 යුග පරිවර්තනයට දායක වූ නියමුවෙක්.

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, දෙවරක් ජනාධිපති ධුරයෙන් පිදුම් ලැබූ වත්මන් අග්‍රාමාත්‍යතුමා මෙන්ම වත්මන් ජනාධිපතිතුමාගේ මව ලෙස ඇය ඉතිහාසයට එක්වෙනවා. එතුමිය අපේ රටට දායාද කළ දරුවන් අපේ රටේ ස්වාධීනත්වයට, සමාජ සාමයට, ස්ථාවරත්වයට කළ මෙහෙවර විශිෂ්ටයි

2015 සිදුවුණ වරද යළි සිදු වුවහොත් මේ රට යටත් විජිතයක් වීම වළක්වන්න බැහැ. එතුමිය රටට දායද කළ දරුවන්ට කළ හැකි ලොකුම උපකාරය මේ ගමන ස්ථිරව ගමන් කිරීමට අප සහය වීම යැයි” මොහාන් සමරනායක මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන්වන ලොහාන් රත්වත්තේ, ජානක වක්කුඹුර, ඇඹිලිපිටිය නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රුවන් පතිරණ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, පැල්වත්ත සීනි කම්හලේ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්‍ර මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

58,722 views

31 Comments to “දන්දිනා මැතිනිය කවරාකාරදැයි එතුමියගේ දරුවන්ගෙන් තේරුම් ගත හැකියි..- මොහාන් සමරනායක”

  1. 0.0069 MIN BIYYO says:

    මාධ්‍ය ඉදිරියට පැමිණ මුළු ලෝකයේම රටවල අඩුපාඩු විවෙිචනය කරන මෙි මොහාන් සමරනායක කියන ගොබිලයාට තමන්ගෙ රටෙි පවතින අනන්තවත් අඩුපාඩු පේන්නෙ නෑ. මෙියකාගෙත් මොළේ මඤ්ඤං වගේ.
    මේ දවස් මේ අම්මා රටේම ජනතාව එකතු වෙලා අනුස්මරණය කරනවා…

    • R. G. says:

      ඒකිත් ඇති මේ බැල්ලිගෙ පුතාලා වගේම. මෝහාන් කියන පරයා අපි දන්නවා උගේ පළමු ගෑනිට කරපු අපරාදේ. දන්දිනා කියන්නේ හෙරක් වෙන්න ඇති, ශිරන්ති අනිත් හෙරී මුන් සේරම හොර හැත්ත. පල වලට

      • මහදැනමුත්තා says:

        රට ගිනි ගනිද්දී මේ හොරු රැල දන්දිනාත් පාරක් හදයි …රටම විකුණගෙන කමින් ජනතාව රවටනවා ..ගිනි ගන්නා රටක කෙලින අමන වැඩ

  2. says:

    Rajapaksalage amma mathak karala mulu ratama pin denawa. Nodakin thopi wage kalakanni. Pal horu rate salli walin sohon hadala rate salli walin pin denda thopita lejja nedda. Duppath minissunge mahajana depola hirakapu thopi rate mahajanathawage wesikili panuwo wela upadinne. Ekath mathaka thiyaganilla..

  3. HUKARIS says:

    Aho khedayaka heti, Dandina yanu Danayath Dinu bava (Danaya Jayagranaya kola, hevath danaya thamams laba gaththa) hangena namaki. Undege munuburu set eka Dan deema aluth kara etha, enam Mahajanayage Depala, thamatama dan pinisa geneemai.

  4. sana says:

    This national level damages could have reduced if condoms were available at Dandina’s time

  5. Sam Fernando says:

    තමන්ගේ ඇඟ බේරා ගන්ඩ තුනේ පන්තියේ කතා කියන්නැතුව ඔතනින් අයින් වෙන්න සමරනායක මහත්තයෝ

  6. 3% ට බය බයියා. says:

    ඩේසි ආච්චි ට නෝ චාන්ස්.මුණුපුරා බේරුවා මැණික් මල්ල මිදුලේ තියලා.

  7. දෝන කතරිනා වගේ ඇති

    • ගුරුළු says:

      පම්පෝරි ගසන ජෝන් ලිවිටෝ සපත්තු දාන ඇගේ මුනුබුරාගේ ,ක්‍රිකට් සෙල්ලම වගේම ආච්චිගේ නමත් ජනතා බදු මුදල් වලින් ප්‍රමෝට් කරනවා වගේ ඔහොම යන් කකුළුවෝ නටන්නේ වතුර උතුරන කම් විතරලු

  8. Jack Daniel says:

    දැන්වත් පිලිගනින් “දෝන” යන නම සිංහල බෞද්ධ නමක් නොවන නමුත් පෘතුගීසි නමක් බව. මහ ලොකු සිංහල බෞද්ධ නම් වලින් පොරවගෙන ඉන්නේ කිතුනුවන් බව.

  9. සිසිල් සුදේශ් says:

    අපි දවසට කීප වතාවක්ම එතුමිය සිහිපත් කරනවා.

  10. Gamaya says:

    The name Dona is giving to people who sold this country to foreigners for their benefits. Can we expect anything else from her children?

Main News